I return to China’s massive environmental woes in my weekend column in Ravaya broadsheet newspaper (in Sinhala).
Last week, we looked at China’s air pollution problems; today, we discuss serious contamination of food and water caused by widespread pollution unchecked by lack of regulation and local level corruption.
We also compare China’s current experience with Japan’s pollution problems in the 1950s and 1960s. The big difference: democratic system in Japan enabled citizens to effective protest industrial excesses, petition courts and force government to enforce strict regulation. Can this happen in China?
Last week’s column: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ
මුදල් වැඩි වූ පමණට රටක් සංවර්ධනය වේද යන්න කලක සිට කැරෙන විවාදයක්. එහෙත් දුගී දුප්පත්කම තව දුරටත් පවතින්නට ඉඩ හැරීම ද ශිෂ්ට සමාජයක් නොකළ යුතු දෙයක් බව අද පිළි ගැනෙනවා.
අධිවේගී ආර්ථික සංවර්ධනය හඹා යන චීනයේ අද මතුව තිබෙන දරුණු වාත දුෂණය ගැන අප ගිය සතියේ කථා කළා. එයට අමතරව ජලය, භූමිය හා ආහාරපාන දුෂණය වීමේ විශාල අභියෝගයන්ට ද අද චීනය මුහුණ දී සිටිනවා.
පාරිසරික ප‍්‍රශ්න කෙමෙන් ගොඩ නැගී එන නිසා ඒවා වඩාත් ප‍්‍රබලව පෙනෙන්ට පටන් ගත්තේ පසුගිය වසර 10-15 කාලය තුළයි. වාත දුෂණය, ජල දුෂණය, ආහාර වස විසවීම ඇතුඵ මහජන සෞඛ්‍යයට හා ජන ජීවිතයට කෙලින්ම වින කරන පාරිසරික ප‍්‍රශ්න රැසක් ඉතා ප‍්‍රබල ලෙසින් චීනයේ මතු වී තිබෙනවා.
2013 වසර චීන පාරිසරික අර්බුදයන් උඩු දුවන, තීරණාත්මක වසරක් විය හැකියි. මීට සති කිහිපයකට පෙර ෂැංහයි නුවර අසබඩ Huangpu ගංගාවේ දහස් ගණනක් මිය ගිය ඌරන් පාවී එන්නට පටන් ගත්තා. ලෝකයට ම සෞඛ්‍ය තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව ඇති අඵත් කුරුඵ උණ ප‍්‍රභේදයක් මේ දිනවල චීනයේ පැතිරෙමින් තිබෙනවා.
මීට පෙර කුරුඵ උණ, සූකර උණ හා SARS රෝගකාරකය ආදිය මතුවී පැතිර ගියේ චීන සත්ත්ව ගොවිපල වලින් බව තහවුරු වී තිබෙනවා. වසංගත රෝග හා පරිසර දුෂණය ද චීනයේ නිපදවා පිටරට යැවීම දැන් මහා පරිමාණයෙන් සිදු වන හැඩයි.
මේවා හුදෙක් තැන තැන සිදු වන හුදකලා පරිසර දුෂණ නොව ක‍්‍රමීය මට්ටමෙන් සමස්ත ජන ජීවිතය ගිළ ගන්නා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. මේ ගැන චීන මධ්‍යම පාන්තික ජනතාව වඩාත් විවෘතව කථා කිරීම හා ප‍්‍රශ්න කිරීම එරට ඒක පාක්‍ෂික, සංවෘත දේශපාලන ක‍්‍රමයට අද ලොකු ගැට`ඵවක් බවට පත්ව තිබෙනවා.
චීනයේ පාරිසරික ප‍්‍රශ්න යනු වන විනාශය, ජෛව විවිධත්වය හීනවීම ආදී හරිත ප‍්‍රශ්නවලට වඩා මහජන සෞඛ්‍යයට සෘජුව බලපාන, ජීවත්වීමේ හා යහපත් සෞඛ්‍යයට ඇති මානව අයිතියට තර්ජනය කරන ආකාරයේ ප‍්‍රශ්නයි.
