සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi

Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene

UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant

James P Grant

ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

From Tropical Isle to Frozen Continent: Interview with Imalka de Silva, first Lankan woman in Antarctica

Published in Ceylon Today newspaper, Sunday 10 Feb 2013

Imalka de Silva with Sir Robert Swan in Antarctica, March 2010

Imalka de Silva with Sir Robert Swan in Antarctica, March 2010

In March 2010, Imalka de Silva became the first Lankan woman to visit Antarctica, when she joined an international team who spent two weeks on an expedition to the frozen continent.

The expedition was organized by the non-profit foundation known as 2041 (www.2041.com), which operates the world’s first educational base (E-Base) in Antarctica. Its founder and head is Sir Robert Swan, the first person in history to walk to both the North and South poles.

Swan, now an environmental activist and motivational speaker, introduced Imalka to a packed Colombo audience last November as a promising new environmental activist. She then announced the formation of ‘V4C – We Foresee’, a non-profit entity to champion sustainable leadership initiatives in Sri Lanka.

Imalka invited Lankans to join future visits to Antarctica. “I want more young professionals and people to have that amazing experience, so that they too can champion local environmental initiatives in a global context,” she said.

Imalka, who is currently studying for a PhD in climate economics in Delhi, recently talked to Nalaka Gunawardene about her plans for broadening the horizons of environmental vision and sustainability leadership. She confirmed that a Lankan team is being finalized to visit Antarctica in the coming weeks, during the South Pole’s current summer.

Looking back, what drew you to the Frozen Continent three years ago?

Her vastness and how she holds such capacity as well as her (scientific and environmental) importance.

How did you join 2041’s Antarctic expedition in early 2010?

I believe it was the search to do something meaningful and different at the same time. It was something that challenged me personally, motivated and defined my work differently and also created a platform to witness reality and nature at its best.

How competitive is to get on 2041’s Antarctic expeditions? And how much does it cost, when you do qualify?

I would not say it’s competitive but you need a lot of confidence in yourself, commitment and drive to the work you’re doing and planning to do in the future and patience to go through the entire selection process. The expedition costs US$ 25,000 – 30,000 (all inclusive). [Note: Imalka’s Antarctic trip was fully sponsored by StreamServe, Inc., a company based in Burlington, Massachusetts, and engaged in providing business communication solutions.]

What preparations and acclimatisation did you have to undergo before visiting Antarctica?

The 2041 International Antarctic Expedition (IAE) to me was a combination of adventure, science and capacity building, as a result Rob (Sir Robert Swan) and his team package its contents in such a way to deliver the message and highlight the importance of sustainable leadership, the individual responsibility towards preserving nature’s balance and how one could take on this message, understand it and implement it within their own context.
There were four key elements regarding preparation:
• Fitness – metal and physical was key, experience in hiking and long distance running being a plus.
• Discipline and focus – from your food to understanding what your mission is and why.
• Background knowledge – understanding the history of the continent – since our expedition also involved work on the Antarctic Treaty it was good to know the background, evolution and its geo-politics.
• Science – the climatic importance, nature and its unique wildlife
Preparation before the expedition is a must. However, what is important about IAE is that it also prepares you for what is waiting for you on your return…

When exactly did you visit the Antarctica? What did you do there, and for how long did you stay?

I visited in March 2010. We were exploring the Peninsula and Continent for 14 days. It ranged from exploring, camping on ice, hiking, observing wildlife (e.g. migration patterns, etc.), research, visiting the 2041 education base – the only e-base in Antarctica which is run on renewable energy — lectures and presentation from top sustainability leaders, team work…and lots of laughter!

What were your impressions of the place when the visit ended?

Responsibility in action, the beauty of balance and nature’s truth.

You have been very low key despite becoming the first Lankan woman to visit Antarctica. There was no mainstream media or even social media mention of it until months later. Why?

I believe one has to wait for the right time. I had just started my PhD in 2010 in Delhi, so I was mostly away from home, although behind the scenes, I was working very hard to get Rob to visit Sri Lanka. My mission with V4C (still) was a work in progress since I was waiting patiently for Rob to meet me during his trips to Delhi in 2011 and guide me to ground what I have planned for Sri Lanka.

My aim was also to wait for the right time to make the best and lasting impression, and in this case, a number of factors had to come together. In addition to putting Sri Lanka in to Rob’s supra-busy schedule and getting the local mission finalised, I also had to find a Sri Lankan corporate that understood the meaning of what my mission was and the importance of Rob’s introduction to Sri Lanka re: his work on sustainable leadership. It was critical that they introduced Rob, his work, V4C mission and message in the right way. Thanks to Mr. Dian Gomes and his wonderful team at MAS Holdings and Intimates, it was delivered exactly or even better than what Rob and I envisaged. It was a test of patience and perseverance…

What is your new organisation, V4C? What are your plans?

‘V4C – We Foresee’ works towards championing and celebrating sustainable leadership initiatives in Sri Lanka. We are also working in partnership with 2041 as the coordination unit for IAE in Sri Lanka. Our second project relating to Sustainable Leadership will be launched in April 2013.

You’ve mentioned about a Sri Lanka team to go to Antarctica for the next Expedition in February 2013. Is this happening? Who has been chosen? And on what basis or considerations?

Yes, we have selected a number of participants and since we are focusing on ‘Business and Sustainability’ at present, the team comprises of corporate representatives from Sri Lanka.

The selection starts with nominations and/or an open application process within the companies, the CEO and their teams will then evaluate according to company requirements as well as 2041 criteria and select the final set. These applications are then sent to 2041 for final selection/approval. There is also a possibility of the first Sri Lankan Youth Ambassador joining the team. I will be able to confirm the details (soon) once finalized.

Are you planning to return to Antarctica?

Yes, fingers crossed! I am planning to go there within the next five years with my two colleagues from V4C. This time it will be to highlight and share our experiences in Sri Lanka on sustainable leadership. This is what 2041 does: it creates a platform for learning and knowledge exchange.

Should Sri Lanka, as an Indian Ocean state, take a scientific interest in Antarctic research and exploration – as India and Pakistan already do?

It depends on the priorities we hold as a Nation and why such research would be important to Sri Lanka.

You’ve studied NGO management and yet work for a state entity in Sri Lanka. How do you see you making a difference in Sri Lanka?

I am currently on full-time study reading for my PhD in Climate Economics. I believe working and studying in areas relating to environmental science, socio-economic policies, etc., relating to sustainable development make me understand the different facets of sustainability and how we could promote it in different ways.

For example, the exposure I am getting by working with the private sector is giving me ways of branding sustainability. This enables me to see the best fit, the do-ability and how we could at best engage Sri Lankan young professionals, entrepreneurs and environmental champions to create sustainable initiatives.

So I believe V4C will contribute by bringing in a new perspective and a unique way of looking and working with sustainability. After all, we as a nation have our own story and this has to be incorporated, showcased and celebrated globally.

Interview with Imalka de Silva - Ceylon Today, 10 Feb 2013

සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

Map of Pakistan, courtesy Lonely Planet

In this week’s Ravaya column (in Sinhala), I take a look at rampant conspiracy theories in Pakistan, arguably the most conspiracy-happy country in South Asia. This is partly inspired by my recent visit to Karachi, a strong contender for the title ‘conspiracy capital of the world’.

From weather extremes to food shortages, and from political violence to maternal health, every aspect of life in Pakistan is linked to a ‘foreign conspiracy’ supposedly meant to undermine the nation.

Some of these tall tales provide harmless amusement, while others have dire consequences for public health and safety. I cite two examples: resistance to polio vaccination, and misplaced and widespread fear of iodised salt.

‘හොඳ කුමන්ත‍්‍රණ කථාවකට අපි කවුරුත් කැමතියි!’

මගේ මාධ්‍ය මිතුරකු ළඟදී මට මෙසේ කීවේ මෑතක පටන් අපේ රටේ වඩාත් ප‍්‍රබලව පැතිර යන නොයෙක් අභව්‍ය හා මායාරූපි (ෆැන්ටසි) කුමන්ත‍්‍රණ කථා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටින බව මා පෙන්වා දුන් විටයි.

සමහරුන් කියන හැටියට අපේ දුපතට වින කරන්නට, රජය හා ජන සමාජය අස්ථාවර කරන්නට විජාතික දේශපාලනික හා වාණිජ බලවේග රාශියක් පෙළ ගැසී සිටිනවාලූ. මෙබඳු කථාවලින් ජන සමාජයක මානසික තත්ත්වය ගැන දළ හැඟීමක් ලද හැකියි.

එහෙත් අපේ කුමන්ත‍්‍රණ දුපතටත් වඩා බොහෝ සෙයින් මේ ‘කලාව’ ප‍්‍රගුණ කළ රටක් දකුණු ආසියාවේ තිබෙනවා. ඒ තමයි පාකිස්ථානය. මිලියන් 180ක් පමණ ජනගහනයක් වෙසෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ මේ රට තරම් කුමන්ත‍්‍රණවාදී කථා බිහි කරන, පතුරුවන හා අදහන තවත් රටක් මට නම් හමු වී නැහැ.

පසුගිය සැප්තැම්බරයේ මා කරච්චි නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ පාකිස්ථානයේ කුමන්ත‍්‍රණවාදී මානසිකත්වය නෙතඟ බැල්මක් ලැබුණා.මගතොටේ දී මෙන් ම සරසවි හා විද්වත් සභාවලත් අතිශයින් නිර්මාණශීලි වූ එහෙත් කිසිදු පදනමකින් තොර භීතිකා හා කුමන්ත‍්‍රණ කථා සංසරණය වන හැටි මා දුටුවා.

එහිදී තර්කානුකූල වීම, සාක්ෂි සොයා යාම හෝ වෙනත් බුද්ධිගෝචර ක‍්‍රියාදාමයක් වෙනුවට ලිහිල් හා ආවේගශීලි පදනමක් මත බොහෝ ජනමාධ්‍ය, වෘත්තිකයන්, දේශපාලකයන් හා අනෙකුත් ජනමතය හසුරුවන්නන් ක‍්‍රියා කරනවා.

එරට දේශපාලකයන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හා මැතිවරණ පොරොන්දු ආදිය ගැන කිසිදු විශ්වාසයක් නොතබන උගත් නාගරික ජනයා පවා රටට හා ජාතියට එරෙහි බහුවිධ කුමන්ත‍්‍රණ තිබේ යැයි තරයේ අදහනවා.

සරල එදිනෙදා සිදුවීමක් වූවත් පැය හෝ දින කිහිපයක් ඇතුළත ලෙහෙසියෙන් ම විදේශික බලවේගයක හෝ අදිසි හස්තයක බලපෑමක් හෝ බවට පත් කර ගනු ලබනවා. කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස විග‍්‍රහ කැරෙනවා. එය පසුපස සිටින විජාතික බලවේගය ලෙස වැඩිපුර ම නම් කරනු ලබන්නේ අමෙරිකාව හා ඉන්දියාවයි. මීට අමතරව ඉස්ලාම් විරෝධී යැයි සලකා ඊශ‍්‍රාලයත්, පොදුවේ බටහිර රටවල් මෙන් ම ගෝලීය මට්ටමෙන් වෙළඳාමේ යෙදෙන බහුජාතික සමාගම් ද නිතර කුමන්ත‍්‍රණ චෝදනා ලබනවා.

