Who is a citizen journalist? Does everyone who blogs and tweets automatically become one? If not, who qualifies? Who judges this on what criteria? And what niche in media and public sphere do citizen journalists fill when compared with salaried journalists working for more institutionalised or mainstream media?
These have been debated for years, and there is no global consensus. They are belatedly being asked and discussed in Sri Lanka, and form the basis of my latest Ravaya column (in Sinhala).
My views were summed up sometime ago in this comment I left on a blog: “Just as journalism is too important to be left solely to full-time, salaried journalists, citizen journalism is too important to be left simply to irresponsible individuals with internet access who may have opinions (and spare time) without the substance or clarity to make those opinions count.”
See also my English language posts on this topic in the past:
7 Aug 2009: Can Citizen Kane and Citizen Journalist join hands in the public interest?
10 June 2008: Who’s Afraid of Citizen Journalists 2: Reflections from Asia Media Summit 2008
3 May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day
‘තමුසෙ කවුද?’
අපේ රටේ පොදු අවකාශයේ, පොදු උන්නතිය උදෙසා පෙරට එන ටික දෙනාට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන පොදු ප‍්‍රශ්නයක්.
තවමත් වැඩවසම් හා අධිපතිවාදී මානසිකත්වයන් කරපින්නා ගත් අපේ සමාජයේ සැබෑ ගති සොබා මැනවින් විදහා පාන්නක් මේ ප‍්‍රශ්නය. එයින් අදහස් කැරෙන්නේ යමකුගේ පැටිකිරිය, සමාජයීය හා අධ්‍යාපනික පසුබිම වඩා වැදගත් බවත්, කැපවීම, උද්‍යොගය හා බැවහර ඥානය එතරම් වැදගත් නැති බවත්.
පුරවැසි මාධ්‍යවේදයේ (Citizen Journalism) නිරත වන ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නයට නිතර මුහුණ දෙනවා. නවීන සන්නිවේදන තාක්‍ෂණයන් හරහා සමාජයේ පොදු ප‍්‍රශ්න ගැන වාර්තාකරණයට, විග‍්‍රහයට හා සන්නිවේදනයට මේ අයට ඇති අයිතිය හා සුදුසුකම් මොනවාදැයි වැඩිපුර ම අසන්නේ මාධ්‍ය ආයතනවල වැටුපට රැකියාව කරන, වෘත්තීය මාධ්‍යවේදීන්. මේ වෘත්තිකයන්, ස්වේච්ඡුාවෙන් කි‍්‍රයා කරන පුරවැසි මාධ්‍යවේදීන් ලෙස බොහෝ විට බලන්නේ අවඥාවෙන්, සැකයෙන් නැතිනම් විමතියෙන්.
පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්. පොදු අවකාශයේ තොරතුරු, රූප, හඬ, වීඩියෝ හා මේවායේ සංකලයන් ඔවුන්ට නිර්මාණය කළ හැකියි.
නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් වුවත් මෙයට සෑහෙනවා.
මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා. පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ.
පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වනවිට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.
වැටුපට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් වෘත්තීමය වන අතර එසේ නොකරන්නවුන් ආධුනික යයි සැළකෙනවා. ඔලිම්පික් තරග මුඵමනින් වෙන් වන්නේ ආධුනික කී‍්‍රඩකයන්ටයි. එයින් ඔවුන්ගේ කුසලතාවය හා කැපවීම අවතක්සේරු වන්නේ නැහැ.
මෙනයින් බලන කල පුරවැසි මාධ්‍යවේදීන් මාධ්‍ය කලාවේ ඔලිම්පික් පරමාදර්ශයන් මූර්තිමත් කරනවා යයි කිව හැකියි. වැදගත් වන්නේ ඔවුන් නිරවද්‍යාතවය, සමබරතාවය හා සදාචාරාත්මක රාමුවක් මත කි‍්‍රයා කරනවා ද යන්නයි.
වෙබ්ගත සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන හැම අයකු ම පුරවැසි මාධ්‍යකරුවකු වන්නේ ද නැහැ. බහුතරයක් දෙනා ගැවසෙන Facebook ජාලය බොහෝ කොට සංවෘත කලාපයක්. එහි විවෘත පිටු යම් තරමක් තිබුණත්, අති විශාල පරාසයකට පිවිසීමට තමන්ගේ ගිණුමක් හා අන් අයගේ අනුමැතිය (friend වීම) අවශ්‍යයි.
සමස්ත වෙබ් අවකාශය සැබෑ ලෝකයේ ඝෝෂාකාරී, ඕනෑ ම කෙනකුට විවෘත පොළකට සම කළහොත්, Facebook එක සාමාජිකයන්ට පමණක් විවෘත, අවසරයෙන් පමණක් පිවිසිය හැකි සමාජශාලා (clubs) වගෙයි.
ක්ලබ් ඇතුළේ සිට රටේ ලෝකයේ ප‍්‍රශ්න ගැන මහ ලොකුවට කථා කරන බොහෝ උදවිය විවෘතව පොදු අවකාශයේ එම අදහස් පවසන්නට පැකිළෙනවා. මෙබඳු ප‍්‍රවණතාවක් Facebook තුළත් තිබෙනවා.
තියුණු සමාජ දේශපාලන දැක්මක් තිබෙන හා මැනවින් අදහස් පැවසීමේ කුසලතාව ඇති මගේ මිතුරෙක් දිනපතා ම පාහේ සිය Facebook කණ්ඩායම තුළ රටේ ප‍්‍රශ්න ගැන ඉතා වැදගත් අදහස් දැක්වීමක් කරනවා. එහෙත් එය ග‍්‍රහණය වන්නේ ඔහුගේ කණ්ඩායමට පිවිසීමේ වරම ලද තුන් හාර සිය දෙනෙකුට පමණයි. (එසේ ස්වයං සීමිතව අදහස් පැවසීමට ඔහුට ඇති අයිතිය මා පිළිගන්නවා.)
පුරවැසි මාධ්‍යකරණයට නම් කොයි කාටත් පෙනෙන මානයේ, විවෘතව සිට තොරතුරු, අදහස් හා රූප බෙදාහදා ගත යුතුයි. විවෘත වෙබ් ‘පොලේ’ ගාල ගෝට්ටිය වැඩි වුවත් පුරවැසි මාධ්‍යවේදීන් එබඳු පොදු අවකාශයේ ම සැරිසරිය යුතුයි. සංවෘත ක්ලබ් ඇතුළේ පඩි කථා හෝ චණ්ඩි කථා කීම සෑහෙන්නේ නැහැ!
Groundviews.org වෙබ් අඩවිය ගැන මා ගිය සතියේ කළ විග‍්‍රහය නොපිළිගත් පාඨකයන් ද සිටිනවා. Groundviews මුඵමනින් ම වෙබ් හරහා ප‍්‍රකාශිත වූවත්, එහි බරපැන උසුලන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් (විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය) වීම සමහරුන්ට ප‍්‍රශ්නයක්.
මා ගරු කරන මගේ විද්වත් මිතුරකු වන සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ Groundviews පුරවැසි මාධ්‍යයක් නොවන බවයි. 2012දී රාවයේ 25වන සංවත්සරය වෙනුවෙන් පළ කෙරුණු ‘ජනමාධ්‍ය සංස්කෘතිය: විවේචනාත්මක ඇගැයීමක්’ ග‍්‍රන්ථයට ලිපියක් ලියමින් ඔහු මෙසේ කියනවා:
“ග්‍රවුන්ඩ්වීව්ස් තමන් හඳුන්වාගන්නේ පුරවැසි මාධ්‍ය කලාවෙන් යුත් වෙබ් අඩවියක් ලෙසිනි. මේ හඳුන්වා ගැනීම තුලින් මූලාශ්‍ර එකකට වැඩි ගණනක් යොදා ගැනීම සහ කරුණුවල සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කිරීම වැනි සාමාන්‍ය මාධ්‍ය කලාවේ වගකීම් ඉටු කිරීමෙන් ඔවුන් තමන් නිදහස් කර ගෙන තිබේ. කෙසේ වුවත්, එය කතුවරුන්ට ගෙවන වැටුප් සහ සැලසුම සහ බෙදා හැරීම සඳහා කර ඇති ආයෝජන වැනි සියළු ම ආකාරවලින් සාමාන්‍ය මාධ්‍යයකි. සැම මාධ්‍යයක මෙන් පල කරන කරුණු සහ මතවාදයන් අනුමත කරන්නේ කර්තෘ කෙනෙක්ය. වෙනස ව්‍යාජ ලෙස පුරවැසි පුවත්පත් කලාවේදී නම ආරූඪ කර ගෙන සම්මාන ලබා ගැනීම ය. මේ පුවත්පතේ එන කරුණු සහ මතවාද බොහෝ විට සපයනු ලබන්නේ සාම්ප්‍රදායික පුවත්පත්වලට නිතර ලිපි සපයන ලේඛක මහත් මහත්මීන්ම ය. පුරවැසි පුවත්පතේ නැත්තේ පුරවැසියන්ය.”
විකල්ප මතවාද හා සංවාද සඳහා ඇති තරම් අවකාශ ලැබේ නම් ධනපති, අධිපති හෝ NGO අනුග‍්‍රහය යටතේ පවත්වා ගෙන යාම එතරම් ලොකු සීමාකාරී සාධකයක් යයි මා නම් සිතන්නේ නැහැ.
වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික හා පොදු සංවාද සුවහසක් දිවා රැයේ සිදුවීම හරහා නූතන තොරතුරු සමාජය අඵත් ආකාරයේ ගෝලීය පරිසරයක් බිහි කරනවා. නිතිපතා වෙබ් භාවිතයේ නියැලෙන බිලියන් 2.7ක් ජනයා ලොව පුරා මේ නව ප‍්‍රපංචයට දායක වනවා. ඉන්ටර්නෙට් හා බද්ධ වන මිලියන් 3ක් පමණ වන ලාංකිකයන් ද මේ ප‍්‍රවාහයේ කොටසක්.
ඔහු පොත නම් කොට ඇත්තේ Chat Republic යනුවෙන්. තොර තෝංචියක් නැතිව අසීමිත දේ ගැන ලිහිල්ව හෝ ගැඹුරින් හෝ ‘චැට්’ කරන නූතන තොරතුරු සමාජය, ඉතිහාසයේ නොතිබූ ආකාරයේ, දේශසීමා ඉක්මවා යන අඵත් ගෝලීය සබැදියාවක් බිහි කරමින් සිටින බව ඔහුගේ අදහසයි.
ආණ්ඩු හා වෙනත් බලාධිකාරයන් කැමති වුණත් නැතත් මෙය සිදු වනවා. (ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් කලෙකට ඉහත මෙය නුවණැසින් දැක අවවාද කළේ ප‍්‍රතිරෝධය දක්වනු වෙනුවට සුක්‍ෂම ලෙස මේ නව ලොවට අනුගත වන ලෙසයි: “Exploit the inevitable!”)
ඇන්ජලෝගේ පොතේ යම් කොටසක් වෙන් කොට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදයේ පැතිකඩ කිහිපයක් විස්තර කරන්නයි. ඔහු ලෝක මට්ටමෙන් විවිධ රටවල අත්දැකීම් විස්තර කරන අතර ශී‍්‍ර ලංකාවෙන් ද උදාහරණ ගන්නවා. නම් වශයෙන් හඳුන්වා දී අදහස් උපුටා දක්වා තිබෙන්නේ සංජන හත්තොටුව හා ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව යන තරුණ සයිබර් කි‍්‍රයාකාරිකයන් දෙදෙනායි.
මෙයට අමතරව සර්වෝදය සංවිධානයේ නව මාධ්‍ය භාවිතය ගම් මට්ටමෙන් ලාංකික සුඵ ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළ විවෘත කරන සැටිත් එහි වාර්තාගතයි. http://chatrepublic.wordpress.com
2013 ජූනි 12දා Chat Republic එළි දැක්වීමට කොළඹ පැවති සංවාදයකට මාත් සහභාගී වුණා. ඇන්ජලෝ එහිදී කීවේ ඕපාදුප (gossip) යනු මානව සමාජයේ පැරණි ම සන්නිවේදන ක‍්‍රමයක් බවයි. අද වෙබ් මාධ්‍ය හරහා එයට නව පණක් හා වේගයක් ලැබී තිබෙනවා.