චීනයේ බොහෝ ප‍්‍රදේශවල ජලය හා ආහාරවලට රසායනික විෂ ද්‍රව්‍ය මුසුවීමේ බරපතල තත්ත්වයක් අද මතු වී තිබෙනවා.
ලෝකයේ පාරිභෝගික අවශ්‍යතා ලාබයට සපයන්නට දිවා රාති දහස් ගණන් භාණ්ඩ නිෂ්පාදනය කරන චීන කර්මාන්ත ශාලා අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මෙයින් සමහරක් රජයට අයත් අතර තවත් ඒවා විදේශ ආයෝජකයන් විසින් පිහිට වූ ඒවා.
හැකි ඉක්මනට, හැකි තරම් ලාබෙට බඩු නිපදවන්නේ සේවකයන්ට ඉතා අඩු වැටුප් ගෙවමින් හා අපද්‍රව්‍ය කිසිදු සැළකිල්ලකින් තොරව ඉවත දමමින්. මේ කි‍්‍රයා නියාමනය කරන්නට නීති ඇතත් ඒවා හරිහැටි කි‍්‍රයාත්මක වන්නේ නැහැ. නැතිනම් ව්‍යාපාරිකයෝ අදාල නිලධාරීන්ට පගා ගෙවමින් අධීක්‍ෂණය මොට කරනවා. කෙටි කාලීන ලාබ ලැබුණත් මේ නිසා සිදු වන්නේ මුඵ රට ම වස විසෙන් පිරී යාමයි.
චීනයේ වගා කරන කිසිදු ආහාරයක් බය නැතිව කන්නට බැරි බව එරට උගත් ඉහළ මධ්‍යම පාන්තිකයන් දැන් හොඳාකාර දන්නවා. ඇති හැකි අය දැන් බොහෝ කොට (වඩාත් දැඩි පාරිසරික නියාමනයක් තිබෙන) යුරෝපීය රටවලින් ගෙන එන ආහාර පාන වැඩි මිළක් ගෙවා පරිභෝජනය කරනවා. එහෙත් මෙසේ කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි.
චීනයේ ආහාරවලට වසවිස එකතු වන්නේ හුදෙක් පරිසර දුෂණය හරහා වක‍්‍ර ලෙස පමණක් නොවෙයි. අධික ලාභ ඉපයීමේ තන්හාවෙන් මඩනා ලද ඇතැම් ගොවියෝ හා වෙළෙන්දෝ ඕනෑකමින් ම ආහාරවලට නොයෙක් රසායන ද්‍රව්‍ය මුසු කරනවා. ඒවායින් විසවීමට හැකි යයි ඔවුන් දන්නේ හෝ තකන්නේ හෝ නැහැ.
බිළිඳුන්ට දෙන කිරිපිටිවල මෙලමීන් නැමැති රසායනිකයක් හමු වී මහත් කලබැගෑනියක් හටගත්තේ 2008දී. චීනයේ ම කොටසක් වන, එහෙත් නීති කී‍්‍රයාත්මක කිරීම හා නියාමනය අතින් වඩාත් දියුණු වූත් දුෂණ අඩු වූත් හොංකොං විශෙෂ ප‍්‍රදේශයේ සිට ළදරු කිරිපිටි හැකි තාක් චීනයේ සෙසු ප‍්‍රදේශවලට ගෙන යාම ජයට කැරෙනවා. මේ නිසා දැන් එය පාලනය කරන්නට පවා සිදු වෙලා.
ඉසුරුබර හැම චීන පවුලක් ම ජීවත්වීමට වඩාත් හිතකර ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බි‍්‍රතාන්‍යය, හෝ කැනඩාව වැනි රටක අමතර පුරවැසිකම ලබා ගෙන දෙවැනි ගෘහස්ථයක් දැන් සැළසුම් කරනවා යයි පසුගියදා ජාත්‍යන්තර පුවත් සගරාවක් වන ‘ටයිම්’ හෙළි කළා.
එම සගරාවේ චීන වාර්තාකාරිය හැටියට වසර කිහිපයක් එහි වාසය කරන හැනා බීච් (Hannah Beech) කීවේ: ‘මා දන්නා හැම සුපිරි පැළැන්තියේ චීන පවුලකට ම රට හැර දා යාමේ ක‍්‍රමානුකූල සැළැස්මක් තිබෙනවා. එය රටට ද්‍රෝහිවීමක් නොව තමන්ගේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව සඳහා කරන මානුෂික තීරණයක්’.
මෑතදී බේජිං නුවර වෙළඳපොළකදී පිරිපුන් බවින් යුතු දොඩම් ගෙඩි කිහිපයක් මිළට ගන්නට තමා උත්සාහ කළ බවත්, ඒවා අදහා ගන්නට බැරි තරම් තැඹිලි පාටින් යුතු වූ නිසා සමීපව පරීක්‍ෂා කළ බවත් හැනා බීච් වාර්තා කරනවා.
ටිකක් කථා බහා කරද්දී වෙළෙන්දා පිළිගත්තේ මේවාට තැඹිලි පාට ඩයි තවරා ඇති බවයි. ‘බය වෙන්න එපා – කෑවාට හානියක් නැහැ’ ඔහු කියා තිබෙනවා. මෙසේ කීවේ නොදන්නාකමට ද සටකපටකමට ද?
ෂැංඩොං ප‍්‍රාන්තයට ගිය ගමනකදී එහි ඇපල් ගොවියකු සමග කළ කථා බහක් ඇය සිහිපත් කරනවා. ඇය සමග සුහද වූ පසු ඔහු අවවාද කළේ ‘ෂැංඩොං සිට එන ඇපල් කන්න එපා. අපි නොයෙක් රසායන යොදා ගෙන ගෙඩි ඉක්මනින් පුෂ්ටිමත් කරනවා. ඒ වගේ ම තත්ත්ව පාලක නිලධාරීන්ටත් ගතමනාවක් දීලා ඔවුන් නිහඩ කරනවා’ කියායි.
හැනා බීච් මේ වාර්තාව ලිව්වේ හුදෙක් පත‍්‍රකලාවේදීනියක ලෙස පමණක් නොවෙයි. ලාබාල දරුවන් සිටින මවක් ද හැටියටයි. තමන්ගේ දරුවන්ට නොදැනුවත්ව ම වස විස දීමෙන් වළකින්නේ කෙසේදැයි ඇය නිතිපතා විපරම් කරනවා.
‘මගේ දරුවන්ට හා ඔවුන්ගේ පාසලේ සෙසු දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්නට බැහැ. වාත දුෂණය එතරම් ම දරුණු නිසා. අවුරුදු පහේ දරුවෝ වාත දුෂණ දර්ශකයේ අංක ගැන කථා කරන්නට පටන් අරන්. වායු සමනය කළ නිවාස හා පාසල් ගොඩනැගිලි ඇතුලේ කොටු කර ගෙන අප දරුවන් හදනවා. මගේ තුන් හැවිරිදි තවමත් බහ තෝරන දියණිය උගත් මුල් ම චීන වචනයක් වූයේ පරිසර දුෂණයට එම බසෙහි හමු වන යෙදුමයි. කෙතරම් යසඉසුරු තිබුණත් මෙබඳු ජීවන තත්ත්වයක් නිසා පීඩාවට පත් වනවා නම් එහි තේරුමක් ඇත්ද?’
ඇය මෙන් ම මේ ප‍්‍රශ්න මතු කරන චීන දෙමව්පියන් ලක්‍ෂ ගණනක් අද සිටිනවා. ඔවුන්ට දෙන්නට හරිහමන් අවංක උත්තරයක් චීන රජයට නැහැ.
එසේම වඩාත් උගත්, සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ චීන මධ්‍යම පාන්තිකයන් මිලියන් 300කට අධික සංඛ්‍යාවක් පෙර මෙන් නොදන්නාකමේ අන්ධකාරයේ ගාල් කොට තැබිය නොහැකියි. රටේ ලෝකයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.
මේ වසරේ ජනවාරියේ නාගරික ප‍්‍රදේශවල වාත දුෂණය උග‍්‍ර වූ විට ඒ ගැන නිදහසේ තොරතුරු වාර්තා කරන්නට මාධ්‍යවලට බලධාරීන් විසින් ඉඩ දෙනු ලැබුවා. මෙය චීනයේ අඵත් ප‍්‍රවණතාවක්. බොහෝ විට වසංගතයක්, ආපදාවක් හෝ වෙනත් අනතුරක් ගැන සැබෑ තොරතුරු වාර්තාකරණයට චීන කොමියුනිස්ට් පක්‍ෂය හා රාජ්‍ය නිලධාරීන් සීමා දමනවා. එහෙත් ජංගම දුරකථන හා ඉන්ටර්නේට් භාවිතය වඩාත් ප‍්‍රචලිත වෙත් ම මෙබඳු වාරණයන් සාර්ථක නොවන බව දැන් චීන බලධාරීන් තේරුම් අරන්.
අගනුවර හා වෙනත් ප‍්‍රධාන නගරවල පරිසර දුෂණ දත්ත පිළිබඳව සාපේක්‍ෂව යම් විවෘත භාවයක් හටගෙන ඇතත්, සෙසු නගරවල මේ තත්ත්වය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් තිබෙනවා. එනම් තමන්ගේ අකාර්යක්‍ෂමතාවයන් වසා ගන්නට පිණිස පාරිසරික දත්ත නිකුත් කිරීම ප‍්‍රමාද කිරීම හා වසන් කිරීම.
1990 – 2005 වකවානුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් ලෙස 8.7%ක් වූවා. 2013දී 7.5% ක වර්ධනයක් ද 2011 – 2015 පස් අවුරුදු සැළසුම් කාලය තුළ සාමාන්‍ය ආර්ථික වර්ධනය 7%ක් වනු ඇතැයි ද අනුමාන කැරෙනවා. තරමක් වර්ධන වේගය අඩු වී ඇතත් තවමත් චීන ආර්ථිකය යන්නේ අධිවේගී ධාවනයෙන්. එය හරියට පාලනයකින් තොරව කඩා ගෙන බිඳ ගෙන පෙරට යන මකරකු වගේ.
චීනයේ මෙන් අධිවේගී ආර්ථික වර්ධනයක් 1950 – 1970 වකවානුවේ ජපානයේ ද සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුබෑමට පත් වුණු ජපානය පරම්පරාවක් ඇතුළත ආර්ථික වශයෙන් හිස එසවූවත් එහි දැඩි පාරිසරික විපාක අත්වින්දා. චීනය මෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින ජපානයේ මේ විපාකවලට එරෙහිව මහජන උද්ඝෝෂණ නැගී ආ විට එයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වන්නට එරට දේශාපලකයන්ට හා නිලධාරීන්ට සිදු වුණා.
මේ දෙරටේ අධිවේගී වර්ධනයේ ක‍්‍රමවේදයන් සමාන වූවත් පාරිසරික විපාකවලට ප‍්‍රතිචාර දැක්වීමේදී නම් ජපානය චීනයට වඩා ඉතා ජනතාවාදී වූ බව කිව යුතුයි. යස ඉසුරු පතා සියල්ල කැප කිරීමේ කෙටි කාලීන ගිජු බවට ජපන් සමාජය යොමු කරන්නට ජපන් සමාගම් තැත් කළත් එරට රාජ්‍ය නිලධාරීන් හා ස්වාධීන අධිකරණයත්, සැබෑ ජනතා සංවිධානත් එම උත්සාහයට ඉඩ දුන්නේ නැහැ.
Video: Japan’s Lessons on the Economy and the Environment: Our Pollution Experience (Sinhala version)