සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරක‍ෂාව හා ඉන්ටර්නෙට්

Text of my weekly column, printed in Ravaya newspaper on 4 September 2011. This week I take off from the role of social media in fuelling, as well as countering the recent London riots – and discuss how governments, telecom operators and law enforcement authorities should respond to the always on, pervasive connectivity now enabled by mobile phones and other devices.

Tweeting while London burns?

2011 අගෝස්තු 6 සිට 11 වනදා අතර කාලයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඇතුළු නගර ගණනාවක වීදි කලහ කිරීම්, පොදු හා පෞද්ගලික දේපල ගිනි තැබීම් හා කොල්ලකෑම් සිදුවුණා. සාමාන්‍යයෙන් සාමකාමී රටක් ලෙස ප්‍රකට බ්‍රිතාන්‍යයේ මේ සිදුවීම් නිසා එරට පමණක් නොවෙයි මුළු ලෝකය ම කැළඹීමට පත් වුණා. මේ ගැන ප්‍රවෘත්ති වාර්තාකරණය දුර සිට බලා සිටි මගේ වැඩි අවධානය යොමු වුණේ ජංගම දුරකථන සේවා හා ඉන්ටර්නෙට් මාධ්‍යයන් මේ කලහයන්ට බද්ධ වූ ආකාරය ගැනයි.

ඇතැම් කලහකරුවන් තම ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධීකරණයට මේ සන්නිවේදන තාක‍ෂණයන් යොදා ගත් බව සනාථ වී තිඛෙනවා. එහෙත් ඊට වඩා අති විශාල සංඛ්‍යාවක් සාමකාමී ජනයා නීතිය හා සාමය රැකීමටත්, ප්‍රහාරයන්ට ගොදුරු වූ පොදු හා පෞද්ගලික ස්ථාන පිලිසකර කිරීමටත් එම සන්නිවේදන තාක‍ෂණයන් ම යොදා ගත් සැටි ද වාර්තාගතයි. හොදට නරකට දෙකට ම දායක විය හැකි තොරතුරු තාක‍ෂණයන් හා සන්නිවේදන සේවා ගැන අපේ ප්‍රතිචාරය විය යුත්තේ කුමක් ද? ඒවායේ නියාමනය කෙසේ විය යුතු ද?

නීතිය හා සාමය කඩ වූ අවස්ථා වල දැඩි ස්ථාවරයක සිටීමට ඕනෑ ම රටක රජයට සමාජයීය බලපෑම් එල්ල වනවා. ඇති වූ කලහකාරී තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගෝස්තු 11 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. කලහකරුවන්ට එරෙහිව රටේ පවත්නා නීතිය දැඩි සේ ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙමින් ඔහු කියා සිටියේ මේ ගිනි තැබීම්, කොල්ලකෑම්වලට තුඩු දුන් සමාජ හා ආර්ථීක සාධක ගැනත් ගැඹුරින් අධ්‍යයනයකට යොමු වන බවයි.

එම ප්‍රකාශයේදී මේ කලහකරුවන් සන්නිවේදන තාක‍ෂණ හා Facebook, Twitter වැනි වෙබ් මාධ්‍ය (social media) යොදා ගත් ආකාරය ගැනත් ඔහු සදහන් කළා. “කලහකරුවන් වෙබ් මාධ්‍ය භාවිතය හරහා කාර්යක‍ෂම ලෙසින් සංවිධානය වූ බවක් අපට පෙනී ගියා. නිදහසේ තොරතුරු ගලා යාම සමාජයට හිතකර බව ඇත්තයි. එහෙත් එම නිදහස ම සමාජයට එරෙහිවත් යොදා ගත හැකියි. සමාජ විරෝධී පුද්ගලයන් නීති විරෝධී ක්‍රියා සදහා වෙබ් මාධ්‍ය යොදා ගන්නා විට අප එය නතර කළ යුතුයි. ඒ නිසා පොලීසිය, බුද්ධි සේවා ගැන සන්නිවේදන සමාගම් සමග අප කථා කරනවා. ඉදිරියේදී මෙබදු අවස්ථාවල නීතිවිරෝධී ප්‍රචන්ඩ ක්‍රියා ස`දහා වෙබ් අඩවි, දුරකථන සේවා හෝ වෙනත් වෙබ් මාධ්‍ය තාක‍ෂණයන් යොදාගන්නා බව පෙනී ගිය හොත් එයට ඇති ඉඩකඩ නැති කළ හැකිද නැති කළ යුතු ද කියා.”

බ්‍රිතාන්‍යයේ මේ සිදුවීම් වන අතරේ ඊට කිලෝමීටර් දහස් ගණනක් දුර අමෙරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝ නගරයේ තවත් සිදුවීමක් වාර්තා වුණා. BART නමින් හදුන්වන එනුවර දුම්රිය සේවය අගෝස්තු 12 වනදා පැය තුනක් පුරා ජංගම දුරකථන සේවාවල සංඥා දුම්රිය තුළ ඛෙදාහැරීම නතර කළා. ඊට දින කිහිපයකට පෙර පොලීසිය විසින් දුම්රියක් මතට නැගි පුද්ගලයකුට වෙඩි තබා මරා දැමීමට එරෙහිව දුම්රිය මගීන් සාමකාමී විරෝධතාවයක් සැළසුම් කර තිබුණා. BART සේවයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට මහ පිරිසක් එකවර රැස් වුවහොත් සේවා අඩාල විය හැකි බවත්, නීතිය හා සාමය කඩවිය හැකි බවත් කියමින් දුම්රිය බලධාරීන් දුරකථන සංඥා මෙසේ ක්‍රියා විරහිත කළා. මෙයින් කුපිත වූ ඇතැම් මගීන් දිගින් දිගට දුම්රිය සේවයට එරෙහිව විරෝධතා දක්වන්නට පටන් ගත්තා. ඒ අතර නිර්නාමික (Anonymous) නමින් හදුන්වන පරිගණක කි්‍රයාකාරීන් පිරිසක් BART සේවයේ පරිගණකවලට අනවසරයෙන් පිවිසී (hack කොට) බලපෑම් කළා.

A call to arms? Or to heal?

මේ සිදුවීම් වලට ආසන්න ම හේතූන් කුමක් වූවත් මෙබදු අවස්ථාවල (උසාවි නියෝගයකින් තොරව) දුරකථන හෝ ඉන්ටර්නෙට් සේවා තාවකාලිකව නතර කිරීමේ අයිතිය පොලීසියට හෝ දුම්රිය පාලකයන්ට හෝ නැති බවට අමෙරිකාවේ ප්‍රකාශන අයිතිය පිළිබ`ද ක්‍රියාකාරිකයන් දැඩි ලෙස තර්ක කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා උද්ඝෝෂණය කරමින් 2011 ජනවාරියේ ඊජිප්තු රටවැසියන් පෙළගැසෙන විට හිටපු ඒකාධිපති පාලක හොස්නි මුබාරක් එරට ඉන්ටර්නෙට්, දුරකථන හා මාධ්‍ය සේවා ක්‍රියා විරහිත කළා. එසේ කළේ සන්නිවේදන ජාලයන් හරහා ක්‍රියාකාරිකයන් මනා සේ සම්බන්ධීකරණය වීම වළක්වන්නටයි. එහෙත් එය අන්තිමේදී මුබාරක්ගේ වසර 30 ක පාලනයේ බිද වැටීම වඩාත් ඉක්මන් කළා. අමෙරිකාවේ එක් නගරයක සිදු වු ප්‍රවාහන සිදුවීම සමස්ත ඊජිප්තු රාජ්‍ය පෙරළිය සමග සැසදිය නොහැකි වුනත්, අවස්ථා දෙකේ ම මූලධර්මය එකයි.

නීතිය හා සාමය හෝ ජාතික ආරක‍ෂාව හෝ රැකීමට යයි කියමින් මහජන සන්නිවේදන සේවා අඩපණ කිරීමට නැතිනම් නතර කිරීමට බලධාරීන්ට නීතිමය හා සදාචාරාමය අයිතියක් ඇත් ද? ඒ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී පාලකයන් කුමන තුලනයන්ට හා අධීක‍ෂණයන්ට නතු විය යුතු ද? තොරතුරු සමාජයේ සීඝ්‍ර ප්‍රගමනය සමග මේ ප්‍රශ්න වඩාත් ප්‍රබල ලෙසින් මතුව එනවා. ලෝකයේ කිසිම රටක් මේ අභියෝගයන්ට මුහුණදීමේ සම්පූර්ණ ක්‍රමවේදයක් තවම සකසා ගෙන නැහැ. අද අවශ්‍ය වන්නේ ආවේගශීලී නොවී, අදාල සියළු පාර්ශවයන් මේ ගැන හොදින් වාද විවාද කිරීමයි. පරිනත ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල හා ශිෂ්ට සමාජවල ස්වභාවය එයයි. එහිදී රාජ්‍යයේ හෝ බලයේ සිටින රජයේ හෝ මතය පමණක් ක්‍රියාත්මක කිරීම සෑහෙන්නේ නැහැ.

බ්‍රිතාන්‍යයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා කතුවරයකු වන ඩේවිඩ් ඩික්සන් (David Dickson) මේ ගැන ඉතා මැදහත් විග්‍රහයක් කරනවා. සන්නිවේදන තාක‍ෂණයේ බල මහිමය හා පොදු සමාජ යහපත තුලනය කර ගැනීමේ අභියෝගයට දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද එක සේ මුහුණ දෙන බව SciDev.Net වෙබ් අඩිවියේ අගෝස්තු 19 වනදා කතුවැකිය ලියමින් ඔහු පෙන්වා දෙනවා.

ඔහු කියන හැටියට:”ඉදහිට ඇතැම් දෙනකු සන්නිවේදන තාක‍ෂණයන් නීති විරෝධී වැඩකට යොදා ගත් පමණින් මුළු තාක‍ෂණයක් ම දෝෂාරෝපණයට ලක් කිරීම හෝ ඒවා සීමා කිරීමට උත්සාහ කිරීම හො`ද නැහැ. තොරතුරු ගලනයේ හා අදහස් ප්‍රකාශනයේ සීමා ඇති කිරීමට එබදු සිද්ධීන් යොදා ගැනීම පරිනත සමාජයකට ගැලපෙන ප්‍රතිචාරයක් නොවෙයි. නවීන සන්නිවේදන තාක‍ෂණයන්ගේ ඉමහත් බලය හ`දුනාගෙන, ඒවා වඩාත් වගකීම් සහිතව යොදා ගන්නේ කෙසේ ද යන්න තීරණය කළ යුතුයි.”

ඩේවිඩ්ගේ කතුවැකිය කියවන විට මට සිහිපත් වූයේ කලකට පෙර රාජ්‍යයට එරෙහිව අරගල කළ මෙරට උදවිය තැපැල් සේවය හා පුවත්පත්වල ලූහු`ඩු දැන්වීම් නිර්මාණශීලි ලෙස තමන්ගේ සන්නිවේදන ස`දහා යොදා ගත් ආකාරයයි.

අයහපත් පුවතක් රැගෙන එන පණිවුඩකරුට පහර දෙන්නට එපා (Don’t shoot the messenger!) යයි ප්‍රකට කියමනක් තිඛෙනවා. සමාජයේ විෂමතා හා අකටයුතුකම් ගැන මාධ්‍ය වාර්තා කරන විට එයින් අපහසුතාවයට පත් වන ඇතැම් අය මාධ්‍යවලට පහරදීම වැරදි ප්‍රතිචාරයක්. සන්නිවේදන තාක‍ෂණයන් හා ඒවා භාවිතා කරන අයගේ කි්‍රයා කලාපය යනු එකක් නොව දෙකක් බවටත්, සංඛ්‍යාත්මකව සුළුතරයක් අතින් සිදුවන තාක‍ෂණික නොපනත්කම් නිසා තොරතුරු සමාජයේ ඉදිරිගමනට වැටකඩුළු බාධක පැනවිය යුතු නැති බවටත් ඩේවිඩ් ඩික්සන් තර්ක කරනවා.

ඩේවිඩ් තවදුරටත් කියන හැටියට: “ලෝකයේ ඕනෑම තැනකට ක්ෂණිකව බද්ධවීමේ හැකියාව ලබා දෙන නූතන සන්නිවේදන තාක‍ෂණයන් අපට ලැබී ඇති දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි. සමාජ යහපතට පමණක් ඒවායේ හැකියාව යොදා ගන්නට අවශ්‍ය නීතිමය, සදාචාරමය හා අධ්‍යාපනික පසුබිම සකස් කිරීම අප කාගේත් ලොකු වගකීමක් වෙනවා. එහිදී ඉතා දැඩි (draconian) නීතිරීතිවලට වඩා අපට අවශ්‍ය වන්නේ නම්‍යශීලී, ප්‍රජාතන්ත්‍රවාදී හා සුමට ප්‍රතිචාරයක්. එමෙන් ම බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නව සන්නිවේදන තාක‍ෂණයන් නියාමනය කරන්නේ කෙසේ ද යන්න ලෝකයේ සෙසු රටවල් ඉතා විමසිල්ලෙන් බලා සිටින බව ද අමතක නොකරන්න.”

විකිලීක්ස් වෙබ් අඩවිය හරහා තම තානාපති නිලධාරීන්ගේ රහස් වාර්තා හෙළිදරවු වන්නට ගත් විට ඇමෙරිකානු රජය මුහුණ දුන් අපහසුතාවයට සමාන තත්ත්වයකට ලන්ඩන් කලහයන්ගේ පසු බි්‍රතාන්‍ය රජය ද පත්ව සිටිනවා. අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු ගලනයේ මානව අයිතීන්ට දශක ගණනක් තිස්සේ සැබැවින් ම කැපවුණු එම රටවල වෙබ් මාධ්‍ය මතු කරන නව අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ගැන ලොකු විවාදයක් සිදු වනවා.

පරිනත ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බි්‍රතාන්‍ය වැනි රටවල හොඳ ලක්ෂණයක් නම් ඕනෑ ම නව ප්‍රතිපත්තියක් හෝ නීතියක් හෝ පුළුල් වශයෙන් ප්‍රසිද්ධ වාද විවාදයට ලක් වීම. අත්තනෝමතිකව කි්‍රයා කරන්නට බලයේ සිටින රජයට හෝ ආරක‍ෂක අංශවලට හැකියාවක් නැහැ. අගෝස්තු 24 වැනිදා ලන්ඩනයේ නගරාධිපති, පාලක කොන්සර්වේටිව් පාක‍ෂික බොරිස් ජොන්සන් වැදගත් ප්‍රකාශයක් කළා. අර්බුදකාරී අවස්ථාවල නව මාධ්‍යවල කි්‍රයාකාරීත්වය පාලනය කිරීමට හෝ තාවකාලිකව නතර කිරීමට හෝ වඩා සූක‍ෂම (smart) ප්‍රතිචාරය වන්නේ ඒවා හරහා සන්නිවේදනය වන තොරතුරු හා මතිමතාන්තර බුද්ධිසේවා මගින් අධ්‍යයනය කිරීම බව ඔහු කියනවා.

ඔහු තම ස්ථාවරය පැහැදිළි කළා: “ලන්ඩනයේ කළහකාරී කි්‍රයාවලට හේතු වූ බහුවිධ සාධක තිඛෙනවා. එමෙන්ම එයට සම්බන්ධ වූ අය විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කළා. ලන්ඩන් පොලිස් අධිකාරීන් සමග මේ ගැන කථා කළ පසු මගේ අවබෝධය නම් අර්බුදකාරී අවස්ථාවක වෙබ් මාධ්‍ය හරහා හුවමාරු වන පණිවුඩ නීරීක‍ෂණය හා විශ්ලේෂණය වඩාත් ප්‍රයෝජනවත් බවයි. ඒ මාධ්‍ය තාවකාලිකව වසා දැමුවහොත් ඒවාට වඩා රහසිගත සන්නිවේදන ක්‍රමවලට කලහකරුවන් යොමු වන්නටත් හැකියි.”

අගෝස්තුවේ ප්‍රචණ්ඩ කි්‍රයා සිදුවන විට ම කලහකරුවන් හඳුනා ගැනීම සඳහා වෙබ් මාධ්‍ය යොදා ගන්නට ලන්ඩන් පොලීසිය උත්සුක වුණා. උදාහරණයක් හැටියට ප්‍රහාරයට ලක් වූ කඩ සාප්පු හා කාර්යාලවල සවිකර තිබූ ආවෘත පරිපථ වීඩියෝ කැමරා (CCTV) වලට හසු වූ ප්‍රහාරකයන්ගේ රූපරාමු පොලීසිය විසින් ත‍කසජනරගජදප නමැති ඡායාරූප හුවමාරු කර ගන්නා ජනපි්‍රය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබුවා. ප්‍රහාරකයන් හඳුනා ගන්නට මහජන උපකාර ඉල්ලා සිටියා.

නමුත් CCTV රූපරාමුවල හසු වී ඇති හැම කෙනකුගේ ම රූප කලහකරුවන්ගේ බව සැක හැර දැන ගන්නේ කෙසේ ද? ඒ මොහොතේ එතැන සිටි වික‍ෂිප්ත වූවත් ද රූපවලට හසු විය හැකියි නේද?

මෙබදු ප්‍රශ්නවලට තවමත් හරිහැටි පිළිතුරු නැහැ. නමුත් තොරතුරු සමාජයේ ප්‍රගමනයත් සමග අර්බුද අවස්ථාවල රජයන්, ආරක‍ෂක සේවාවන් හා තාක‍ෂණවේදීන් ක්‍රියා කරන ආකාරය ගැන තුලනාත්මකව හා ප්‍රවේශමෙන් සිතා බැලිය යුතු බව හා විවාද කළ යුතු බව නම් ඉතා පැහැදිලියි.

Follow

Get every new post delivered to your Inbox.

Join 94 other followers