සොබා දහමේ ක‍්‍රියාවන් පවා මේ කුමන්ත‍්‍රණවාදී කථාවලට හසු වනවා. වෙලාවට වැස්ස නොලැබුණොත් එය පාකිස්ථානය ‘මට්ටු කරන්නට’ දියුණු රටක් කළ ‘කාලගුණ පාඩමක්’. එකවර බොහෝ වැසි ලැබී ගංවතුර ඇති වූ විට එයත් විජාතික ‘කාලගුණ ප‍්‍රහාරයක්’.

මේ කුමන්ත‍්‍රණවාදී කථා එරට ප‍්‍රබල ම ජනමාධ්‍ය වන ටෙලිවිෂන් පුවත් නාලිකාවලට Breaking News සඳහා නිරතුරුව මාතෘකා සපයනවා. එබඳු වාර්තාකරණයේදී මෙබඳු කථා බරපතල ලෙස කියන්නටත් වාද විවාද කරන්නටත් මුකරි බව තිබෙන අන්තවාදී විද්වතුන් (ටෙලි-පණ්ඩිතයන්) රොත්තක් ද බිහිව සිටිනවා.

පාකිස්ථානු සමාජයේ සැබෑ ප‍්‍රශ්න හා විසමතා ගැන නොබියව වාර්තා කරන පුවත් නාලිකා අතර (2012 ඔක් 21දා කොලම බලන්න) මෙබඳු කට කථා, ප‍්‍රබන්ධ කථා හා ප‍්‍රලාප බෙදා හරින නාලිකා ද තිබෙනවා. දුෂමාන ආරංචි තහවුරු කිරීමකින් තොරව කාලීන තොරතුරු ලෙස ප‍්‍රචාරය කිරීම නීතිවිරෝධි නොවූවත් සදාචාර විරෝධි හා සමාජ විරෝධි ක‍්‍රියාවක්. මෙය නියාමනය කරන්නට පාකිස්ථානු රජය ඍජු උත්සාහයක් නොගන්නේ මාධ්‍ය නිදහසට හරස් වීමේ චෝදනාව මතු වන නිසා.

පාකිස්ථානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට විශාල නිදහසක් තිබෙනවා. එහෙත් ඒ නිදහස තුළ වගකීමකින් යුතුව ක‍්‍රියා කරන්නේ සමහර මාධ්‍ය පමණ යි. විශේෂයෙන් ම දේශිය බසින් වාර්තාකරණයේ යෙදෙන නාලිකා සමහරක් කෙටිකාලීන ජනප‍්‍රියත්වය සඳහා කුමන්ත‍්‍රණ රටට බෙදීම සරුවට කරනවා!

පාකිස්ථානයේ සාක්ෂරතාව අඩුයි. පිරිමි අකුරු කියවීමේ හැකියාව 70%යි. කාන්තාවන් අතර එය 46%යි. අධ්‍යාපන මට්ටම් සීමිත වීම නිසාත්, දැඩි වැඩවසම්වාදී සමාජයක් නිසාත්, එරට බොහෝ දෙනකු විචාරශීලි වනවා වෙනුවට ආවේගශීලි වීම දැකිය හැකියි. දැඩි ලෙස ආගම්වාදී වීම පාකිස්ථානු සමාජයේ තවත් ලක්ෂණයක්. එරට ජනමතය හැසිරවීමේ විශාල බලයක් පූජකයන්ට තියෙනවා.

එරට නිර්මාතෘ මොහමඞ් අලි ජින්නා පූජක බලය සීමා කොට රාජ්‍යකරණයේ යෙදුණත්, ඉන්පසුව බලයට පත් වූ (හෝ බලය අල්ලා ගත්) නායකයෝ කෙටි කාලීන වාසි තකා සමාජ සංස්ථා දැඩි ලෙස ඉස්ලාමීයකරණය වන්නට ඉඩ දුන්නා. සියලූ දෙනා නොවූවත් බොහෝ ආගමික නායකයන් රටට හා සමාජයට එරෙහිව බහුවිධ බලවේග පෙළ ගැසී ඇති බවට නිතර මොර ගානවා. කුමන්ත‍්‍රණ අදහන පසුබිම සකස් වන්නේ එලෙසයි.

සමහරක් කුමන්ත‍්‍රණ කථා හුදු විනෝදාස්වාදය සපයන අතර, ඉතිරි ඒවා ජනයා මුලා කරමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට, සෞඛ්‍යයට හා යහ පුරුදුවලට හරස් වනවා. මේ දෙවැනි කාණ්ඩයට අයත් දැඩි සේ ප‍්‍රචලිත වූ කුමන්ත‍්‍රණවාදයක් පෝලියෝ ප‍්‍රතිශක්තීකරණයට සම්බන්ධයි.

Polio vaccinaation in Pakistan - AFP Photo

Polio vaccinaation in Pakistan – AFP Photo

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. පාකිස්ථානයේ 2012 දී වාර්තාගත පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 58යි. http://www.polioeradication.org

මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡ සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත “ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම.

කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා!

මහජන සෞඛ්‍යයට විශාල වශයෙන් බලපාන තවත් පාකිස්ථානු මිථ්‍යාවක් අයඞීන් මිශ‍්‍රිත ලූණු වටා ගෙතී තිබෙනවා.

අයඞීන් අපේ ශරීර ක‍්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් ස‍්‍රාවය කරන හෝමෝන දෙකක් නිපදවීම සඳහා සිරුරට කුඩා පරිමාවලින් අයඞීන් ඕනෑ. මුහුදු මාළු මේ ක්ෂුද්‍ර පෝෂකය ස්වාභාවිකව ලැබෙන හොඳ ප‍්‍රභවයක්. එහෙත් මුහුදු මාළු ලෙහෙසියෙන් හමු නොවන දුර බැහැර ගොඩබිම ප‍්‍රදේශවල වෙසෙන ජනයාට අයඞීන් ඌණතාව හට ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට ලෝක ජනගහනය බිලියන් හතෙන් බිලියන් 2ක් අයඞීන් ඌණතා අන්තරායන්ට මුහුණ දෙනවා. ළමයින් වැඩෙන කාලයේ හරිහැටි අයඞීන් නොලැබීම නිසා ඔවුන් මන්දබුද්ධික විය හැකියි. අයඞීන් ඌණතාව නිසා හට ගන්නා අනෙක් ආබාධය නම් ගලගණ්ඩයයි.

සුළු අමතර වියදමක් දරා විශාල ජන සංඛ්‍යාවකට ලෙහෙසියෙන් අයඞීන් ලබා දීමේ උපක‍්‍රමය ලෙස ලොව පුරා මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැන් පිළි ගන්නේ ලූණුවලට අයඞීන් ස්වල්පයක් එකතු කිරීම. අමෙරිකාවේ අයඞීන් මිශ‍්‍රිත ලූණු අලෙවිය ඇරඹුණේ 1946දී. ගෙවී ගිය දශක කිහිපය තුළ බොහෝ රටවල මෙය හඳුන්වා දී තිබෙනවා.

පාකිස්ථානය අයඞීන් ඌණතාව බහුල රටක්. එරට ජනගහනයෙන් භාගයකට අයඞීන් හරිහැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා දිගුකාලීනව හට ගන්නා දැඩි අලස බව හා අඩු බුද්ධි මට්ටම පාකිස්ථානයේ සමාජ ප‍්‍රගතියට හා ඵලදායීතාවට අහිතකරයි.

එහෙත් “අයිඞීන් මිශ‍්‍රිත ලූණු කන්න එපා!” පාකිස්ථානයේ අන්තවාදීන් ජනතාවට අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ අයඞීන් එකතු කරන්නේ මුස්ලිම් ජනයා අතර වඳබව ඇති කිරීමට බටහිර කුමන්ත‍්‍රණයක් ලෙස බවයි!

කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරන ලොව පිළිගත් මෙබඳු සරල සෞඛ්‍ය පියවරකට පවා පාකිස්ථානයේ අස්ථාන භීතියක් හා ප‍්‍රතිරෝධයක් මතුවීම සෞඛ්‍ය සේවයකයන් කම්පාවට පත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිතය නතර කරන්නට සැළකිය යුතු ජන කොටසක් පෙළඹී සිටිනවා. මෙය සමහර උගත් මධ්‍යම පාන්තික පවුල් අතරත් හමුවන බියකරු ප‍්‍රවණතාවක්.

මේ අස්ථාන භීතියට පසුබිම කුමක් ද?

පාකිස්ථානයේ අධික ජනගහන වර්ධනය දිගු කාලීනව රටට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් ගැන 1995දී විද්‍යාත්මකව තක්සේරු කළ එරට රාජ්‍ය නිලධාරීන්, මාතෘ හා ප‍්‍රජනන සෞඛ්‍යය ගැන ජනයා දැනුවත් කිරීමට විශාල පරිමානයේ සන්නිවේදන දියත් කළා. රජයට අයත් PTV ටෙලිවිෂන් නාලිකාව හරහා කාන්තාවන්ට පෝෂණ හා සෞඛ්‍ය දැනුම සරලව කියා දුන්නා. අයඞීන් නිතිපතා ආහාරයේ තිබීම වැදගත් බව ද කියැවුණා.

එම දර්ශනය අවසානයේ එය නිර්මාණය කළේ රජයේ ප‍්‍රාථමික සෞඛ්‍යය හා පවුල් සැළසුම් පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Primary Health and Family Planning) බව කියැවෙන නාමාවලියක් පෙන්වනු ලැබුවා. අයඞීන් ගැන කථා කොට මොහොතකට පසුව මේ දෙපාර්තමේන්තු නම දිස්වීම නිසා ටික දෙනකු මේ දෙක අනිසි ලෙස සම්බන්ධ කරමින් කුමන්ත‍්‍රණවාදී තර්කයක් මතු කළා.

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy - Network for Consumer Protection)

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy – Network for Consumer Protection)

පවුල් සෞඛ්‍යය යනු පුළුල් විෂයයක්. ළමා හා මාතෘ පෝෂණය, ළමා රෝගවලින් ආරක්ෂා වීම ආදී සංකල්ප සමඟ පවුලක දරුවන් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම හා ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍යය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද එයට ඇතුළත්.

එහෙත් කුමන්ත‍්‍රණවාදියෝ එය පවුල් සෞඛ්‍යය පවුල් සැලසුම් කිරීමට පමණක් ලඝු කොට “ජාතිය කප්පාදු කරන්නට රජය හා විජාතිකයන් ගන්නා උත්සාහයක්” යැයි බොරු බියක් පතුරවනවා. ජන මනස මෙසේ දුෂණය කිරීම හරහා කාන්තාවන් හා දරුවන්ගේ ජීවිතවලට කරන හානිය ගැන කිසිවකු සිතන්නේ නැහැ!

පාකිස්ථානයේ කුමන්ත‍්‍රණ මේනියාව යථාර්ථයෙන් හා වගකීම්වලින් අත්මිදීමේ බොළඳ උත්සාහයක් යැයි එරට ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක අධ්‍යක්ෂවරියක් මට කියා සිටියා. “මේ විකාර කථා වැඩිපුර ම අදහන්නෙත් පතුරු වන්නෙත් පිරිමි උදවිය. ඔවුන් කැමතියි කථාන්තර කියමින් එදිනෙදා කළ යුතු දේ කල් දමමින් වගකීම්වලට මුහුණ නොදී සිටින්න. මේක දැන් වසංගතයක් වෙලා!” ඇය කීවා.

ප්‍රෞඪ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, උගත් මධ්‍යම පාන්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින, අපට වඩා මාධ්‍ය නිදහස තිබෙන පාකිස්ථානයේ මෙබඳු පසුගාමී මානසිකත්වයක් දැඩි ලෙස මුල් බැස ගත්තේ කෙසේ ද?

අනේ අපේ රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපි සාක්ෂරතාවයෙන් හා අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළ, ලෙහෙසියෙන් රවටන්නට බැරි මිනිසුන් වෙසෙන දේශයක්…

සිවුමංසල කොලූගැටයා #54 කුස්සියේ දුම් පටලයෙන් ඔබ්බට…

The 'gas chamber' in every home that rarely draws any attention!

In this week’s Ravaya column, I look at indoor air pollution. This is often a neglected environmental and health issue caused mostly by inefficient cooking stoves that burn biomass. This affects mostly housewives and children who are exposed to kitchen smoke from poor ventilation and badly designed stoves.

In India, smoke from firewood use is estimated to cause half a million premature deaths every year. Studies indicate that indoor air can have more damaging impacts that outdoor air pollution in even some of the most polluted cities. People spend as much as 90% of their time indoors.

The numbers for Sri Lanka are not known, but it is wideapread. We look at not only the extent of the problem, but also attempts to reduce it — through a new fuel efficient cooking stove now on the market, and by improving kitchen ventilation. I cite the example of the rural community in Aranayake, off Mawanella, in Sri Lanka’s Kegalle district where Integrated Development Association (IDEA) has introduced a kitchen improvement project.

අප කන සැටි ලිපා දනී!

මේ අප අතර ප‍්‍රචලිත කියමනක්. උග‍්‍ර වන ජීවන වියදමත් සමග නිතර සිහියට එන කථාවක්. මුළුතැන්ගෙයි ලිප හෙවත් උදුන එතරම් ම අපේ එදිනෙදා ජීවිතයට සමීපයි. අප බොහෝ දෙනකු දිනකට එක් ආහාර වේලක්වත් ගෙදර පිස ගන්නවා. ඊට අමතරව වතුර උණු කරන්නට, බෙහෙත් සිඳ ගන්නට නැතුව ම බැරි උදුනල අප නොදැනුවත්ව අපේ සෞඛ්‍යයට හානි කළ හැකියි. අද කථා කරන්නේ ඒ ගැනයි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009/2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයට අනුව මෙරට නිවෙස්වලින් සියයට 80ක් තවමත් ආහාර පිසීමට ඉන්ධන හැටියට යොදා ගන්නේ දර. (දීපව්‍යාප්ත මට්ටමින් ඉතිරියෙන් සියයට 16ක් LP ගෑස් ද සියයට 2.5ක් භූමිතෙල් ද භාවිත කරනවා. නාගරික ප‍්‍රදේශවල දරවලට වඩා ගෑස් භාවිතයක් තිබෙනවා. වතුකරයේ සියයට 97ක් යොදා ගන්නේ දරයි.) මෙරට ගෘහස්ත ඒකකයක් මාසයකට දර කිලෝ 19.38ක් මිළට ගන්නට රු.104.51ක් වැය කරන බව මේ සමීක්‍ෂණයේ සාමාන්‍ය අගය ලෙස සොයා ගෙන තිබෙනවා. (www.tiny.cc/HIES910)

මේ සංඛ්‍යා දැන් යම් තරමකට වෙනස් වී තිබිය හැකි වුවත් මෙරට බහුතරයක් තවම දර උදුන යොදා ගන්නා බව පැහැදිලියි. ඉන්ධන හා බලශක්ති ගැන කථා කරන විට කාගේත් සිහියට එන්නේ ඛණ්ජතෙල් හා විදුලි බලයයි. එහෙත් මෙරට සමස්ත බලශක්ති භාවිතය සැළකිල්ලට ගත් විට ^Primary Energy Supply& සියයට 48ක් ලබා ගනුයේ ජෛව ඉන්ධන (biomass) ප‍්‍රභවයන්ගෙන්. එහි බහුතරයක් ආහාර පිසීමට දර භාවිතය.

මිලියන් 4ක් පමණ නිවෙස්වල සිදුවන විමධ්‍යගත ඉන්ධන භාවිතයක් නිසාත්, එය වැඩිපුර ග‍්‍රාමීය ප‍්‍රවණතාවක් නිසාත් ඒ ගැන පර්යේෂණ හා විමර්ශන සිදුවන්නේ මඳ වශයෙන්. පර්යේෂකයන්ගේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය එතරම් යොමු වන්නේ ද නැහැ. මෙරට ජෛව ඉන්ධන නැණවත් ලෙස යොදා ගැනීම ගැන වෙනම කථා කළ යුතුයි. අද අප කථා කරන්නේ ගෙදරදොරේ දර ලිපෙන් ආහාර පිසින විට සිදු වන අභ්‍යන්තර වාත දූෂණය (indoor air pollution) ගැනයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරයෙන් ඇති වන වාත දූෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. එහෙත් එයටත් වඩා සමීප හා අහිතකර බලපෑමක් ඇති කරන්නේ කුස්සියේ උදේ සවස ඇති වන වාත දූෂණයයි.

සාම්ප‍්‍රදායික දර ලිප දියුණු කිරීමකින් තොරව වසර දහස් ගණනක් තිස්සේ වැඩි භාවිත වෙනවා. මෙය බොහො දියුණු වන රටවල පවතින තත්ත්වයක්. දර ලිපෙන් කෑම පිසින බිලියන් 3ක් (මිලියන් 3,000 ක්) ලෝකයේ සිටිනවා.

දර ලිප අකාර්යක්‍ෂමයි. එයට යොදන දරවල තාපයෙන් සියයට 90ක් ම අපතේ යනවා. ඒ අතර අසම්පූර්ණ දහනය නිසා හට ගන්නා දුමෙන් විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කරනවා. දර දහනයේදී තරමක වාත දූෂණයක් ඇති වීම වළක්වන්නට බැහැ. විදුලිබලය හා ගෑස් තරම් පවිත‍්‍ර හා කාර්යක්‍ෂම දහනයක් දරවලින් ලබා ගන්නටත් අමාරුයි. එසේ වූවත් බහුලව භාවිතයේ ඇති අකාර්යක්‍ම හා දූෂණකාරක උදුන සෑහෙන දුරට දියුණු කළ හැකියි.

පේරාදෙනිය සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම කියන්නේ සෑම දර කිලෝග‍්‍රෑම් එකකින් ම දහනයේදී කාබන් මොනොක්සයිඞ් ග‍්‍රෑම් 370ක් හා විවිධ රසායනික සංයෝග විශාල සංඛ්‍යාවක් පිට වන බවයි. මේ අතර පිළිකා ජනක සංයෝග ද තිබෙනවා. දරවලින් පිසීමේ කිසිදු වරදක් නැතත්, දර උදුන් භාවිතයේදී හැකි තරම් වාතාශ‍්‍රය ලැබෙන තැනක එය කිරීම ඉතා වැදගත් බව ඔහු කියනවා. (මේ අවවාදය දර උදුන්වලට පමණක් නොවෙයි, භූමිතෙල් හා ගෑස් උදුන්වලටත් අදාලයි.)

දර දුමාරයේ බහුලව අඩංගු වන්නේ ප‍්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා, වාතයේ පාවන අංශුයි (Suspended Particulate Matter හෙවත් SPM). ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට මේ අංශු ශරීර ගත වීමේ දිගු කාලීන විපාක ලෙස රෝගී වන හා අකලට මිය යන සංඛ්‍යව ලෝක මට්ටමින් මිලියන් 2ක් පමණ වනවා. දුගී ජනයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන ප‍්‍රධාන සාධක 5 අතර දර ලිපේ වාත දූෂණය ද වනවා. බෙහෙවින් ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් හා දරුවන්.

කුස්සියේ වාත දූෂණය වින කරන්නේ පෙනහළුවලට හා ශ්වසන මාර්ගයට පමණක් නොවෙයි. දුම් පිරුණු, හරිහැටි වාතාශ‍්‍රය නැති කුස්සිවල දිග කාලීනව වැඩ කිරීමෙන් ඇසේ සුද ඇතිවීම, හෘදයාබාධ, පෙනහළු පිළිකා ආදිය ද හටගත හැකියි. දරවලින් වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම දිගු කාලීනව දර හිග වීමට හා ඒවා ලබා ගන්නා කැලෑබද ප‍්‍රදේශ වඩ වඩාත් හෙළි කිරීමට ද දායක වනවා. දර කඩා ගැනීමට දවසේ පැය ගණනක් ගත කිරීමට ද ගම්බද කාන්තාවන්ට සිදුවනවා.

මේ සියළු හේතු නිසා වඩාත් අරපිරිමැසුම් දායක හා පිවිතුරු දර උදුනක් සැළසුම් කිරීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ අභියෝගයක් පවතිනවා. මේ අභියෝගය හදුනාගෙන දශක කිහිපයක් ගත වී ඇතත් ගෘහනියන් අතර පිළිගැනීමට ලක් වන විධියේ දියුණු කළ දර උදුනක් තවමත් වෙළඳපොලට පැමිණ නැහැ.

දර ප‍්‍රමිතිගත කළ හැකි ඉන්දනයක් නොවෙයි. එය සමාජ ආර්ථික සාධක මෙන් ම සංස්කෘතියට හා චර්යා රටාවලට ද බැදී පවතින දෙයක්. ‘දර’ යටතේ ලොකු කුඩා ලී කැබලි, කෝටු, හනසු, පොල්කටු, වේලාගත් ගොම රිටි ඇතුළු විවිධ ජෛවීය ද්‍රව්‍ය දහනය කරනු ලබනවා. දර උදුනක් වැඩි දියුණු කිරීමේදී මේ විවිධාකාර ඉන්ධන සඳහා එය යෝග්‍ය විය යුතුයි. නව නිපැයුම්කරුවන් මේ යථාර්ථය හදුනාගත යුතුයි.

Anagi stove - trying to improve an ancient practice

සාම්ප‍්‍රදායික දර උදුන නිසා වාත දූෂණයට අමතරව රස්නය මුහුණ ඇතුළු ශරීරයට වැදීම, භාජනය හා අවට දැලිවලින් අපිරිසිදු වීම හා පිඹීම අවශ්‍ය වීම වැනි අතුරු ප‍්‍රශ්න ද තිබෙනවා. මේ අවාසි ඉවත්කොට, ඉහළ කාර්යක්‍ෂම බවක් ලබාදෙන දර අරපිරිමසින අතරම දුම අඩු කරන නව දර උදුනක් පසුගියදා මගේ ‘මාලිමා’ ටෙලිවිෂන් වැඩසටහනෙන් දැක ගන්නට ලැබුණා. කලක් තිස්සේ නව නිපැයුම් රැසක් මෙරටට හදුන්වා දී ඇති නිරංජන් වීරකෝන්ගේ නිෂ්පාදනයක් වන මෙය ල (LAKRO) වෙළඳ නාමයෙන් දැන් වෙළඳපොලේ අලෙවි කැරෙනවා.

සාම්ප‍්‍රදායික දර උදුනේ දුරවලතා රැසක් මග හරවා ගත් මේ නව උදුන සඳහා අඩියක් පමණ දිගට කපා ගත් දර කැබලි හතරක් අවශ්‍ය වනවා. දර අඩු ප‍්‍රමාණයක් වැය වන, පිඹීමට අවශ්‍ය නැති, මුළුතැන්ගෙය අපිරිසිදු නොකරන හා ක‍්‍රියාකාරීත්වයේ ආරක්‍ෂාව ඇති මේ නව දර උදුන පහසුවෙන් තැන තැන ගෙන යාමටත් හැකියි.

නිරංජන්ට අමතරව මෙරට වඩාත් ප‍්‍රශස්ත දර උදුන් හදුන්වා දීම සිදු කළ අවස්ථා හා උත්සාහයන් ගණනාවක් තිබෙනවා 1970 දශකයේ සිට ප‍්‍රවර්ධනය කළ ‘අනගි’ උදුන රාජ්‍ය අංශයේ ද මැදිහත් වීමක් තිබූ නිපැයුමක්. 2008 වසරේ මා විධායක නිෂ්පාදනය කළ ‘2048 ශ්‍රී ලංකාව’ ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකදී (http://tiny.cc/SLAir) අප වාත දුෂණය ගැන කථා කරද්දීත් එය ඉස්මතු කළා.

මහනුවර කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ සංවර්ධන සංගමය (IDEA) මගින් අනගි හදුන්වා දුන්නා. කෑගල්ල, අරණායක ගම්මානයේ මෙය කර ගෙන යන්නේ ගැමි කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට සහය දෙන ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන්.

“මුල් කාලයේදී ගෙවල්වල ළමයින්ට තිබුණු හෙම්බිරිස්සාව වගේ තත්ත්වයන් නිතර බෙහෙත් ගේන්න ගිය තත්ත්වයන් බොහොමයක් දැන් අඩු වෙලා තියෙනවා,” යයි ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ දමයන්ති ගොඩමුල්ල කියනවා.

චිමිනියක් සහිතව හදුන්වා දුන් මෙම ‘අනගි’ උදුනෙන් ආහාර පිසීම කාන්තාවන්ට අලූත් අත්දැකීමක්. සීතා පද්මිණී ගෘහණිය කියන්නේ “ඉස්සර කුස්සිය ඉතින් අපි අඩ අඩා වගේ තමයි උයා ගත්තේ…දැන් ඉතින් දුම ඇතුලට එන්නේ නෑ. චිමිනියෙන් යනවා.”

ඒකාබද්ධ සංවර්ධන මධ්‍යස්ථානයේ ආර් එම් අමරසේකර කියන හැටියට, “දර භාවිතය අඩුවන අතර ම මේ නව උදුන නිසා ඉවීමට ගතවන කාලයත් බාගයකින් පමණ අඩු වනවා. මේ නිසා දුමෙන් බේරීමට මුළුතැන්ගෙයි සිටින අඩු කාලයත් උදවු වනවා.”

ස්වේච්ඡ සංවිධානයක් හැටියට IDEA තමන්ට හැකි පරිදි මේ ප‍්‍රශ්නයට විසදුම් දෙනවා. දිස්ත‍්‍රික් 20ක නියාමක මුළුතැන්ගෙවල් පිහිටුවා මේ සංකල්පය ලක් සමාජයේ ප‍්‍රචලිත කිරීමට ඔවුන් ක‍්‍රියා කරනවා. ගෘහස්ත වාත දූෂණය පිටුදැකීමට නම් වඩාත් කාර්යක්‍ෂම දර උදුන් භාවිතයට ගන්නා අතර මුළුතැන්ගෙයි සැළසුම හරිහැටි නිර්මාණය කර ගැනීමත් වැදගත්. (http://ideasrilanka.org)

“වාහනවල දූෂණය ගැන බොහෝ දෙනා කථා කරනවා. එහෙත් ඒවායේ දූෂණයටත් වඩා දැඩි සේ බලපාන ගෘහස්ත වාත දූෂනයට වැඩිපුර ම මුහුණ දෙන්නේ කාන්තාවන්!” අමරසේකර කියනවා.

මුළුතැන්ගෙයි කාර්යක්‍ෂමතාවයට එහි පිළිවෙලත් බලපානවා. බඩුබාහිරාදිය තබන රාක්ක ආදිය නිවැරදිව ස්ථානගත කිරීම ප‍්‍රයෝජනවත්. උදුන අසල ඇති විවෘත ජනේලයත්, බිත්ති සහ වහළ අතර ඇති ඉඩත් මුළුතැන්ගෙට හොඳ වාතාශ‍්‍රයක් ගෙන එනවා.

පුරාණ කාලයේ ගෘහ සැළසුම්වල දර කුස්සිය තනනු ලැබුවේ ප‍්‍රධාන නිවසට පිටතින්. එහෙත් අද සීමිත ඉඩක නිවාස හදන විට එසේ කිරීම ප‍්‍රායෝගික නැහැ. එහෙත් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ පටන් සැවොම මේ සාධකය සැළකිල්ලට ගත යුතුයි.

“දැන් කාලයේ ගෘහ සැළසුම් කිරීමේදී කුස්සිවලට කුඩා ජනේලයකුත් විසිත්ත කාමරයට විශාල ජනේලත් යොදනවා. මගේ අදහස නම් විශාල ජනේල් අවශ්‍ය කුස්සිවලටයි. කිසි විටෙකත් ජනෙල් වසා ගෙන උදුන් භාවිත නොකළ යුතුයි.” මහාචාර්ය ඉලේපෙරුම අවධාරණය කරනවා.

ගෘහස්ත වාත දූෂණය ගැන බොහෝ සාකච්ඡ සීමා වී ඇත්තේ සිගරට් හා බීඩි දුම් පානය නිසා ඇති වන ද්විතියික දූෂණයට (secondary smoking). කලක් තිස්සේ දැනුවත් කිරීම හා නීති තදකිරීම නිසා දුම්බීමේ ප‍්‍රවණතා යම් තරමකට පාලනය වී ඇතත්, මුළුතැන්ගෙයි නිතර දෙවේලේ සිදු වන හානිකර වාත දූෂණය ගැන සිතන්නේ කීයෙන් කී දෙනා ද?

සිවුමංසල කොලුගැටයා #48: නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

In our age of technology, hundreds of millions of people — most of them poor, and women — are still toiling away in tasks where simple machines or devices could reduce their daily drudgery. Few inventors have bothered with these — probably because the beneficiaries are on the margins of society. Their needs are not a priority for most research institutes or high tech laboratories.

This is the theme of my Ravaya column (in Sinhala) published on 8 Jan 2012, reproduced in full below.It was inspired by, and mostly based on the inaugural Ray Wijewardene memorial lecture delivered by Dr Anil Kumar Gupta, India’s top innovation-spotter, in Colombo on 13 December 2011. He spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality”

It covers the same ground as did my English op-ed essay, published in The Sunday Times on 25 Dec 2011: Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges.

Tea plucking, water fetching and rice transplanting -- three tasks that millions of women do manually everyday...

‘එළිමහනේ එදිනෙදා වැඩකටයුතුවලදී අපට ඉතා ප්‍රයෝජනවත් වන, මිනිස් බලයෙන් දිවෙන තනි රෝදයේ වාහනය කුමක්ද?’

මා පාසල් යන කාලයේ රසවත්ව හා හරවත්ව විද්‍යාව ඉගැන් වූ ගුරුවරයෙකු මේ ප්‍රශ්නය අපට යොමු කළා තවමත් මතකයි. උත්තරය – වීල් බැරෝව නැතිනම් වීල් බැරැක්කය.

මීට සියවස් 24කට පෙර පුරාණ ග්‍රීසියේත්, සියවස් 18කට පෙර චීනයේත් වීල් බැරැක්ක භාවිත වූ බවට සාක්ෂි තිබෙනවා. වීල් බැරැක්කය ලීවර හා රෝදය නමැති යාන්ත්‍රික සංකල්ප දෙක දක්ෂ ලෙස සංකලනය කොට නිපදවා ගත් සරල විසඳුමක්. එදිනෙදා ජීවිතයේ මානවයන් වෙහෙස කරන ආයාසය (drudgery) අඩු කරමින් ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන නිපැයුමක්.

වීල් බැරැක්කය මගේ සිහියට ආවේ 2011 දෙසැම්බරයේ කොළඹදී රේ විජේවර්ධන සමරු දේශනය පැවැත් වූ ඉන්දියාවේ ආචාර්ය අනිල් කුමාර් ගුප්තට සවන් දෙන විටයි. නවෝත්පාදනයන් (innovations) ගම් මට්ටමින් හා බිම් මට්ටමින් හඟනා ගෙන ප්‍රවර්ධනය කිරීමේ භාරත-ව්‍යාප්ත ප්‍රයත්නයක යෙදී සිටින මේ අසාමාන්‍ය ගණයේ විද්වතා දැක් වූ අදහස් කීපයක් අප ගිය සතියේ සාරාංශගත කළා.

සිය දේශනයේදී අනිල් ගුප්ත අවධානය යොමු කළ එක් තේමාවක් වූයේ නව නිපැයුම්කරුවන්ට තවමත් හරිහැටි විසඟම් සොයා ගන්නට නොහැකිව ඉතිරි වී තිබෙන ප්‍රායෝගික අභියෝගයි. වසරක් පාසා ලෝකයේ නව නිපැයුම් හා සංකල්පවල බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් ලක්ෂ ගණනක් අදාල බලධාරීන් නිකුත් කරනවා. එසේ වූවත් මානවයන් මිලියන් සිය ගණනක් දිනපතා මුහුණදෙන ගැටළු ගණනාවකට තවමත් පිළිගත හැකි හා ප්‍රචලිත මට්ටමේ විසඟම් ලැබී නැහැ.

“කෘත්‍රිම චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීමේ හැකියාව ඉන්දියාව ලබා තිබෙනවා. ලෝකයේ ඉහළ ම පෙළේ විද්‍යා පර්යේෂණාගාර හා පරිගණක සමාගම් රැසක් ඉන්දියාවේ තිබෙනවා. ඒත් දිගු කලක් තිස්සේ මිලියන් ගණනක් දුගී ඉන්දියානුවන් දිනපතා මහත් සේ වෙහෙස කරවන ප්‍රායෝගික ගැටළු රැසකට හරිහැටි විසඟම් සපයාගන්නට අපට තවමත් නොහැකි වී තිබෙනවා,” ආචාර්ය ගුප්ත අවංක තක්සේරුවක් කළා. ඔහු මෙය දකින්නේ අධි තාක්ෂණික ජයග්‍රහණ ගැන උදම් වන විද්‍යාවේ පසුබෑමක් හැටියටයි.

ආචාර්ය ගුප්තගේ පුරෝගාමීත්වයෙන් 1987දී ඇරඹි මී මැසි ජාලය (Honey Bee Network) හරහා ගම් හා බිම් මට්ටමේ සාමාන්‍ය ඉන්දියානුවන් අතින් බිහි වූ නවෝත්පාදන දහස් ගණනක් ලේඛනගත කොට තිබෙනවා. එහෙත් තවමත් සාර්ථක ලෙස විසඳා ගත නොහැකි වූ ප්‍රායෝගික අභියෝග ගණනාවක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එයට ප්‍රබල උදාහරණ තුනක්:

• ආසියාව පුරා ම හමුවන වෙල්යාය බොහොමයක ගොයම් සිටුවීමේ කාර්යය තවමත් කැරෙන්නේ දෛනික ශ්‍රමිකයන් ලෙස සුළු ගෙවීමක් ලබන කාන්තාවන් අතින්. දිගු වේලාවක් කොන්ද නවා ගෙන වතුරේ බැස ගෙන කළ යුතු මෙය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. වතුරේ සිටීමෙන් විවිධ සමේ රෝග ඇති වීමේ අවදානමක් ද තිබෙනවා. ගොයම් සිටුවීමේ යන්ත්‍ර සැළසුම් කිහිපයක් ම යෝජනා වී ඇතත් කාර්යක්ෂම හා පාවිච්චියට පහසු යන්ත්‍රයක් තවමත් භාවිතයට පැමිණ නැති බව ගුප්ත කියනවා.

• ලිප් ගල් තුනක් මත පදනම් වූ දර ලිප ආසියාව හා අප්‍රිකාව පුරා සියවස් ගණනක් තිස්සේ පාවිච්චි කැරෙනවා. සාම්ප්‍රදායික දර ලිප, බලශක්තිය අපතේ යවන අතර දුම් පිට කිරීම හරහා ගෘහණියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් කරනවා. වඩාත් අරපිරිමැසුම්දායක දර ලිපක් සැළසුම් කිරීමට දශක ගණනාවක සිට විවිධ රටවල උත්සාහ කර ඇතත් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් යෝජනා කරන සැළසුම් බොහොමයක් ගෘහණියන් අතර ජනප්‍රිය වී නැහැ. විවිධ හැඩයේ භාජන යොදා ගනිමින්, විවිධාකාර ආහාර ද්‍රව්‍ය නොයෙක් ක්‍රමවලට පිස ගැනීමට හැකියාව ඇති සරල දර ලිපක් සැළසුම් කිරීමේ අභියෝගය තවමත් මුළුමනින් ජය ගෙන නැති බවයි ගුප්තගේ මතය. මේ සඳහා තාක්ෂණය, සැලසුම්කරණය හා සාංස්කෘතික සාධක යන කාරණා ත්‍රිත්වය ම සැලකිල්ලට ගත යුතුයි.

• ලංකාව, ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ කර්මාන්තයේ තේ දළු නෙළීම තවමත් මුළුමනින් ම පාහේ කරන්නේ කාන්තාවන් විසින්. තේ දළු කූඩයක් පිටේ බැඳ ගෙන, බෑවුම් සහිත බිම්වල ගමන් කරමින් සියුම්ව තේ දළු නෙළීම දිනකට පැය කිහිපයක් කළ යුතුයි. තේ පානය රස විඳින බොහෝ දෙනෙකු දළු නෙළීමේදී අතට හා ගතට දැනෙන වේදනාත්මක විඩාව ගැන දන්නේ නැහැ. දළු නෙළීමේ කාර්යය අර්ධ වශයෙන් හෝ යාන්ත්‍රීකරණය කළ හැකි නම් නෙළන්නියන්ගේ රැකියාවලට තර්ජනයක් නොකොට ඔවුන්ගේ ආයාසය අඩු කළ හැකියි.

“මේ අභියෝග ගැන සරසවි හා විද්‍යා පර්යේෂණ ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ දෛනික කාර්යයන්ගෙන් පීඩාවට පත් වන්නේ දුගී හා ග්‍රාමීය මිනිසුන් – විශේෂයෙන් ම කාන්තාවන්. එබඳු අයට තමන්ගේ ගැටළු ගැන හඬක් නැඟීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් පවා මේ අභියෝග ගැන ඇති තරම් අවධානයක් යොමු කර නැහැ!” ඔහු පෙන්වා දුන්නා.

සමහර ගැටළුවලට අර්ධ විසඳුම් ලබා දීමට නව නිපැයුම්කරුවන් සමත්ව සිටිනවා. උදාහරණයක්ථ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බීමට ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගමන් කරනවා. සොයා ගන්නා ජලය කලගෙඩි හෝ වෙනත් භාජනවලට පුරවා හිසේ හෝ ඉනේ තබා ගෙන ගෙදර ගෙන යාමයි සිරිත. මේ ක්‍රියාවේ ආයාසය අඩු කර ගන්නට පානි හාරි (Pani Hari) නම් සරල ඇටවුමක් ඉන්දියාවේ කිම්ජිබායි කනාඩියා (Khimjibhai Kanadia) නිපද වූවා. එයින් කරන්නේ හිස මත තබා ගත් වතුර කලයේ බර, උරහිස් දෙකට බෙදා හැරීමයි. මීට අමතරව වතුර පුරවා පැළඳගෙන යා හැකි වතුර කබායක් (water-carrying jacket) තවත් නිපැයුම්කරුවෙකු සැලසුම් කර තිබෙනවා. මේවා යම් මට්ටමකට ගැටළුව විසඳන නමුත් පුළුල් භාවිතයට ගන්නට පෙර වැඩි දියුණු කළ යුතු බව ගුප්ත කියනවා.

තවත් පුළුල්ව අත්දකින ප්‍රායෝගික ගැටළුවක් නම් කඳුකර බෑවුම් ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයයි. අඩි පාරක් පමණක් ඇති, බයිසිකලයක්වත් පැද ගෙන යා නොහැකි බෑවුම් ප්‍රදේශවල පදිංචිකරුවන් හැම දෙයක් ම කරපිටින් ඔසවා ගෙන යා යුතුයි. නැතිනම් ගවයන්, බූරුවන් වැනි සතුන් යොදා ගත යුතුයි. කඳුහෙල් බහුල බෑවුම් බිමෙහි යා හැකි ට්‍රොලියක් වැනි ප්‍රවාහන ක්‍රමයක් නිපද වූවොත් කඳුකර වැසියන් මිලියන ගණනක් එයින් වාසි ලබනවා නියතයි.

පසුගිය අඩ සියවසක කාලය පුරා විශාල වශයෙන් ආයෝජන කළත් තවමත් සාර්ථකව විසඳා නොගත් සංවර්ධන අභියෝගයක් නම් ග්‍රාමීය වැසිකිළි සැළසුමයි. ජලය භාවිතය අරපිරිමසින, මළ මුත්‍ර මනා සේ ඉවත දමන, අඩු වියදමින් තනා ගත හැකි වැසිකිළි සැළසුම් තවමත් ජය නොගත් අභියෝගයක්. ලෝකයේ බිලියන 7ක ජනගහනයෙන් බිලියන 2කට කිසි වැසිකිළි පහසුමකමක් නැහැ. නිරාවරණය වූ එළිමහන් තැන්වල මළපහ කිරීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් හට ගන්නා පාචන රෝග හා අකල් මරණ සංඛ්‍යාව විශාලයි.

හඳ මතුපිට ජල සම්පත් ගවේෂණය කරන්නට ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා නිර්මාණය කළ ඉන්දියාවේ ම තවමත් මිලියන් 400ක් මිනිසුන් අන්ත දුගී ජීවිත ගත කරමින් බීමට පිරිසිදු වතුර සොයා ගැනීමේ දෛනික අරගලයක යෙදෙනවා. දියුණු වන ලෝකයේ බොහෝ රටවල යථාර්ථය මෙයට වෙනස් නැහැ. තවමත් හරිහැටි විසඳා නොගත් මෙකී නොකී ප්‍රායෝගික අභියෝගවල ලැයිස්තුවක් ආචාර්ය ගුප්ත සම්පාදනය කර තිබෙනවා.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

අප ගිය සතියේ ද සඳහන් කළ පරිදි හැම නව නිපැයුමක් ම ලොව හොල්ලන හෝ වෙළඳපොළ අල්ලන හෝ ඒවා වීම අවශ්‍ය නැහැ. ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයා යාමේදී කුඩා පරිමාණයේ දියුණු කිරීමකින් වුවත්, බොහෝ දෙනෙකුට සහනයක්, උපකාරයක් ලබා දිය හැකියි. එබන්දකට පේටන්ට් බලපත්‍රයක් නොලැබෙන්නට පුළුවනිග එහෙත් නව නිපැයුම්කරුවන්ගේ එක ම අරමුණ විය යුත්තේ පේටන්ට් ගොන්නක් හිමි කර ගැනීම නොවෙයි.

‘3 Idiots’ හින්දි චිත්‍රපටයේ එක් ජවනිකාවක යාන්ත්‍රික ඉංජිනේරු ගුරුවරයා යන්ත්‍රයක් නිර්වචනය කරන ලෙස සිසුන්ට කියනවා. අමීර් ඛාන් රඟපාන චරිතය වන රංචෝගේ විග්‍රහයට අනුව යන්ත්‍රයක් යනු මිනිස් ආයාසය අඩු කරන ඕනෑ ම උපක්‍රමයක් හෝ උපකරණයක්. එහෙත් උගත්කමේ මාන්නයෙන් පිම්බුණු මහාචාර්යවරයාට ඒ සරල විග්‍රහය සෑහෙන්නේ නැහැ. පාරිභාෂික වචන හා බරපතල සංකල්ප ඇතුළත් මහ දිග නිර්වචනයක් ඔහුට අවශ්‍යයි. ඉංජිනේරු තාක්ෂණය ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට මීට වඩා යොදා නොගැනීමට හේතුව මෙබඟ පොතේ ගුරුන් අපේ සමාජයේ බහුලවීමයි.

එදිනෙදා ගැටළු විසඳන්නට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ තැනට සුදුසු විදියට හා සූක්ෂම බුද්ධියෙන් යුක්තව පවතින මෙවලම් (tools) සහ යන්ත්‍ර (machines) යොදා ගැනීමයි. පවතින මෙවලමක් හෝ යන්ත්‍රයක් හෝ සකසා ගත නොහැකි නම් අලුතින් යමක් නිපදවීමේ අවකාශය තිබෙනවා. එහිදී නිපැයුම්කරුවන් කළ යුත්තේ හැකි තාක් සරල හා අඩු වියදම් විසඳුම් සොයා යාමයි.

ප්‍රායෝගික ගැටළු විසඳීමේදි ඒවාට නිතිපතා මුහුණ දෙන මිනිසුන්, ගැහණුන් හා ළමයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත්. තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන්ට ගැටළු විසඳීමේ මූලධර්ම මට්ටමේ චින්තනය ලබා දිය හැකියි. අත්හදා බැලීම් කළ හැකියි. එහෙත් අන්තිමේදී විසඳුමක් සාර්ථක වන්නේ එය පාවිච්චි කරන අය අතර පිළිගැනීමට ලක් වූවොත් පමණයි.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

ගැටළු විසඳීමේ සාර්ථකත්වයට සාධක තුනක් මුසු වීම අවශ්‍ය බව ගුප්තගේ මතයයි. ඉංග්‍රීසි C අකුරෙන් ඇරඹෙන ඒ වචන තුන: curiosity (කුතුහලය), compassion (මානව දයාව) හා collaboration (සාමුහික ක්‍රියාකාරිත්වය).

ආචාර්ය ගුප්ත ලාංකික විද්වතුන්ට හා නව නිපැයුම්කරුවන්ට දාර්ශනික ඔවදනක් ද දුන්නා. “දශක ගණනාවක් ඉන්දියාවේ උගතුන් හා පර්යේෂකයන් අපට තිබෙන ගැටළු හා අභියෝග ගැඹුරින් අධ්‍යයනය කළා. ඒවාට විසඳුම් ගැනත් බෙහෙවින් වාද විවාද කළා. ඒත් ප්‍රායෝගිකව යමක් කරන්නට අප පෙරට ආවේ නැහැ. මගේ පරම්පරාවේ උගතුන් කළ මේ ලොකු වරද නැවතත් නොකරන්නට වග බලා ගන්න!”

නව නිපැයුම්කරුවන්ට ඔහු දුන් වැදගත් ම අවවාදය මෙයයි: “පන්ති කාමර, විද්‍යාගාර හා වැඩපොළවලට කොටු වී නොසිට සැබෑ ලෝකයේ හැකි තරම් සැරිසරන්නග මඟ තොටේ, කඩමණ්ඩියේ, වෙල් යායවල, හේන්වල හා ගං ඉවුරුවල විසඳා ගත යුතූ – හැකි ප්‍රායෝගික ගැටළු රැසක් තිබෙනවාග පවතින සමාජ තත්ත‍වයන් ගැන තෘප්තිමත් නොවූ මානවයන් ඒවා ගැන සංවේදී වනවා. නව නිපැයුම් බිහිවන්නේ ඔවුන් අතින්. ඔවුන්ගේ පර්යේෂණාගාරය මුළු මහත් ජන සමාජයයි!”

සිවුමංසල කොලූගැටයා #37: අලි-මිනිස් සංහිදියාවේ අළුත් පිටුවක්

This is my latest Sinhala column published in Ravaya newspaper on 23 October 2011, which is about human-elephant interactions in Sri Lanka, which has the highest density of Asian elephants in the world. I have covered much of the same ground in English in another recent essay, Chandani: Riding a Jumbo Where No Woman Has Gone Before…


ඔක්තෝබර් මුල සතියේ කොළඹින් ඇරඹුණු, ගාල්ල මහනුවර හා යාපනය නගරවලට ද යන්නට නියමිත යුරෝපීය චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කළ එක් චිත්‍රපටයකට මගේ විශේෂ අවධානය යොමු වුණා. ජර්මන් චිත්‍රපට කණ්ඩායමක් ලංකාවේ රූපගත කොට 2010දී නිර්මාණය කළ එය, Chandani: The Daughter of the Elephant Whisperer නම් වාර්තා චිත්‍රපටයක්. සිංහලෙන් ‘චාන්දනී – ඇත්ගොව්වාගේ දියණිය’ සේ අරුත් දිය හැකියි. අපේ රටේ ඈත අතීතයට දිව යන අලි – මිනිස් සබදතාවන්ගේ අළුත් පැතිකඩක්, කථාවක ස්වරූපයෙන් කියන නිර්මාණයක් හැටියට මේ චිත්‍රපටය මා දකිනවා.

අලි ඇතුන් ගැන චිත්‍රපට නිපදවන්නට සිනමාවේ මෙන් ම ටෙලිවිෂන් කර්මාන්තයේත් බොහෝ දෙනා කැමතියි. ගොඩබිම වෙසෙන විශාල ම ජීවීන් හැටියටත්, සමාජශීලි හා බුද්ධිමත් සත්ත්ව විශේෂයක් හැටියටත්, අලි ඇතුන්ගේ සුවිශේෂ බවක් තිඛෙනවා. බටහිර චිත්‍රපට කණ්ඩායම් වැඩි අවධානයක් යොමු කරන්නේ අප්‍රිකානු අලියාටයි. ආසියානු අලි ඇතුන් ගැන චිත්‍රපට රූපගත කරන්නට වුවත් ඔවුන් තෝරා ගන්නේ ලංකාවට වඩා ඉන්දියාව, තායිලන්තය වැනි රටවල්. මා මීට පෙර වතාවක (2011 මාර්තු 13) පෙන්වා දුන් පරිදි සොබාදහම ගැන චිත්‍රපට නිපදවන විදේශීය කණ්ඩායම් මෙරටට ඇද ගන්නට අප තවමත් එතරම් උත්සාහයක් ගන්නේ නැහැ. ඉදහිට හෝ මෙහි එන විදෙස් චිත්‍රපට නිෂ්පාදකයන්ට හසු කර ගන්නට හැකි විසිතුරු සැබෑ කථා විශාල ප්‍රමාණයක් අප සතුව තිඛෙනවා. චාන්දනී චිත්‍රපටය එයට තවත් උදාහරණයක්.

මේ චිත්‍රපටය වනජීවීන් හෝ පරිසරය හෝ ගැන කථාවක් නොවෙයි. එය අවධානය යොමු කරන්නේ හීලෑ අලි ඇතුන් හා මිනිසුන් අතර සබදතාවයටයි. වාර්තා චිත්‍රපටයකට වඩා නාට්‍යමය හා රියැලිටි ස්වරූපයෙන් නිර්මිත මෙහි මිනිස් ‘චරිත’ තුනක් හමුවනවා.

කථා නායිකාව 16 හැවිරිදි චාන්දනී රේණුකා රත්නායක. ඇය පින්නවෙල අලි අනාථාගාරයේ ප්‍රධාන ඇත්ගොව්වා වන සුමනබණ්ඩාගේ දෙටු දියුණිය. සිට පිය පරම්පරාවේ සාම්ප්‍රදායිකව කර ගෙන ආ අලි ඇතුන් හීලෑ කර රැක බලා ගැනීමේ කාරියට අත තබන්නට ඇයට ලොකු ඕනෑකමක් තිඛෙනවා. පවුලේ පිරිමි දරුවකු නැති පසුබිම තුළ සුමනබණ්ඩා එයට එක`ග වී පරම්පරාගත දැනුම හා ශිල්පක්‍රම ටිකෙන් ටික චාන්දනීට උගන් වනවා. මේ සදහා කණ්ඩුල නම් අලි පැටවකු සොයා ගෙන එන ඔහු කණ්ඩුලගේ වගකීම් සමුදාය ක්‍රම ක්‍රමයෙන් චාන්දනීට පවරනවා.

ලංකාවේ අලි ඇතුන් පිළිබදව 1995දී පොතක් ලියූ ජයන්ත ජයවර්ධන කියන හැටියට අලින් හීලෑ කිරීමේ වසර තුන් දහසකට වඩා පැරණි සම්ප්‍රදායක් අපට තිඛෙනවා. වනගත අලින් අල්ලා, මෙල්ල කොට පුහුණු කළ හැකි වූවත් බල්ලන්, පූසන් වැනි ගෘහස්ත සතුන්ගේ මට්ටමට අලින් හීලෑ නොවන බවත් ඔහු කියනවා.

“ර්‍ගොඩබිම වෙසෙන දැවැන්ත ම සත්ත්වයා වන අලියාට විශාල ශරීර ශක්තියක් තිඛෙන නිසා ඔවුන් හැසිරවීම ප්‍රවේශමෙන්, සීරුවෙන් කළ යුක්තක්. අලි පුහුණුවට ආවේනික වූ වචන දුසිමක් පමණ යොදාගෙන මේ දැවැන්තයන්ට අණ දීමේ කලාවක් අපේ ඇත්ගොව්වන්ට තිඛෙනවා. එහිදී ඇත්ගොව්වා සහ අලියා අතර ඇතිවන සබදතාවය ඉතා වැදගත්.”

එම සම්ප්‍රදාය පිළිබද ඉගි කිහිපයක් අප චාන්දනී චිත්‍රපටයේ දකිනවා. අලි හසුරු වන බස් වහර, අලියාගේ සිරුරේ මර්මස්ථාන හා අලින්ගේ ලෙඩට දුකට ප්‍රතිකාර කිරීමට කැප වූ දේශීය සත්ත්ව වෙදකම් ආදීය එයට ඇතුළත්. අලි පුහුණු කිරීම හා මෙහෙයවීම ක්‍රමවේදයන් ගණනාවක සංකලනයක්. එයට දැනුම, ශික‍ෂණය, කැපවීම යන සියල්ල අවශ්‍යයි. චාන්දනීට මේ අභියෝග ජය ගත හැකිද යන්න පිරිමි ඇත්ගොව්වන්ට මෙන් ම ඇගේ අසල්වාසීන්ට ද ප්‍රශ්නයක්. කථාව දිග හැරෙන්නේ එයට චාන්දනී හා ඇගේ පියා ඉවසිලිවන්තව හා අධිෂ්ඨානයෙන් මුහුණ දෙන ආකාරය ගැනයි.

මෙහි දී චාන්දනීගේ මග පෙන්වීමට වනජීවී ෙක‍ෂත්‍ර නිලධාරියකු වන මොහමඩ් රහීම් ඉදිරිපත් වනවා. මොහොමඩ් සමග උඩවලවේ ජාතික වනෝද්‍යානය හා ඒ අවට ගම්මානවල සංචාරය කරන චාන්දනී, වනගත අලි ඇතුන් මුහුණ දෙන ඉඩකඩ, ආහාර හා ජලය පිළිබද දැවෙන ප්‍රශ්න දැක ගන්නවා.

තදබද වූ මේ දූපතේ, සීමිත බිම් ප්‍රමාණයක් සදහා මිනිසුන් හා අලින් අතර පවතින නිරතුරු අරගලයෙන් වසරක් පාසා අලි 150ක් පමණත්, මිනිසුන් 50 දෙනකු පමණත් මිය යනවා. මේ අලි-මිනිස් ගැටුමට ඓතිහාසික, සාමාජයීය හා ආර්ථීක සාධක ගණනාවක් ඇතත් ඒවා විග්‍රහ කිරීමට මේ චිත්‍රපටය උත්සාහ කරන්නේ නැහැ. එබදු දැඩි අර්බුදයක් පසුබිමේ ඇති බව ප්‍රේක‍ෂකයාට සිහිපත් කළත් එයට සරල පැලැස්තර විසදුම් ඉදිරිපත් කරන්නේත් නැහැ.

මේ චිත්‍රපටයේ මා දකින එක් ගුණයක් නම් මිනිසුන්ට වඩා අලි ඇතුන්ගේ ජීවිත වටිනා බව තර්ක කරන අන්තවාදී පරිසරවේදීන්ට එහි කිසිදු තැනක් නොදීමයි. ඒ වෙනුවට මිනිස් සමාජයට පිවිස යම් තරමකට හීලෑ බවක් ලැබූ අලි ඇතුන් සමග සානුකම්පිකව ගනුදෙනු කරන මානවයන් ද ලක් සමාජයේ සිටින බව මේ චිත්‍රපටය හීන්සීරුවේ ලෝකයට කියනවා. අවිහිංසාවාදය හා සාංස්කෘතික සාරධර්ම ගැන දේශනා කිරීමකින් තොරව එය ප්‍රායෝගිකව මේ දූපතේ සිදු වන හැටි රූපානුසාරයෙන් හා කථානුසාරයෙන් පෙන්වා දෙනවා.

අලින් හා මිනිසුන් අතර මිතුදම වෘතාන්ත චිත්‍රපට ගණනාවක ම තේමාව ලෙස මින් පෙරත් යොදා ගෙන තිඛෙනවා. සිනමාවේ මුල් යුගයේ උදාහරණයක් නම් 1937දී නිර්මාණය වූ Elephant Boy රුඩ්යාඩ් කිප්ලිංගේ ඔදදප්ස කථාව පදනම් කරගෙන තැනූ ඒ චිත්‍රපටයෙන් කියවුණේ කැලයේ අලින් සමග මිතුරු වන දරුවකු ගැනයි. හීලෑ කළ අලි ඇතුන් හා දරුවන් ගැනත් සිනමා සිත්තම් බිහි වී තිඛෙනවා. ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක‍ෂක ෂුන්සාකු කවාකේ 2005දී නිර්මාණය කළ Hoshi ni natta shonen (Shining Boy and Little Randy) චිත්‍රපටයෙන් කියැවුණේ ඇත්ගොව්වකු වීමේ ආශාවෙන් තායිලන්තයට ගිය ජපන් දරුවකුගේ සැබෑ කථාවයි.

බොහෝ විට මෙබදු චිත්‍රපටවල ප්‍රධාන මිනිස් චරිතය වන්නේ පිරිමි ළමයෙක්. චාන්දනී වැනි දැරියක් මෙබදු කාරියකට ඉදිරිපත් වීම සැබෑ ලෝකයේ කොතැනක වූවත් අසාමාන්‍ය වීම මෙයට හේතුව විය හැකියි. ඉතිහාසය පුරා ම පිරිමින් පමණක් සිදු කළ වගකීමක් කාන්තාවකට පැවරීම හරහා සුමනබණ්ඩා සියුම් සමාජ විප්ලවයකටත් දායක වනවා. එහෙත් චාන්දනී චිත්‍රපටයේ අරමුණ එබදු මහා පණිවුඩ සන්නිවේදනය නොවෙයි. එය දැරියක හා අලි පැටවකු අතර ඇතිවන මිතුරුකම වටා ගෙතුණු විසිතුරු කථාන්තරයක්.

ලංකාවේ අලි ඇතුන් කණ්ඩායම් දෙකකට ඛෙදිය හැකියි. වනගත (වල්) අලි හා හීලෑ කළ අලි හැටියට. 2011 අගෝස්තුවේ පැවැත්වූ මුල් ම අලි ඇත් සංගණනයෙන් සොයා ගත්තේ වනගත අලි ඇතුන් 7,339ක් මෙරට සිටින බවයි. (රක‍ෂිත ප්‍රදේශවල හෝ ඒවා ආසන්නයේ 5,879කුත් අනෙකුත් ප්‍රදේශවල තවත් 1,500කුත් වශයෙන්.) ඇතැම් පරිසරවේදීන් මේ සංගණනයේ ක්‍රමවේදය විවේචනය කළා. එහෙත් පරිපූර්ණ දත්තවලට වඩා කුමන හෝ දත්ත සමුදායක් ලබාගැනීම හරහා අලි සංරක‍ෂණයට රුකුලක් ලැඛෙන බව සිතිය හැකියි.

අපේ රටේ හීලෑ අලි ඇතුන් සිය ගණනක් ද සිටිනවා. එමෙන්ම මේ දෙකොටසට අතරමැදි සංක්‍රමනීය තත්ත්වයේ අලි ඇතුන් ද සිටිනවා. ස්වාභාවික පරිසරයේ විවිධ හේතු නිසා මවු සෙනෙහස අහිමි වූ ලාබාල අලි පැටවුන්ට රැකවරණය දෙමින් ඔවුන් ලොකු මහත් කිරීමට පින්නවෙල අලි අනාථාගාරය ඇරඹුවේ 1975දී. මේ වන විට සියයකට ආසන්න අලි ඇතුන් සංඛ්‍යාවක් එහි නේවාසිකව සිටිනවා. දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ආකර්ශනයක් බවට පත්ව ඇති මේ අනාථාගාරයේ, පශ= වෛද්‍යවරුන් හා සත්ත්ව විද්‍යාඥයන්ගේ අනුදැනුම ඇතිව අලි ඇතුන් බෝ කිරීමේ වැඩපිළිවෙලක් ද 1982 සිට ක්‍රියාත්මක වනවා. මීට අමතරව උඩවලවේ වනෝද්‍යානයට බද්ධිතව ඇත් අතුරු සෙවන නම් තවත් තැනක් ද පිහිටුවා තිඛෙනවා.

ලංකාවේ වෘතාන්ත චිත්‍රපටයක් නිපදවීමට සාමාන්‍යයෙන් යොද වන තරමේ මුදල් හා තාක‍ෂණික ආයෝජනයක් මේ වාර්තා චිත්‍රපටයට වැය කරන්නට ඇතැයි අනුමාන කළ හැකියි. එහෙත් මේ ආයෝජනයේ උපරිම ඵල නෙළා ගන්නට එහි සංස්කරණය (editing) මීට වඩා කල්පනාකාරී හා නිර්දය ලෙස සිදු කළා නම් හැකි වන බව චිත්‍රපට මාධ්‍යයේ ශිල්පීය ක්‍රම දත් මගේ ඇතැම් මිතුරන්ගේ අදහසයි.

ආසියානු අලි ඇතුන් වනගතව හමුවන රටවල් අතරින් වැඩි ම අලි ඝනත්වය (highest Asian elephant density) ඇත්තේ ලංකාවේයි. මේ දූපතේ බිම් හා සොබා සම්පත්, මිලියන් 20කට වැඩි ජන සංඛ්‍යාවක් හා හත් දහසකට අධික අලි ඇතුන් ගණනක් අතර තුලනය කර ගන්නේ කෙසේද යන්න අප මුහුණ දෙන ප්‍රබල සංරක‍ෂණ අභියෝගයක්. අලි ඇතුන් ගැන කථා කරන විට පරිසරවේදීන් බහුතරයක් ආවේගශීලී වනු දැකිය හැකියි. මෙරට ඉතිරිව ඇති වනාන්තර, තණබිම් හා විල්ලූ ප්‍රදේශවලට ස්වාභාවිකව දරා ගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව කොපමණ ද? ඒ සංඛ්‍යාව ඉක්මවා අලි ගහණයක් ඇති බව විද්‍යාත්මකව සොයා ගතහොත් අතිරික්තය ගැන කුමක් කළ හැකි ද – කළ යුතු ද? වනගත අලින්ට සමාන්තරව හීලෑ අලින් මනා සේ රැක බලා ගැනීම ඔස්සේ අලින් වද වී යාමේ තර්ජනය පාලනය කළ හැකි ද? මේ සියල්ල සංකීර්ණ ප්‍රශ්නයි.

ඒවාට පිළිතුරු සොයන්නට විද්‍යාත්මක ක්‍රමවේදයන් මෙන් ම අපේ සාරධර්ම ද යොදා ගත හැකියි. විසදුම් සොයා යන අතර අලි – මිනිස් සබදතාවයේ පැතිකඩ ගැන නිවැරදි, නිරවුල් සන්නිවේදනයක් දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද කළ යුතුයි. ‘මිනී මරන අලි’ හා ‘අලි මරන මිනිසුන්’ ගැන සරල ත්‍රාසජනක වාර්තාවලින් ඔබ්බට යන තුලනාත්මක කථාබහකට අප යොමු විය යුතුයි. එමෙන් ම අලි – දිවි – වලසුන්ට සීමා නොවූ අතිශයින් විවිධ හා විචිත්‍ර ජීවි විශේෂ රාශියක් මේ දූපතේ අපත් සමග වෙසෙන බවත් අමතක නොකරන්න!

Chandani: Riding a Jumbo Where No Woman Has Gone Before…

Chandani Ratnayake with Kandula: She wants to become Sri Lanka's ambassador to elephants...

This film review has just appeared in The Nation newspaper, Sri Lanka, and can be accessed online at http://www.nation.lk/2011/10/16/eyefea6.htm

Years ago, I resolved not to watch any more documentaries about elephants – I have sat through far more than my fair share of them at film festivals across Asia and Europe. I have nothing against elephants; it’s just that most films about them are so predictably formulaic. Sooner or later, they all suggest: we greedy humans have robbed these giants of their jungles, and are now driving them to extinction.

While that is undeniable, the ground reality is a bit more nuanced. But few filmmakers or film commissioners want to go there. In any case, even the most balanced conservation film would still be trapped in an anthropocentric view of the human-elephant relationship: how differently might an elephant tell the same story?

Given these misgivings, I was pleasantly surprised by Arne Birkenstock’s new film, Chandani: The Daughter of the Elephant Whisperer (88 mins, 2010). He proves that it is always possible to find a refreshingly new way of telling a very old story.

The German film, shot entirely on location in Sri Lanka, centres around a young girl who loves elephants so much that she wants to spend the rest of her life tending to them. Sixteen-year-old Chandani Renuka Ratnayake is the eldest daughter Sumanabanda, the chief mahout at the elephant orphanage in Pinnawela. They hail from a family that has tamed and looked after elephants for generations. Lacking a son, he agrees to let Chandani train as a mahout.

There is only one small problem: Chandani is going where no Lankan woman has gone before. Other mahouts and the community doubt whether the eager young lass can rise to the many challenges involved in this hitherto male-only profession.

Sumanabanda brings home an elephant calf named Kandula, and assigns it to Chandani. Under the watchful eye of her father, Chandani does all the feeding, bathing and other chores. She has to divide her time between school and her boisterous charge. Soon, the two young ones bond with each other.

She also receives guidance from a wildlife ranger named Mohammed Raheem. He takes her to the Udawalawe National Park, an important habitat for wild elephants. There, she gets glimpses of the daily skirmish between wild elephants and humans for the land claimed by both species.

Exploring the relationship between children and elephants is a recurrent theme for filmmakers across cultures and genres. An early example was Elephant Boy (1937), a British adventure film directed by documentary filmmaker Robert J. Flaherty and Zoltan Korda, based on Rudyard Kipling’s “Toomai, of the Elephants”. A few years ago I watched the Japanese film Hoshi ni natta shonen — with a goofy English name, Shining Boy and Little Randy — directed by Shunsaku Kawake in 2005. It was the bittersweet story of a young boy who goes to Thailand to become Japan’s first elephant trainer.

The child character is usually male, possibly influenced by Mowgli of Jungle Book fame. But here, Chandani is playing herself: she has grown up watching the complexities of ex-situ conservation of the largest land mammal.

The elephant orphanage, set up on a 10-hectare coconut estate in 1975 to look after young elephants whose mothers have been killed — often in violent confrontations with villagers — is now home to nearly a hundred elephants. A captive breeding programme, introduced in 1982, has resulted in several live births.

Pinnawela continues a long tradition — going back to over 3,000 years — where elephants are captured, tamed and trained in Sri Lanka. Jayantha Jayewardene, an expert on Asian elephants, says the elephant, although tamed and trained, is not quite a domesticated animal in the same sense that dogs are.

As he explains in his book, The Elephant in Sri Lanka: “It (the elephant) is an immensely powerful animal whose strength and wild nature calls for caution in handling it, especially during capture and the initial training stages. Later on, using less than a dozen words of command, the handler, called a mahout, is able to exercise control over this powerful animal. In most instances, the elephant and mahout develop a strong and lasting bond.”

After months of training, Chandani faces her moment of truth. She has to accompany Kandula in the local perahera, the procession that tours the streets with decoratively dressed elephants as star attractions. Peraheras are noisy, crowded and sometimes chaotic affairs: participating elephants and mahouts need focus and coordination.

The young girl and elephant prove their mettle. If Chandani’s family and peers are impressed by that public performance, the indifferent state is not. Sumanabanda is belatedly informed that he is not legally allowed to raise an elephant at home (even if he paid ‘good money’ for the creature). Eventually, he and his daughter agree that it is best for Kandula to return to the jungle. Their emotional attachment is strong by now, making separation painful. As Chandani watches Kandula being taken away, she reflects on her chosen future…

Relaxed Drama

The film is labeled as a documentary, but there is considerable movement, tension and other emotions that lend it a dramatic quality. Evidently, many sequences have been scripted. We don’t know how much time and effort that entailed. It probably helped that Chandani and Sumanabanda seem ease-going people. The director has managed to get even the (usually stiff) government officials to relax for the camera.

By staying tightly focused on his characters, Birkenstock avoids a common pitfall in many elephant films that either eulogise pachyderms or editorialise too heavily about their predicament. He blends striking images with an evocative soundtrack to tell a compelling story that is informed by real world issues — but not deep immersed in them.

This mix is welcome indeed. In 2000, when I served on the global jury of Wildscreen, the world’s leading wildlife and natural history film festival in Bristol, UK, we told filmmakers that simply documenting animal and plant behaviour and their habitats was no longer adequate in a world facing a multitude of environmental crises. There was an urgent need, our jury statement said, for films that explored the nexus between the natural environment and human society — both the conflict and harmony between the two.

Chandani and Kandula the elephant


Forming the backdrop to Chandani are the tough choices confronting biodiversity conservation in Sri Lanka. The wildlife ranger Mohammed, in particular, brings in both specialised knowledge and official perspective — mercifully without any activist shrill. Hard core environmentalists might not find this film ‘green enough’. For mass audiences worldwide, however, it conveys a very important message: how some ordinary Lankans are doing their bit for inter-species harmony against many odds.

That is no small accomplishment on our crowded island which has the world’s highest density of wild Asian Elephants. The first-ever nationwide elephant census in August 2011 produced a total of 7,379 jumbos across the island: 5,879 of them were spotted near parks and sanctuaries, while another 1,500 were estimated to be living in other areas. Some environmentalists were unhappy with the methodology and questioned its results. But even imperfect data can inspire more systematic conservation measures.

Sooner or later, we have to answer the hard question: how many wild elephants can the island’s remaining forests realistically sustain? This has already sparked off heated arguments. In the long-term, the survival of the Lankan Elephant might be assured only though captive breeding.

Meanwhile, every year, a few dozen elephants and humans perish in increasingly violent encounters over land and food. As we search for lasting solutions, we need more Chandanis, Mohammeds and Sumanabandas to show us the way.

Science writer Nalaka Gunawardene is far more interested in wild-life in urban jungles than wildlife in natural ones.

Chandani and Kandula pass a very public test!

Wangari Maathai (1940 – 2011): Tree planter, activist, visionary and mother

Wangari Muta Maathai (1 April 1940 – 25 September 2011)

“We are very fond of blaming the poor for destroying the environment. But often it is the powerful, including governments, that are responsible.”

That was a typical remark by Wangari Muta Maathai, the Kenyan environmental and political activist who has just died.

In the 1970s, Maathai founded the Green Belt Movement, an environmental non-governmental organisation focused on the planting of trees, environmental conservation, and women’s rights.

In 2004, she became the first African woman to receive the Nobel Peace Prize for “her contribution to sustainable development, democracy and peace.”

The Green Belt Movement in a profile about their founder counted the many roles she played: environmentalist; scientist; parliamentarian; founder of the Green Belt Movement; advocate for social justice, human rights, and democracy; elder; and Nobel Peace Laureate.

“”It is the people who must save the environment. It is the people who must make their leaders change. And we cannot be intimidated. So we must stand up for what we believe in,” Wangari Maathai kept saying.

As a tribute, I have assembled a few links to interesting online videos featuring her.

Taking Root, a long format documentary, tells the dramatic story of Wangari Maathai whose simple act of planting trees grew into a nationwide movement to safeguard the environment, protect human rights, and defend democracy—a movement for which this charismatic woman became an iconic inspiration.

TAKING ROOT: The Vision of Wangari Maathai Trailer on PBS YouTube channel:

Wangari Maathai & The Green Belt Movement, short film by StridesinDevelopment:

Riz Khan’s One on One: Wangari Maathai: Part 1
Interview with Al Jazeera English first broadcast on 19 Jan 2008

“I will be a hummingbird” – Wangari Maathai

Two more memorable quotes from her to inspire us all:

“I have always believed that, no matter how dark the cloud, there is always a thin, silver lining, and that is what we must look for.”

“We cannot tire or give up. We owe it to the present and future generations of all species to rise up and walk!”

Wiz Quiz 8: Holding half the sky, but waiting for full equality

There is a well known Chinese proverb, which was supposedly favoured by Mao Zedong, saying “Women hold up half the sky.” Despite this, women have had to fight for their rightful place society for much of history — and the struggle for gender equality continues in the 21st Century.

International Women’s Day (IWD), which falls on March 8, symbolizes this long-running quest. This year marks the centenary of the worldwide observance that started in Europe.

Wiz Quiz this week, coinciding with IWD, starts off with a few questions on women’s rights and gender equality, and then roams the knowledge universe exploring other topical matters.

But not before we talk about the Convention on the Elimination of All Forms of Discrimination Against Women (CEDAW), adopted by the United Nations General Assembly some years ago, and UN Women , the newest UN agency established on in July 2010 ‘to lead, support and coordinate the work on gender equality and the empowerment of women at global, regional and country levels’.

Read the full text of Wiz Quiz 8: Half the Sky…

This video is on the YouTube channel of FeelGood, a student-led movement in the US to end world hunger.

Celebrating Kalpana Sharma, a super-star of good journalism

My friend Kalpana Sharma just stepped down after serving on the Panos South Asia board for over a decade. The Executive Director A S Panneerselvan asked me to write a personalised piece felicitating her. Part of this was read at the annual meeting of the Board held in Dhaka last weekend. Here’s the full essay — a couple of mutual friends who read it say it isn’t too eulogistic! Now you can decide for yourself…

* * * * *

The Curious Ms Sharma of Mumbai

I knew Kalpana Sharma from her by-line long before I met her in person. Now, more than a dozen years after we became friends, she remains an inspiration and a role model.

Kalpana Sharma

Kalpana has been a path-finder and trail-blazer in journalism that cares. She has set the gold standard in investigating and critiquing development in the Indian media. Today, she continues her nearly four decades of association with the Indian media as a respected columnist, journalist and writer. Her stock in trade is a mix of curiosity, sense of social justice, wanderlust and a deep passion for people and issues. She is living proof that quality journalism can be pursued even in these turbulent and uncertain times for the mainstream, corporatised media.

Kalpana has been covering the ‘other India’ that is largely ignored by the Indian media. Its denizens are some 456 million people living under the global poverty line of $1.25 per day — a third of the world’s poor. (If they declared independence, they would immediately become the world’s third most populous nation.) Kalpana’s reporting from the ‘Ground Zero’ of many disasters and conflict zones has highlighted the multiple deprivations of these people living on the margins of survival.

For many such communities, a headline-creating event is just the latest episode in their prolonged and silent suffering. The media pack that descends on them after a sudden development can’t seem very different from the assorted politicians who turn up periodically during election campaigns. For too long, the grassroots have been treated merely as a grazing ground for stories or votes.

Kalpana doesn’t hesitate to be part of the media pack when duty calls, but once in the field, she sees connections often missed by other journalists looking for a quick sound byte or dramatic image. Unlike some news hounds, she doesn’t exploit the misery of affected people (“Hands up who’s poor, speaks English – and looks good on TV!”). And she returns to the same locations months or years later to follow up.

For all these reasons, Kalpana was our first choice to write the last chapter in a regional book on disasters and media that I co-edited with Indian journalist Frederick Noronha in 2007. Her 2,000-word reflective essay should be required reading for any journalist covering disasters and social disparity in South Asia.

Here is a passage that sums up her views on the subject: “Much of disaster reporting sounds and reads the same because the reporters only see what is in front of them, not what lies behind the mounds of rubble, figuratively speaking. What was this region before it became this disaster area? How were social relations between different groups? What was its history? What were its relations with the state government? Was it neglected or was it favoured? How important was it to the politics of the state?”

Kalpana has been asking such probing questions all her professional life. And it’s not just in the rural hinterland of India that Kalpana has travelled extensively listening and talking to people from all walks of life. Living in the world’s second most populous city Mumbai, she has been equally concerned with its burning issues of urban poverty, gender disparity, environmental mismanagement and governance.

Kalpana once wrote an insightful book about the Dharavi slum in Mumbai, looking at both its social inequalities and the people’s remarkable resilience. Titled Rediscovering Dharavi: Stories from Asia’s largest slum (Penguin, 2000), it was called ‘a model of sane, human, down-to-earth writing’. All this was years before the Oscar-winning movie Slumdog Millionaire (2008) popularised the location through a dramatic tale.

In her quest for untold human stories, Kalpana has taken a particular interest in the plight of poor women. She has written many authentic and moving stories about women who struggle on the margins of the margin. A recurrent theme in her writing is how invisible ‘superwomen’ hold the social fabric together in much of India. Many communities and production systems –ranging from domestic work and child care to waste disposal and farming – would simply grind to a halt if these unseen and unsung women took even a single day off. In reality, of course, they just can’t afford such luxuries.

Kalpana’s column The Other Half, which started in The Indian Express and now appears in The Hindu, is a regular eye-opener. She takes a current topic – from politics, culture, sport or environment — and explores its gender dimensions. She does so by carefully blending facts, personal insights and opinion that makes her writing very different to the rhetorical shrill of gender activists.

Make no mistake: Kalpana is an activist in her own right, and one of the finest in modern India. It’s just that her approach is more subtle, rational and measured – and in the long run, wholly more effective. Long ago, she found how to balance public interest journalism with social activism. This is one more reason why I look up to her.

Partners in crime: Nalaka and Kalpana speaking at the Education for Sustainable Future conference in Ahmedabad, India, January 2005.

In her writing, television appearances and public speaking, Kalpana stays well within the boundaries of good, old-fashioned journalism based on its A, B and C: accuracy, balance and credibility. In my view, she enriches the mix by adding a ‘D’ and ‘E’: depth and empathy. Without these qualities, mere reporting is sterile and dispassionate.

And once we get to know her, we also discover the ‘F’ in Kalpana Sharma: she is a fun-loving, cheerful woman who doesn’t take herself too seriously. We can count on her to be adventurous, enthusiastic and endlessly curious.

Cultivating these attributes would certainly enrich any journalist. I can’t agree more when Kalpana says (in her chapter to a recent book on environmental journalism in South Asia): “Journalists are good or bad, professional or unprofessional. I am not sure if other labels, such as ‘environmental’ or ‘developmental’, ought to be tagged on to journalists.”

I hope Kalpana has no retirement plans. She has earned a break after a dozen years on the Board of Panos South Asia. But we want her to remain a guiding star – a bundle of energy that shines a light into the Darkness, and helps make sense of the tumult and frenzy that surrounds us.

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers