සිවුමංසල කොලූගැටයා #34: අන්නා හසාරේ පුවත් මාරුතයෙන් ඔබ්බට…

Fasting for a personal or public interest cause is a very old tradition in India. Today, social activists of all colours and hue resort to fasting — but not everyone evokes the same interest and coverage in the media. In a previous column, I looked at how and why the anti-corruption activist Anna Hazare has become the darling of the Indian media. In my latest Ravaya column published on 2 October 2011, I look at two other fasts: one by Swami Nigamananda, who died in June calling for a stop to sand-mining in the Ganges River, and woman activist Irom Sharmila in Manipur who is engaged in the longest fast in the world, 11 years and counting…

Anna Hazare (left) and Irom Sharmila - two very different fasts...


යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා ආහාර පාන ගැනීමෙන් වැළකී උපවාස කිරීම ඉන්දියාවේ ඉපැරණි සම්ප්‍රදායක්. මේ ගැන ක්‍රිස්තු පූර්ව 750 දක්වා අතීතයට දිවෙන සදහන් එරට හමුවෙනවා. දින 3ක් නිරාහාරව සිටීමේ හැකියාව නිරෝගී බොහෝ දෙනකුට ඇතත්, ඉන් පසු ටිකෙන් ටික ශරීර ක්‍රියාකාරකම් අඩපණ වන්නට පටන් ගන්නවා. ආහාර නොගත්තත් වතුර පානය කිරීමෙන් තොරව ශරීරයට ජීව ක්‍රියා පවත්වාගන්නට නොහැකියි.

සමාජයීය හෝ දේශපාලනමය හෝ ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කිරීම අදත් ඉන්දියාවේ බහුලව දැකිය හැකියි. එයට වඩාත් ම ප්‍රකට මෑත උදාහරණය නම් දූෂණයට එරෙහි ජන ක්‍රියාකාරික අන්නා හසාරේ 2011 අප්‍රේල් හා අගෝස්තු මාසවල කළ උපවාසයන්.

ඉන්දියාවේ ටෙලිවිෂන් නාලිකා අති බහුතරයක් පෞද්ගලික හිමිකරුවන් විසින් පවත්වා ගෙන යන වාණිජ මට්ටමේ නාලිකායි. ඒ නිසා බලයේ පවතින රජය නිර්දය ලෙස විවේචනය කිරීමටත්, රාජ්‍ය ප්‍රතිපත්ති විවෘතව සංවාදයට ලක් කරන්නටත් ඉඩ තිඛෙනවා. මේ නාලිකා අතර ප්‍රේක‍ෂකයන් ඇද ගන්නට දැඩි තරගයක් පවතිනවා. හැම නාලිකාවක් ම උත්සාහ කරන්නේ සිද්ධීන් උලූප්පා දක්වමින්, හැම සිදුවීමක් ම ‘Breaking News’ බවට පත් කර ගන්නටයි. එවැන ප්‍රවෘත්ති හැමදාමත් හමු නොවන නිසා ඉ`දහිට මතුව එන හසාරේ වැනි නිර්දේශපාලනීය චරිතයක් වඩා ටෙලිවිෂන් වාර්තාකරුවෝ ඉක්මනින් රොක් වෙනවා. ටික දිනකින් එබදු ජන හිතකාමී චරිත කරන කියන හැම දෙයක් ම පුවත් බවට පත් කර ගන්නවා. මේ තත්ත්වය දිගු කලක් නොපැවතුනත් අද වන විට ඉන්දියාවේ අතිශය තරගකාරී හා බහුවිධ ටෙලිවිෂන්, රේඩියෝ හා වෙබ් අඩවිවලට පුවත් මවන ජනප්‍රියතම ‘පුවත් මාරුතය’ බවට අන්නා හසාරේ පත්ව සිටිනවා.

එහෙත් ඔහුගේ උපවාසයන්ට ලැබුණු ඉමහත් මාධ්‍ය වාර්තාකරණය නොලද පොදු අරගල සදහා සිදු කැරෙන තවත් උපවාසයන් රැසක් ඉන්දියාවේ තිඛෙනවා. උදාහරණ දෙකක් හරහා මේ ගැන කථා කළ හැකියි.

පළමුවන උදාහරණයට අදාල පුද්ගලයා හින්දු පූජකයෙක්. ස්වාමි නිග්මානන්ද (Swami Nigamananda) සිය උපවාසය ඇරඹුවේ 2011 පෙබරවාරි 19 වනදා. එයට නිමිත්ත වූයේ උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් (Haridwar) නගරය අසලින් ගලා යන ගංගා නදියේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම නතර කරන ලෙස ඉල්ලීම. හිමාලයෙන් ඇරඹී ගලා ගෙන එන ගංගා නදිය ඉන්දු-ගංගා තැන්නට මුල්වරට ප්‍රවේශ වන්නේ හරිද්වාරයේදී. ඒ නිසා එහිදී ග`ගට කරන පාරිසරික හානිය කිලෝමීටර් 2,525ක් දිග නදියේ ගලා යාමට අතිශයින් බලපානවා. හරිද්වාරයේ මෛත්‍රී සදාන් ආශ්‍රමයේ නේවාසික වූ මේ පරිසර හිතකාමී ස්වාමීවරයා සිය සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් මෙන් ම වැලි ගොඩ දැමීමේ නිරත වූවන්ගෙන් ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් ඒ ඉල්ලීම ගැන තැකීමක් කළේ නැහැ. ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ මාධ්‍යවලින් ද මේ ගැන අවධානයක් යොමු වුණේ නැහැ. අප්‍රේල් 30 වනදා ප්‍රාන්ත බලධාරීන් ඔහුව බලහත්කාරයෙන් රෝහල් ගත කළත් එහිදීත් ඔහු කිසිවක් ආහාරයට ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කළා. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය වෙනස් වූයේ නැහැ. දින 115ක උපවාසය අවසන් වූයේ ජුනි 14 වනදා ඔහු මිය යාමෙන්.

ඔහුගේ මරණය ඉන්දියානු ටෙලිවිෂන් මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක් වූවත් එය සුළු වේලාවකට පමණයි. ඒ වන විට ඔවුන් (අන්නා හසාරේට අමතරව) ව්‍යාපාරික මට්ටමින් මහා පරිමාණයෙන් යෝග ව්‍යායාම් පුහුණු කරන බාබා රාම්දේව (Baba Ramdev) නම් තවත් හින්දු ස්වාමිවරයකුගේ උපවාසයකට මුල් තැන දෙමින් සිටියා. දූෂණයට එරෙහිව නැගී සිටින චරිතයක් බවට පත්වීමට බාබා රාම්දේව් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔහුගේ සැබෑ අරමුණු ගැනත් පෙර ක්‍රියාකලාපය ගැනත් මාධ්‍යවලට යම් සැකයක් තිබුණා. ඔහුගේ උපවාසය දින 9කින් නිමා කළ අතර ඉන් පසු ඔහු ගැන මාධ්‍ය වාර්තාකරණය එතරම් උත්සන්න වූයේ නැහැ.

හැම නිර්ව්‍යාජ උපවාසයක් ම පුවත් මාරුතයක් බවට පත් වන්නේත් නැහැ. අන්නා හසාරේ ගැන අධ්‍යයනය කරන මාධ්‍ය පර්යේෂකයන් සොයා යන්නේ වෙනත් සාධාරණ උපවාසයන්ට වඩා හසාරේගේ අරගලයට මෙතරම් මාධ්‍ය අවධානයක් යොමුවන්නේ ඇයි ද යන්නයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් අපි සැප්තැම්බර් 18 වනදා කොලමින් විග්‍රහ කළා. අන්නා හසාරේට සූක‍ෂම ලෙස උපදෙස් දෙන මාධ්‍ය උපදේශකයන් සිටිනවා. ඔවුන් වෙළදපොල මාධ්‍ය සමග හොදහැටි ගනුදෙනු කරන්නට දන්නවා. එහෙත් උතුම් අරමුණක් පමණක් නිමිති කර ගෙන, උපක්‍රමශීලි නොවී උපවාස කරන බොහෝ අයට එබදු මාධ්‍ය හැසිරවිමේ හා මාධ්‍යවලට බද්ධවීමේ හැකියාව නැහැ. බැලු බැල්මට මෙය අසාධාරණයක් ලෙස පෙනී යතත් සැබෑ තත්ත්වය එයයි.

මේ ගැන හොද උදාහරණයක් ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක හා “ර්‍ද හින්දු” පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතුවරියක වන කල්පනා ශර්මා (Kalpana Sharma) ගෙන හැර දක්වනවා. ඒ තමයි ඉරෝම් ශර්මිලාගේ (Irom Sharmila) දශකයකට වැඩි කලක් පවතින උපවාසය.

ඉරෝම් ශර්මිලා චානුගේ වයස 39 යි. ඇය ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන මනිපූරයේ මානව හිමිකම් හා දේශපාලන කි්‍රයාකාරිකයෙක්. එමෙන් ම කිවි`දියක්. මිලියන 2.7 ක ජනගහනයක් සිටින, බුරුම දේශසිමාවේ පිහිටි මනිපුරයේ කලක සිට දේශපාලන නොසන්සුන් බවක් හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් පවතිනවා. ඉන්දීය රජය මේ තත්ත්වය පාලනය කරන්නට හමුදා විශේෂ බලතල නීතියක් (Armed Forces Special Powers Act, 1958) යටතේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යනවා. මධ්‍යම රජය මේ ප්‍රාන්තයේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ කරදරකාරීන් පිරිසකගේ අනවශ්‍ය අරගලයක් හැටියටයි. එහෙත් මනිපූර් වැසියන්ට සිය ප්‍රශ්නවලට සාධාරණ විස`දුම් දිගු කලක් තිස්සේ ලැබී නැතුවා පමණක් නොවෙයි දරද`ඩු පරිපාලයක් යටතේ දිවි ගෙවන්නට සිදුව තිඛෙනවා.

මේ නිසා හමුදාවලට දැඩි බලතල දෙන නීතිය නතර කරන ලෙස ඉල්ලා ඉරෝම් ශර්මිලා උපවාසයක් ඇරඹුවේ 2000 නොවැම්බරයේ. එය ඇරඹී දින කිහිපයකට පසු ‘සිය දිවි නසා ගන්නට තැත් කිරීමේ’ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මනිපුරයේ ප්‍රාන්ත අගනගරය වන ඉම්ෆාල් නුවර මහජන රෝහලේදී ඇයට බලහත්කාරයෙන් ආහාර කවනු ලැබුවා. (හින්දු ස්වාමි කෙනකුට වඩා ග‘හි කාන්තාවකට බලෙන් කෑම දීමට සෞඛ්‍ය සේවකයන් ද පෙරට එනවාෟ) මාස ගණනක් මෙසේ අත් අඩංගුවේ රෝහල්ගතව බලෙන් ආහාරපාන දීමට ලක්වන ඇය ඉන් පසු නිදහස් වෙනවා. එවිගස ම ඇය නැවතත් ප්‍රසිද්ධියේ උපවාස කිරීම අරඹනවා. එවිට දින කිහිපයකින් යළිත් අත් අඩංගුවට පත් වන ඇය රෝහල් ගත කොට බලෙන් කෑම බීම ලබා දීමට ලක් වනවා. මේ සිදුවීම් මාලාව චක්‍රාකාරව වසර 11ක් පුරා නොනැවතී ඉදිරියට යන බවත්, ඒ නිසා මෙය ලෝකයේ වැඩි ම කාලයක් පවතින උපවාසය බවත් කල්පනා ශර්මා කියනවා.

Arundhati Roy: "I'd Rather Not be Anna!"

එහෙත් ඉරෝම් ශර්මිලාගේ අරමුණ ගිනස් වාර්තා පිහිටුවීම නොවෙයි. 2004දී හින්දු මූලධර්මවාදී BJP රජය පරාජය වී කොංග්‍රස් ප්‍රමුඛ සභාග රජයක් ඉන්දියාවේ බලයට පත් වුණා. නව රජය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. මේ කමිටුව කරුණු ගවේෂණයෙන් පසු නිර්දේශ කළේ මනිපුරයේ ගෙන යන දරදඩු පරිපාලනය ලිහිල් කොට හමුදා බලතල සීමා කළ යුතු බවයි. එහෙත් මේ නිර්දේශයෙන් වසර 6කට පසුත් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා ඉරෝම් ශර්මිලා සිය උපවාසය දිගට ම කරගෙන යනවා.

“මනිපුරයේ ජනතාවත් ඉන්දියානු රටවැසියෝ. එහෙත් සෙසු රටවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කැරෙන මූලික අයිතිවාසිකම් බොහොමයක් මනිපුර ජනතාවට දිගු කලක සිට ලැඛෙන්නේ නැහැ. මේ දැඩි අසාධාරණය ගැන සෙසු ඉන්දියාවේ අපට එතරම් හැගීමක් හෝ අවබෝධයක් හෝ නැතිවීම ඉතා කණගාටුදායකයි” කල්පනා සිය ලිපියේ එසේ කියනවා.

ඉරෝම් ශර්මිලාගේ තිරසාර අධිෂ්ඨාන ශක්තිය ගැන ගෞරව පූර්වකව මාධ්‍යවල කථා කරන තවත් කෙනෙක් සම්මානනීය ලේඛිකා අරුන්දතී රෝයි (Arundhati Roy). අන්නා හසාරේගේ අරගලය ගැන අරුන්දතී දැඩි විවේචනයක් කරනවා. දූෂණය හා වංචාව පිටු දැකීමට නම් ඉන්දියානු සමාජය පුරා දරුණු ලෙස මුල් බැස තිඛෙන ඇති-නැති පරතරය අඩු කළ යුතු බව ඇය කියනවා. බොහෝ විට දූෂණ හා වංචාවලට මුල් වන්නේ, උල්පන්දම් දෙන්නේ අන්ත දුප්පතුන් නොව අතමිට සරු අය බවත්, ඒ අය සමාජ අසාධාරණකම් දිගට ම පවත්වා ගැනීම හරහා අයථා ප්‍රයෝජන හා වරප්‍රසාද ලබන බවට උදාහරණ සහිතව තර්ක කරනවා.

අරුන්දතී රෝයි ඉන්දියානු රාජ්‍යයේ (state) හෝ බලයේ පවතින රජයේ (government) හිතවතකු නොවෙයි. ඉන්දියානු රාජ්‍යයේ විෂමතා ගැන බරපතල විවේචන ඇය ප්‍රසිද්ධියේ ලියනවා. එබදු දැඩි විවේචකයන්ට ද ඉඩකඩ පැවතීම ඉන්දියාවේ පරිනත ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක‍ෂණයක්. චතුර ලෙස කථා කරන්නට හා සූක‍ෂම ලෙස තර්ක කරන්නට හැකි වීම නිසා ඉන්දියානු විද්්‍යුත් මාධ්‍ය ද ඇයට තැනක් හා කාලයක් දෙනවා. මෙවර සිදු වී ඇත්තේ ඉන්දියන් ටෙලිවිෂන් නාලිකා බහුතරයක අළුත් ම වීරයා බවට පත්ව සිටින අන්නා හසාරේගේ ක්‍රමවේදයන් එම නාලිකාවල ම ජනප්‍රිය චරිතයක් හා පුවත් මවන්නියක වන අරුන්දතී රෝයිගේ නිර්දය විවේචනයට හසුවීමයි!

2011 අගෝස්තු 22 දා The Hindu පුවත්පතේ ලිපියක් ලියමින් ඇරුන්දතී රෝයි අනතුරු ඇගවීමක් කළා. අන්නා හසාරේගේ යෝජිත නීති කෙටුම්පත හා නිර්දේශිත සැළසුම් ඉදිරියට ගියොත් ඉන්දියාවේ දුගී දුප්පතුන්ට තවත් නිලධාරීවාදයකට කර ගසන්නට සිදු විය හැකි බවට. සමාජයක ව්‍යුහාත්මක වෙනස්කම් ඇති නොකොට පැලැස්තර විස`දුම් දීම තුළින් දූෂණය පිටු දැකිය නොහැකි බවත්, වැඩියෙන් ම හඩ නගන අරගලකරුවාට පමණක් සවන්දීම සාර්ථක විසදුම් සොයා යාමේ ප්‍රවේශයක් නොවන බවත් ඈ කියනවා.
ර්‍
“අද දූෂණ හා වංචා සිදුවන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළ පමණක් නොවෙයි. ව්‍යාපාර ආයතනල රාජ්‍ය නොවන ආයතන මෙන් ම මාධ්‍ය ආයතනවලත් විශාල වශයෙන් දූෂණ සිදුවනවා. ඒ ගැන කිසි අවධානයක් යොමු නොකර රාජ්‍ය ෙක‍ෂත්‍රයේ දූෂණය ගැන පමණක් නීතිරීති තද කිරීම හසාරේ ඇතුළු පිරිසගේ උත්සාහයයි. මෙයින් ඉන්දියානු සමාජයේ දූෂණ පිටු දකින්නට බැහැ.” අරුන්දතී තර්ක කරනවා.

ඉන්දියානු සමාජය හා මාධ්‍ය ෙක‍ෂ්ත්‍රය ගැන නෙත් යොමා සිටින මට පෙනෙන්නේ ආවේගශීලි නොවී ප්‍රතිපත්තිමය හා තාර්කික පදනමකින් ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව අන්නා හසාරේට වඩා අරුන්දතී රෝයිට වැඩි බවයි. මේ දෙදෙනාගේ ම පාරිශ=ද්ධභාවය ගැන කිසිදු විවාදයක් නැහැ. එහෙත් වඩාත් ප්‍රායෝගික විසදුම් සෙවීම කළ හැක්කේ කාට ද යන්න ඉක්මනින් ම තෝරා ගන්නට ඉන්දියානු සමාජයට හා මාධ්‍යවලට සිදු වනවා.

සිවුමංසල කොලූගැටයා #32: ඔන්න බබෝ අන්නා එනවා!

This is my weekly column in Sinhala, published in the Ravaya newspaper on 18 Sep 2011. In this, I discuss how India’s prominent anti-corruption activist Anna Hazare uses broadcast television and new media in his advocacy campaigns.

Can this drunken wild beast be tamed by anyone?

අන්නා හසාරේ!

ඉන්දියාව පුරා ම රැව් දෙන නමක් හා ජන ඝෝෂාවක් බවට මේ නම පත්ව තිඛෙනවා. ඔහු තනි සුදු කපු ඇදුමෙන් සැරසුණු, ගාන්ධි තොප්පියක් පැළ`ද ගත්, ඇස් කන්නාඩි සහිත කුඩා මිනිසෙක්. දූෂණයට හා වංචාවට එරෙහිව සමස්ත ඉන්දියාව දෙදරුම් කවන හ`ඩක් බවට මේ පුංචි මිනිහා පත්ව සිටිනවා. ඔහුගේ උපන් නම කිසාන් බාපත් බබුරාවෝ හසාරේ ((Kisan Bapat Baburao Hazare).එහෙත් ජනප්‍රිය හා ජනාදර නාමය අන්නා හසාරේ Anna Hazare.

කලක් ඉන්දියානු යුධ හමුදාවේ ජීප් රියදුරකු ලෙස රැකියාව කළත් ඔහු වඩාත් ප්‍රකට වූයේ ග්‍රාම සංවර්ධනය හා පරිසර සංරක‍ෂණය සදහා ප්‍රජා මට්ටමින් කැප වුණු ක්‍රියාකාරිකයකු හැටියටයි. මහත්මා ගාන්ධිගේ දර්ශනය අනුව යමින් දුගී දුප්පත් ඉන්දියානුවන්ට ආත්ම ගෞරවයකින් යුතු ව හිස ඔසවන්නට අවස්ථා උදා කර දීමයි ඔහුගේ අවසාන ඉලක්කය. එයට මහා බාධකයක් බවට පත් ව තිඛෙන දූෂණයට එරෙහිව ඔහු පොදු ජන යුද්ධයක් ප්‍රකාශ කොට තිඛෙනවා. නීතිමය රාමුව තුළ හරි දේ හරියට කරන්නට රජයට හා ව්‍යාපාරිකයන්ට අවිහිංසාවාදීව බල කිරීමයි ඔහුගේ අරගලයේ අරමුණ.

අන්නා හසාරේ ගැන මා මුලින් ම දැන ගත්තේ 2000 වසරේදී. විද්‍යාව හා පරිසරය සදහා වන මධ්‍යස්ථානය (Centre for Science and Environment, CSE) නම් පර්යේෂණ ආයතනය ආරම්භ කළ මා මිත්‍ර ඉන්දියානු විද්‍යා ලේඛක හා පරිසරවේදී අනිල් අගර්වාල් හසාරේ ගැන මහත් උද්‍යොගයෙන් කථා කළා. හසාරේ සිය ග්‍රාම සංවර්ධන වැඩ පටන් ගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත්‍රයේ රාලේගාන් සිද්ධි (Ralegan Siddhi) ගම්මානයට ගොස් ඒ ක්‍රියාදාමය සමීපව අධ්‍යයනය කළ අනිල්, එහි වැදගත්කම කල් තබා ම තේරුම් ගත්තා.

පරිසරය, සංවර්ධනය හා දූෂණය ගැන ඉන්දියානු අත්දැකීම් පාදක කරගෙන ජාත්‍යන්තර වාර්තා චිත්‍රපටයක් හදන්නට අනිල්ගේ අනුගාමික, වාර්තා චිත්‍රපට අධ්‍යක‍ෂක ප්‍රදීප් සාහාට (Pradip Saha) 2000 දී මා අවස්ථාවක් පාදා දුන්නා. ඒ අනුව ඔහු නිපද වූ Bandits and Backhanders නම් වාර්තා චිත්‍රපටය BBC World ලෝක ටෙලිවිෂන් සේවය හරහා විකාශය වුණා. එහි විනාඩි 6 ක් වෙන් කළේ අන්නා හසාරේ දූෂණයට එරෙහිව එවකට ගම් මට්ටමෙන් කරමින් සිටි උද්ඝෝෂණ ගැනයි.

තමා දූෂණයට එරෙහි වන්නට තීරණය කළේ ඇයි ද යන්න හසාරේ එහිදී පැහැදිලි කරනවා: “අපට ඕනැ වුණේ දුප්පත්කම අඩු කරමින් අපේ ගම්වල ජීවන තත්ත්වය නගා සිටුවන්න. මහ රජය හා ප්‍රාන්ත රජය ග්‍රාම සංවර්ධනයට හා දුගී බව පිටු දකින්නට වෙන් කරන මුදල්වලින් අති විශාල ප්‍රමාණයක් දූෂණය නිසා අතරමගදී කාන්දු වී අතුරුදහන් වන සැටි අපි හො`දාකාර දුටුවා. සංවර්ධන ප්‍රතිපාදන වශයෙන් ලැඛෙන එක රුපියලකින් සත 10 – 12 ක් වත් අන්තිමේදී එය ඉලක්ක කරන ගම්වලට හෝ ගැමියන්ට හෝ ලැඛෙන්න නැහැ. මේ නිසා ගම් දියුණු කරන්නට නම් මුලින් ම දූෂණය පිටු දැකිය යුතු බව අප තේරුම් ගත්තා.”

හසාරේගේ ග්‍රාම සංවර්ධන හා දූෂණ විරෝධී ව්‍යපාරය පන්නරය ලැබුවේ බිම් ප්‍රමාණයෙන් මෙන් ම ජනගහනය අතින් ද ඉන්දියාවේ තුන් වන විශාල ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේදී. (සංසන්දනය සදහා එය ලංකාව මෙන් හතර හමාර ගුණයක් විශාල බිම් ප්‍රමාණයක්. මෙරට ජනගහනය මෙන් පස් ගුණයක් එහි වාසය කරනවා.) හසාරේ ඇතුළු ක්‍රියාකාරිකයන් පිරිස දූෂණයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා දූෂණයට දිරි දෙන අනෙක් අය ගැන කරුණු ගවේෂණය කරනවා. එසේ තහවුරු කර ගත් පසු හසාරේ අනුගාමිකයෝ ඇතුළු අනෙක් ගම්වාසීන් දූෂිත නිලධාරියකුගේ නිවස ඉදිරිපිට මහපාරේ සාමකාමීව බිම වාඩි වී හින්දු භක්ති ගී කියනවා. බැලු බැල්මට ආගමික ක්‍රියාවක් සේ පෙනුනත් මෙයින් සංකේතවත් වන්නේ කුමක් ද යන්න ටික කලකින් හැමෝ ම දැන ගන්නවා. එයින් ඒ පවුල ම ගමේ අවමානයට ලක් වෙනවා.

Anna Hazare: He means business!

සියුම් ලෙසින් මහජන මතය ඇති කරමින් දූෂකයන්ට බලපෑම් කිරීමට ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගත් පියවර, දැන් ජන මාධ්‍ය හා නව මාධ්‍යවල පිහිටෙන් මුළු රටට ම ව්‍යාප්ත කරනවා. දූෂණය ඉන්දියානු සමාජයේ හැම තැන ම පිලිකාවක් සේ පැතිර ඇති බවත්, දූෂිතයන් නම් කිරීමෙන් හා හෑල්ලූවට පත් කිරීමෙන් පමණක් එය මැඩ පැවැත්විය නොහැකි බවත් ඔහු ඉක්මනින් ම තේරුම් ගත්තා. ඒ නිසා දූෂණයට ඉඩ සළසන රාජ්‍ය ප්‍රතිපත්ති, නීති, රෙකුලාසි සහ ක්‍රියාකලාපයන්ගේ ප්‍රබල සංශෝධන ඇති කළ යුතු බවත්, ඒ සටන ගම් මට්ටමේ සිට ඉහළටත්, ජාතික පාර්ලිමේන්තු මට්ටමේ සිට පහළටත් එකවර ජයගත යුතු බවත් ඔහු නිගමනය කළා.

ඉතා සැකෙවින් කියනවා නම් අන්නා හසාරේගේ දූෂණය පිටු දැකීමේ ව්‍යයාමයේ නිමිත්ත එයයි. හසාරේ දූෂණයට එරෙහිව වඩාත් දැඩි නීති ඉල්ලා සිය පළමු සත්‍යග්‍රහය කළේ 2011 අප්‍රේල් මුල සතියේ. දූෂණ හා වංචා විමර්ශනය කිරීමට ඔම්බඩ්ස්මන්වරයකු පත් කරන ලෙස බල කරමින් ඔහු තමන්ගේ ම නීති කෙටුම්පතක් ඉන්දීය රජයට ඉදිරිපත් කළා.

මෙය සාර්ථක වන්නට නම් ලෝකයේ (ජනගහනයෙන්) විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දියාවේ මහජන මතය දූෂණයට එරෙහිව පෙළ ගැස්විය යුතු බවත්, ඒ සදහා ජනමාධ්‍ය අත්‍යවශ්‍ය බවත් හසාරේ දන්නවා. ගමෙන් මතුව ආ සැබෑ ජන ක්‍රියාකාරිකයකු වූවත්, අද වන විට ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන තිඛෙන හසාරේ, මාධ්‍ය චරිතයක් හැටියට ඉන්දියානු ටෙලිවිෂන් නාලිකාවලට නැතුව ම බැරි තත්ත්වයක් උදාවී තිඛෙනවා. රජයට ජන බලපෑම් එල්ල කරන්න ඒ යථාර්ථයෙන් ඔහුත් ප්‍රයෝජන ගන්නවා.

හසාරේගේ සංවිධායකයන් කණ්ඩායම කෙටි කාලයක් ඇතුළත් අති විවිධ වූත් සංකීර්ණ වූත් ඉන්දියානු ජනමාධ්‍ය හා වෙබ් මාධ්‍ය ඉතා හොදින් හසුරුවන්නට සමත්ව සිටිනවා. එහි ප්‍රතිඵලය නම් 21 වන සියවසේ මහත්මා ගාන්ධි ලෙසින් දැවැන්ත ප්‍රතිරූපයක් හසාරේ ගොඩ නගා ගැනීමයි.

2011 අප්‍රේල් 3 – 11 අතර සතියක කාලය තුළ අන්නා හසාරේගේ පළමුවන සත්‍යග්‍රහය ගැන වාර්තාකරණයට වෙන් කරන ලද සමස්ත ටෙලිවිෂන් නාලිකා ගුවන් කාලය පැය 655ක්. එය මිළට ගත්තා නම් වැය වන මුදල ඉන්දියානු රුපියල් බිලියන 1.76 ක් (ලංකා රුපියල් බිලියන් 4 ක් පමණ) බවත් එරට විද්්‍යුත් මාධ්‍ය වෙළදපොල අධ්‍යයනය කරන පර්යේෂණ සමාගමක් ගණන් බලා තිඛෙනවා. නමුත් ඉන්දියාවේ මාධ්‍ය ෙක‍ෂත්‍රය ගැන ස්වාධීනව නිරීක‍ෂණය කරන The Hoot වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ අන්නා හසාරේ ඊටත් වඩා විද්්‍යුත් මාධ්‍යවලට වටිනා සම්පතක් බවයි.

අන්නා හසාරේගේ මාධ්‍ය ප්‍රතිරූපය පවත්වාගෙන යන්නට උපදෙස් දෙන්නේ හිටපු ටෙලිවිෂන් මාධ්‍යවේදීන් පිරිසක්. අළුතෙන් යමක් කියන කරන විට ඒ සදහා උපරිම සජීව ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණයක් ලබා ගත හැකි වේලාවන් හා ස්ථානයන් ගැන ඔවුන් හසාරේට හොද මග පෙන්වීමක් කරනවා. ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගයක් විකාශය වන වේලාවට හෝ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ප්‍රචාරය වන විට හෝ ඔහු කිසි විටෙක මාධ්‍ය අමතන්නේ නැහැ. ඉන්දියාවේ ජාතික සංකේත හා ජාතික වශයෙන් වැදගත් ස්ථාන හා දිනයන් වටා හසාරේගේ බල කිරීමේ ව්‍යාපාරයේ හැම අළුත් පියවරක් ම තබන්නට මේ සන්නිවේදන උපදේශකයන් වග බලා ගන්නවා.

2011 අගෝස්තු 16 වනදා ඔහු අත්අඩංගුවට ගත් විට තව දුරටත් ඔහුගේ සජීව රූප දර්ශන ටෙලිවිෂන් නාලිකාවලට ලබාගත නොහැකි වුණා. එවිට හසාරේ කණ්ඩායම කළේ ඔහුගේ පණිවුඩ රැගත් කෙටි වීඩියෝ YouTube වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කිරීමයි. ඊට අමතරව ජංගම දුරකථන හා Facebook හරහා ඉතා පුළුල් විධියට හසාරේගේ ප්‍රතිරූපය මුල් තැනක තබමින් දූෂණයට එරෙහිව ඉන්දියානුවන් පෙළ ගස්වන්නට ඔවුන් සමත්ව සිටිනවා.

මේ සදහා මුදල් වියදම් කරනවා වෙනුවට හසාරේ කරන්නේ පරිගණක තාක‍ෂණය අතින් හපන් ඉන්දියානුවන්ට ස්වේච්ඡාවෙන් තම කාලය හා කුසලතා ප්‍රදානය කරන ලෙස ඉල්ලීමයි. ‘අපට ඕනෑ හැම ඉන්දියානුවකුගේ ම සාක්කුවේ අන්නා ගෙන යනවා දකින්නටයි’ යනුවෙන් කියන්නේ එසේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන පරිගණකවේදීයකු වන නිශාන්ත් කුමාර් ඩීන්.

මේ පරිගණක හා ජංගම දුරකථන ‘සුනාමිය’ ඇරඹුණේ කරග්පුර්හි ඉන්දියානු තාක‍ෂණ ආයතනය (Indian Institute of Technology Kharagpur) නම් විශ්ව විද්‍යාලයේ පරිගණක සිසුන් අතර. ‘බලවත් උදවිය ඉදහිටවත් ටිකක් සලිත කරන්නට අපිත් ආසයි. ඒත් එයට අපට අවස්ථාවක් ලැඛෙන්නේ කලාතුරකින්’ එහි ශිෂ්‍යයකු වන රිටේෂ් සිං කියනවා.

රාජ්‍ය බලය හා ව්‍යාපාරික බලය තිබුණත් ඇති තරම් උපක්‍රමශීලි නොවීම නිසා ඉන්දියානු රජය මේ දිනවල මාධ්‍ය සබදතා පැත්තෙන් ලොකු පසුබෑමක සිටින බව පාලක කොංග්‍රස් පක‍ෂයේ දැවැන්තයන් ම පිළි ගන්නවා. එහෙත් මහජන ඡන්දයෙන් බලයට පත් වුණු ප්‍රජාතන්ත්‍රවාදී රජයකට මෙසේ ජනමාධ්‍යවල බලය යොදා ගෙන බලපෑම් කිරීමට අන්නා හසාරේට සදාචාරමය හෝ නීතිමය හෝ අයිතියක් ඇත්දැයි ඉන්දියාවේ ඇතැම් දෙනා ප්‍රශ්න කරනවා. හැම දෙයක් ගැන ම මෙසේ දිගින් දිගට වාද කිරිම ඉන්දියානු ජන සමාජයේ ගති සොබාවක්.

අන්නා හසාරේගේ අරගලය ජය ගනීවි ද යන්න හරි හැටි කිව නොහැකියි. එහෙත් එයට අවශ්‍ය ගම්‍යතාවය ජනනය කරන්න හා පවත්වා ගන්න ඔහු උපක්‍රමශීලී බව නම් පැහැදිලියි. අද කාලේ මහත්මා ගාන්ධි ජීවත් වූවා නම් ඔහුත් ජන මාධ්‍ය හා නව මාධ්‍ය තමන්ගේ නිදහස් අරගලයට පුළුල් ලෙස යොදා ගන්නට තිබුණා. පොදු යහපතට සන්නිවේදන තාක‍ෂණයන් යොදා ගැනීමේ වටිනාකම 21 වන සියවසේ සියළු ජනතා ක්‍රියාකාරිකයන් වටහා ගත යුතුයි. එහිදී වෙළදපොලට හා ව්‍යාපාරික ප්‍රජාවට නතු වී තිඛෙන වාණිජමය මාධ්‍ය හා දුරකථන සේවා ඔස්සේ ද මහජනතාවට සමීප වීමට විශාල ඉඩක් ඇති බව හසාරේ හොද හැටි දන්නවා.

ප්‍රදීප් සාහා නිපද වූ වාර්තා චිත්‍රපටය නරඹන්න:

Anna Hazare: India’s Leading Graft-buster does it again!

Anna Hazare: Just Say NO!

This 71-year-old Gandhian is the new face of anti-corruption activism in India.

His name is Kisan Bapat Baburao Hazare, but he is popularly known as Anna Hazare. He is an Indian social activist who is giving voice to mass sentiment against pervasive corruption that has shocked Indian society in recent months.

On 5 April 2011, Anna Hazare started a Satyagraha, or a fast unto death, to pressurise the Government of India to enact a strong anti-corruption law that will establish a Lokpal (ombudsman) with the power to deal with corruption in public offices. The fast led to nationwide protests in support of Hazare. It ended four days laater, on 9 April 2011, with the government agreeing to all of his demands: it issued a gazette notification on formation of a joint committee headed by senior minister Pranab Mukherjee to draft an effective Lokpal Bill.

Anna Hazare has a long involvement in rural development, self reliance and anti-corruption work. In 1991, he launched the Bhrashtachar Virodhi Jan Aandolan (BVJA), or People’s Movement against Corruption.

For more information, I want to share what two Indian journalist friends have produced about this remarkable man.

Kalpana Sharma has written this profile for BBC Online, tracing the man’s progress and the emergence of a popular movement against corruption in India:
Anna Hazare: India’s pioneering social activist

As she notes: “The media attention has encouraged more middle class citizens to come out on the streets holding candles, carrying placards, shouting slogans, singing songs and even fasting in sympathy with Hazare. The numbers are modest but the buzz on social networking sites as well as media attention makes it appear larger.”

This is an extract from a half-hour documentary film that Pradip Saha made for the Centre for Science and Environment (CSE) India in 2000, which looked at the nexus between corruption, environment and natural resource management in India. It ends with this segment on Anna mobilising the grassroots against this scourge.

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers