සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)

Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet

පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.

සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

This is the (Sinhala) text of my Sunday column in Ravaya newspaper on 12 August 2012, which is about the journalistic, political and social endeavours of my friend Kanak Mani Dixit of Nepal, whom I introduced in Colombo a few days ago.

Kanak Mani Dixit challenges Nepali Army arresting him for peaceful street protests on 5 April 2006, Kathmandu – Photo by Shehab Uddin

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ 2011 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ නේපාල පුවත්පත් කතුවර හා ප‍්‍රකාශක කනක් මානි ඩික්සිත් (Kanak Mani Dixit). මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදියාගේ සමාජ මෙහෙවර ගැන දේශනයක් ද ඔහු කොළඹ දී පැවැත්වූවා.

ශ‍්‍රී ලංකාවට නිතර යන එන හා අපේ රට ගැන ඕනෑකමින් අධ්‍යයනය කරන මේ දකුණු ආසියාතික හිතවතා එසේ මෙසේ චරිතයක් නොවේ. මා ඔහු දකින්නේ හිමාලයේ කඳු හොල්ලන්නට තරම් සමත් ඉමහත් ධෛර්යයක් හා කැපවීමක් ඇති, අතිශයින් කාර්යශූර පුද්ගලයකු හැටියටයි. ඔහු මගේ මිතුරකු වගේ ම මා බෙහෙවින් අගය කරන අසාමාන්‍ය ගණයේ චරිතයක්. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ඩික්සිත්වරුන් නේපාලයේ ඉසුරුබර, ප‍්‍රභූ පවුලක්. පෙළපතින් උරුම වූ සම්පත් හා වරප‍්‍රසාද භුක්ති විඳිමින් සැහැල්ලූවෙන් හෝ විනෝදකාමීව හෝ සිටීමට හැකියාව තිබුණත් ඔවුන් පොදු උන්නතියට කැප වෙමින්, විද්‍යා, කලා හා ශිල්ප ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරන පිරිසක්. එබඳු පෙළපතක වුවත් කනක් සුවිශේෂීයි.

නේපාලයේත්, ඉන්දියාවේත් ඉගෙනුම ලැබ මාධ්‍ය කලාවේ ඉහළ ම පශ්චාත් උපාධියක් අමෙරිකාවේ කොලම්බියා සරසවියෙන් ලද කනක්, වසර කිහිපයක් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තොරතුරු අංශයේ සේවය කළා. එබඳු තනතුරකට පත් වන අපේ වැනි රටවලින් මතු වන බහුතරයක් දෙනා නැවත සිය රට එන්නේ නැහැ.

එහෙත් බටහිරින් හා ජාත්‍යන්තර සංවිධාන ක්ෂේත‍්‍රයෙන් ලත් දැනුම හා අත්දැකීම් රැගෙන කනක් ආපසු නේපාලයට ආවේ 1980 දශකය මැදදී. 1987දී ඔහු හිමාල් (HIMAL) නම් සඟරාවක් ඇරඹුවා. හිමාලයට සාමුහිකව හිමිකම් කියන භූතානය, ඉන්දියාව, නේපාලය, ටිබෙටය, පකිස්ථානය හා චීනය යන රටවල් කෙරෙහි මුලින් අවධානය යොමු කළ මේ ඉංග‍්‍රීසි සඟරාව, වසර කිහිපයකින් සමස්ත දකුණු ආසියාවම ආවරණය කැරෙන පරිදි HIMAL Southasian නමින් යළි නම් කළා.

හිමාල් සඟරාව දේශපාලන, සමාජ විද්‍යාත්මක, කලා, විද්‍යා හා අන් මාතෘකා දකුණු ආසියාතික කෝණයෙන් බලමින් විග‍්‍රහ කරන ප‍්‍රකාශනයක්. වසර 25ක් ගත වීත් එයට ඍජුව තරඟකාරී වෙනත් කලාපීය ප‍්‍රකාශනයක් නැහැ. (ඉන්දියානු පුවත් සඟරා බොහෝ කොට තම රටෙහි සිදුවීම්වලට වාර්තාකරණය හා විග‍්‍රහයන් සීමා කරන අතර දකූණු ආසියාවේ සෙසු රටවල් ගැන ඇස යොමු කරන්නේ ඉඳහිට පමණයි.)

කනක් ඩික්සිත්, මිලියන් 26කට අධික ජනතාවක් වෙසෙන, ලෝකයේ අන්ත දුගී රටවල් 49න් එකක් වන නේපාලයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න ගැන සංවේදී වන අතර දකුණු ආසියාතික පොදු චින්තනයක් හා අනන්‍යතාවයක් ගොඩ නංවන්නට කවදත් උත්සුක වූ අයෙක්.

දකුණු ආසියාවේ ආණ්ඩු 1985දී අටවා ගත් සාර්ක් (SAARC) නම් අන්තර්-රාජ්‍ය කලාපීය සහයෝගිතා සංවිධානයට වඩා කනක්ගේ දැක්ම පුළුල් හා ගැඹුරුයි. රාජ්‍ය නායකයන්, නිලධාරීන් හා තානාපතීන් විටින් විට මුණ ගැසී නිල කථාබහ කරන අතර සාර්ක් රටවල් අටෙහි වසන මිලියන් 1,400ක් සාමාන්‍ය ජනයා ද ආර්ථික, සාංස්කෘතික හා සමාජයීය මට්ටමින් සබඳතා දියුණු කර ගත යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කරනවා. සැබෑ කලාපීය සහයෝගීතාව බිහි වන්නේත්, අන්‍යෙන්‍ය විශ්වාසය හා සුහදතාව වැඩෙන්නේත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් හරහා නොව මිනිස් සබඳතා හරහා යයි ඔහු නිතර කියනවා.

දකුණු ආසියාතික මට්ටමින් ජන සබඳතා, කලා සබඳතා හා මාධ්‍ය සබඳතා වැඩි කරන්නට Film South Asia නමින් කලාපීය වාර්තා චිත‍්‍රපට උළෙලක් 1997දී ඔහු ඇරඹුවා. දෙවසරකට වරක් කත්මණ්ඩු නුවර පැවැත්වෙන මේ උළෙලට දකුණු ආසියාවේ ඕනෑ ම තේමාවක් ගැන නිපදවුණු චිත‍්‍රපට ඉදිරිපත් කැරෙනවා. උළෙලක හොඳම චිත‍්‍රපට ලෙස සම්මාන ලබන චිත‍්‍රපට ඉන්පසු වසරක් පුරා දකුණු ආසියාවේ ප‍්‍රධාන නගරවලටත්, වෙනත් රටවලටත් සංචාරය කරනවා.

මා කනක් හරිහැටි හඳුනා ගත්තේ මුල්ම Film South Asia චිත‍්‍රපට උළෙලේ ජූරි සභිකයකු ලෙස 1997 ඔක්තෝබරයේ ඔහු සමග කටයුතු කළ කාලයේ. සීමිත සම්පත් හා පහසුකම් මැද, එහෙත් දැඩි උද්‍යොගයෙන් හා ස්වේච්ඡ සේවකයන්ගේ උදවුවෙන් හොඳ හා ලොකු වැඩ කරන්නට මේ පුංචි මිනිසාට ඇති සුවිසල් සංවිධාන ශක්තිය මා හොඳාකාර දුටුවා.

චිත‍්‍රපට උළෙල, සම්මන්ත‍්‍රණ, විද්වත් වැඩමුළු මෙන් ම වෙනත් නොයෙක් පොදු උන්නතියට දායක වන ක‍්‍රියාකාරකම් කනක් නිතර සංවිධානය කරනවා. එසේ කරන්නේ හිමාල් මීඩියා නම් මාධ්‍ය ආයතනය හරහා සතිපතා හා මාස්පතා පත්තර සඟරා කිහිපයක් ද පළ කරන අතරයි.

තමන්ගේ ම ප‍්‍රකාශන ආයතනයක අධිපති හා ප‍්‍රධාන කර්තෘ වීමේ වාසිය ඔහුට ඇතත්, එ් වාසියම අවදානමක් වන අවස්ථා ද තිබෙනවා. ඔහු තර්කානුකූලව හා ප‍්‍රතිපත්ති ගරුකව ගන්නා ඇතැම් ස්ථාවරයන් නිසා නේපාලයේ ප‍්‍රබල දේශපාලකයන් හා නිලධාරීන් කෝපයට පත්ව විවිධ තර්ජන, හිරිහැර හා දැන්වීම්කරුවන් බිය වැද්දීම ආදිය සිදු කළ අවස්ථා තිබෙනවා. එහෙත් ප‍්‍රබල විවේචකයන් පවා ඔහුගේ අවංක බව හා පක්ෂග‍්‍රාහී නොවීම අගය කරනවා.

වාමාංශික මාවෝවාදී (Maoist) ගරිල්ලා ව්‍යාපාරයක් නේපාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වූ රජයට එරෙහි වන්නට පටන් ගත්තේ 1996 සිටයි. ටික කලෙකින් සන්නද්ධ අරගලයක් බවට පත් වූ එය වසර 10ක් තිස්සේ 12,000කට අධික ජීවිත බිලි ගත්තා. නේපාල දේශපාලන ඉතිහාසය ගැන කියන්නට මේ අවස්ථාව නොවූවත්, මාවෝවාදීන් ප‍්‍රබල වී හා දරුණු වී, බලයේ සිටි රජය අසරණව සිටින වකවානුවේ පවා ගරිල්ලන්ගේ ප‍්‍රචන්ඩත්වය ප‍්‍රසිද්ධියේ හෙළා දැකීමට පුවත්පත් කතුවරයකු ලෙස කනක්ට ධෛර්යය තිබුණා.

2005 පෙබරවාරියේදී පාර්ලිමේන්තුව අත්හිටුවමින් පූර්ණ විධායක බලය සියතට ගත් නේපාලයේ ඥනේන්ද්‍ර රජු, අත්තනෝමතික පාලනයකට යොමු වුණා. රජුගේ ආඥදායකත්වය යටතේ නේපාල හමුදාව මාවෝවාදී ගරිල්ලන්ට එරෙහිව බිහිසුණු රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයක් රට පුරා මුදා හරින්නට ගත් විට එය විවේචනය කරන්නට තරම් පිට කොන්දක් තිබුනේ නේපාල සමාජයේ හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතා ටික දෙනකුටයි.

ප‍්‍රභූ පැලැන්තිය හා පීඩිත බහුතරයක් අතර පංති අරගලයක් ලෙස ඇවිලෙමින් තිබූ නේපාල සිවිල් යුද්ධයේදී, කනක් ප‍්‍රභූ පෙළපතකින් ආවත් යුක්තිය, සාධාරණත්වය හා මානව හිමිකම් වෙනුවෙන් දිගට ම මතවාදීව පෙනී සිටියා. එහිදී ඔහු නිතර ජීවිත තර්ජනවලට ලක් වූ බව ප‍්‍රකට කරුණක්.

What Himal is all about…

2005 සැප්තැම්බරයේ මාවෝවාදීන් මාස තුනක එ්කපාර්ශවික සටන් විරාමයක් ප‍්‍රකාශ කළා. එ් රජුගේ පාලනයත් සමග යම් මට්ටමක එකඟත්වයකට පැමිණිමට. දෙපසින් ම දරුණු ලෙස බැට කා හෙම්බත් වී සිටි නේපාල ජනතාව එ් විරාමය අතරතුර වීදි උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තා. පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඔවුන් බල කර සිටියා.

හමුදාව හා පොලිසිය යොදා ගෙන හදිසි නීතිය යටතේ ජන බලවේගය පාලනය කරන්නට රජු උපරිම උත්සහ ගත්තා. නේපාල ජන ආන්දෝලනයේ සුවිශේෂී ලක්ෂණයක් වූයේ දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිතිවලට අමතරව විද්වතුන්, වෘත්තිකයන් හා ඉහළ පැලැන්තියේ උදවියත් වීදි බැසීමයි.

රජුගේ දඩබ්බර ඇඳිරි නීතියක් කඩ කරමින් වීදි ගත වී උද්‍යොග පාඨ කියමින් සිටි සිය ගණනක් අත්අඩංගුවට ගනිද්දී කනක් ඩික්සිත් ද සිර බාරයට පත් වුණා. බලාධිකාරීන් සමග පෞද්ගලික සබඳතා ඇති පුවත්පත් ප‍්‍රකාශකයකු හා කතුවරයකු ලෙස ඕනෑ නම් ඔහුට තම හිතවත්කම් මත පැය කිහිපයක් ඇතුලත නිදහස් වන්නට ඉඩ තිබුණා. එහෙත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය මත ඔහු එසේ කළේ නැහැ. දින 19ක් තමා රඳවා තැබූ කත්මණ්ඩු හිර ගෙදර, එයින් නිදහස් වූ පසු වතාවක් ඔහු පිටතින් මට පෙන්වූයේ හැඟීම් බරවයි.

ජන බලවේගය ගිනි අවි හා මැර බලයෙන් මැඬ පවත්වන්නට බැරි වූ තැන රජු 2006 අපේ‍්‍රල් 24 වනදා එයට හිස නැමුවා. පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කොට, අගමැතිවරයකුට කැබිනට්ටුවක් පත් කර ගෙන රට පාලනය කරන්නට ඉඩ දී, පෙර පරිදි නාමික රාජ්‍ය නායකයා ලෙස සිටීමට රජු කැමති වුණා. එහෙත් ඉනික්බිති දිග හැරුණු සිදුවීම්වල අවසානය වූයේ රාජාණ්ඩු සංකල්පය ම ඉවත දමා නේපාලය 2008දී ජනරජයක් බවට පත් වීමයි.

මේ දේශපාලන හා ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ තවමත් හරිහැටි නිමා වී නැහැ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්නට නේපාල දේශපාලන පක්ෂ තවමත් වෙර දරනවා. ඔහුත් සමග වීදි අරගල කළ, එකට සිරබත් කෑ සමහරුන්ව අද කනක් විවේචනය කරනවා. මේ නිසාදෝ දැන් බලයේ සිටින ඇතමුන්ට මේ ප‍්‍රතිපත්තිගරුක කතුවරයා හිසරදයක් වෙලා. අන්තවාදී දේශපාලන කණ්ඩායමක් මෑතදී ඔහුව ‘ජන සතුරකු’ (Enemy of the People) ලෙස හංවඩු ගසනු ලැබුවේ එ නිසායි.

මේ අතර රටේ සාමාන්‍ය ජනතාවගේ සුබ සිද්ධිය ගැනත්, අනාගත ආර්ථික හා සමාජයීය ස්ථාවරය ගැනත් කනක් ඩික්සිත් දිගට ම විග‍්‍රහ කරනවා. දේශපාලනයෙන් ඔබ්බට දිවෙන දැක්මක් කනක්ට තිබෙනවා. ඉන්දියාවට හා චීනයට මැදි වී තිබෙන නේපාලය, ආර්ථික වශයෙන් දියුණු කරන්නට ගත යුතු ප‍්‍රතිපත්ති හා උපායමාර්ග ගැන ඔහු මාධ්‍ය හරහාත්, විද්වත් සභා සහ සිවිල් සමාජය තුළත් සංවාද කරනවා.

උදාහරණයක් හැටියට ජනාකිර්ණ හා තදබදයට ලක් වූ කත්මණ්ඩු නිම්නයේ පොදු මාර්ග ප‍්‍රවාහනය දියුණු කරන්නට උපක‍්‍රම සොයා ඔහු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කොයි කවුරුත් සමග වැඩ කරනවා. මෝටර් බයිසිකල් හා රටවලින් පිරී ඉතිරී ගිය මංමාවත් වෙනුවට කාටත් ලෙහෙසියෙන් ගමන් යා හැකි, වාත දුෂණය පාලනය කරගත් ප‍්‍රවාහන පද්ධතියක් බිහි කර ගන්නට තවමත් කත්මණ්ඩු නුවරට ඉඩක් ඇතැයි ඔහු විශ්වාස කරනවා.

එ අතර ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධස්ථාන හා පුරාණ ගොඩනැගිලි සංරක්ෂණය කිරීම ගැනත් ඔහු බොහෝ උනන්දු වනවා. මේ සියල්ල කරන අතරේ නේපාලයේ ඉතිහාසය හා සංස්කෘතික උරුමය ගැන දරුවන්ට රසවත් ලෙස කියා දෙන ලමා පොත් ලියන්නටත් ඔහු පටන්ගෙන තිබෙනවා.

වයස 45දී ඔහු නේපාල බසින් එරට පුවත්පත් වලට ලිපි ලිවීම ඇරඹුවා. එ දක්වා ඉංගී‍්‍රසි පුවත්පත් ලේඛකයකු හා කතුවරයකු ලෙස ක‍්‍රියා කළ ඔහු දැන් වසර හත අටක සිට එරට ප‍්‍රධාන දේශීය බස හරහා වැඩි ජන සංඛ්‍යාවක් අමතනවා. ර්‍ණමෙය මුලදී මට ලෙහෙසි වූයේ නැහැ. නමුත් සැබෑ සමාජ, ආර්ථික හා දේශපාලන පරිනාමයකට හරිහැටි දායකවන්නට නම් නේපාල බසින් ද සන්නිවේදනය කළ යුතු බව මා තේරුම් ගත්තා” පසුගිය සතියේ ඔහු කොළඹදී මට පැහැදිලි කළා.

කනක් තමා කරන දේ ගැන අළුත් තොරතුරු බ්ලොග් අඩවියක් හරහාත් (www.kanakmanidixit.com), ට්විටර් වැනි වෙබ් මාධ්‍ය හරහාත් ලොව පුරා විසිර සිටින මිතුරන් සමග බෙදා ගන්නවා.

කනක් ඩික්සිත් කරන හපත්කම් අසන දකින මට නිතර සිතෙන්නේ අපේ ප‍්‍රභූ පැලැන්තිවලත් ඉඳහිටවත් මෙබඳු පොදු උන්නතියට කැප වන, එඩිතර චරිත හමු වනවා නම් කෙතරම් අපූරු ද කියායි! අපට සිටින ප‍්‍රකාශක හාමුලා හා පත්තර මුදලාලිලාට මේ හිමාලයේ කඳු සොළවන පුංචි මිනිසාට කිට්ටු කරන්නත් අමාරුයි!

Introducing Kanak Mani Dixit, a ‘Media Typhoon’ in South Asia

Journalist Kanak Dixit in a protesting rally in Kathmandu on 5 April 2006, Kathmandu. Photo by Shehab Uddin

Expanded from introductory remarks at Ceylon Newspapers Limited office in Colombo, Sri Lanka, on 2 Aug 2012:

There are many ways to introduce my good friend and partner in crime, Kanak Mani Dixit.

Aunty Google, as well as his own website (www.kanakmanidixit.com) can tell you the basic info about his education and career path, which I won’t repeat here. Instead, let me personalise what I know about this courageous man I’ve known and worked with for over 15 years.

Kanak is a journalist, editor and activist – all rolled into one. And if you think that journalists cannot become effective social or democracy activists, just watch him balance these seemingly daunting roles. Study how he juggles reporting, commentary writing, editing and social intervention.

Kanak came from a privileged family background, and could easily have spent his life in leisurely scholarship and endlessly doing the cocktail and conference circuits in South Asia and beyond. He CHOSE to be different.

Kanak spent a few years with the UN Department of Public Information in New York, and yet chucked up a promising international career to return to South Asia – a chaotic, unpredictable but also exhilarating part of the world that we call home. Another conscious choice.

Back home, Kanak could have watched over his beloved Kathmandu Valley and simply commented or satirised about the politics, economy and society of his impoverished land, one of 49 least developed countries in the world. He does that, too, but when needed he takes to the streets. As he did back in 2005/2006 when Nepalis rose against a tyrannical king…

He paid a price for his frontline activism. He was arrested – along with thousands of others – for defying a curfew and demanding democratic reform. He spent 19 days in a Kathmandu jail that he once pointed out to me from afar. As an influential publisher, he could have worked out some deal for a quicker release, but again, chose not to.

How many other South Asia editors or publishers do you know who won’t peddle influence for their personal gain or safety?

Some editors and publishers think of themselves as ‘king-makers’ in the political arena. This editor-publisher was literally a ‘king-dumper’: Nepal’s People Power forced autocratic King Gyanendra to restore Parliament in April 2006. Two years later, the whole monarchy was phased out.

Kanak has spoken truth to power, stared authority in the eye, and yet he has not allowed himself to be corrupted by the temptations of political, diplomatic or other positions. He continues to critique and needle those in public and elected office.

In fact, the very revolutionaries he too helped to bring into office – through elections – now don’t seem to like him much: he was recently dubbed ‘an Enemy of the People’.

He must be doing a few things right to be reviled by both monarchists and republicans!

But Kanak is much more than a media and political activist. He has too many involvements and interests to keep track of.

To cite but a few:

What Himal is all about…

• He is a great believer in the idea of South Asian integration, going well beyond the bureaucratic trappings of SAARC. (His Southasia, which he insists on spelling as one word, includes Tibet and Burma.)
• He founded Himal Southasian magazine in 1987, and sustained it for 25 years with great effort and dedication. It is the first and only regional news and analysis magazine in our region of 1.4 billion people.
• He promotes documentaries as a means of cultural self expression and exchange, and in 1997 founded Film South Asia, a biennial festival that brings the best of South Asian films.
• He nurtures social science research and scholarly exchange, and is endlessly incubating new ventures or institutions in the public interest.
• He supports spinal injury rehabilitation in Nepal, having realised the pitiful state of such care when he suffered serious spinal injury himself a few years ago after a mountain hiking accident.

Amidst all this, he finds time to write regular columns and op-eds – in both English AND Nepali – as well as occasional books.

For these and many other reasons, Kanak Dixit is one of my role models, and a constant source of inspiration. He is one of the few human beings that I’d like to CLONE if and when that becomes a real prospect.

We need many more Media Typhoons like him to drive change in South Asia.

In fact, I sometimes wonder if there is more than one Kanak Dixit already! But that’s only speculation. For now, my friends, meet the one and only Kanak Mani Dixit confirmed to exist…

සිවුමංසල කොලූගැටයා #73: රියෝ නුවර සැණකෙලියෙන් එහා ලෝකය

In this week’s Ravaya column (in Sinhala), I share my impressions and reflections of the city of Rio de Janeiro that just hosted the Rio+20 conference. But this piece is not about the event, but its venue — where the first world of affluence and third world of deprivation co-exist.

Similar impressions were shared in an English column last week: When Worlds Collide #21: Walking in Rio with Three Friendly Ghosts…

Statue of Christ te Redeemer looks down on Rio de Janeiro from Corcovado Mountain


තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UN Conference on Sustainable Development, Rio+20) බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත්වුණා.

රාජ්‍ය නිලධාරී, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, විද්වතුන් හා ජනමාධ්‍ය නියෝජිතයන් 50,000කට අධික සංඛ්‍යාවක් 2012 ජූනි මස මැදදී රියෝ නුවරට පැමිණියා.

එයින් බොහෝ දෙනකු රැස්වීම්, ප‍්‍රදර්ශන හා උද්ඝෝෂණ ආදිය පැවැත්වෙන තැන්වල කල් ගත කළ නිසා රියෝ නුවර දැක බලා ගන්නට කෙතරම් අවකාශ ලැබුණාදැයි කියන්නට අමාරුයි. රාජ්‍ය නායක සමුළුව ඇරඹුණු දිනයේ ඒ සියල්ල පසෙක තබා රියෝ නුවර එදිනෙදා ජීවිතය අත් විඳින්නට මා පැය කිහිපයක් වීදි සංචාරය කළා.

රියෝ ද ජනෙයිරෝ නුවර බ‍්‍රසීලයේ දෙවන විශාලතම නගරයයි. (පළමු තැනට එන්නේ සාවෝ පෝලෝ මහා නගරයයි.) වර්ග කීමී 1,260ක් විශාල රියෝ නගර සභා ප‍්‍රදේශයේ මිලියන 6ක් දෙනා වාසය කරනවා. එමෙන් තුන් ගුණයක් විශාල මහා රියෝ (Metro Rio) ප‍්‍රදේශයේ සිටින පදිංචිකරුවන් ගණන මිලියන් 12.5කට වැඩියි.

අත්ලාන්තික් සාගරය අබියස පිහිටි මේ මනරම් වෙරළබඩ නගරය, දකුණු අමෙරිකානු සාංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසත්, සංචාරක ආකර්ශනයක් ලෙසත් ලෝක ප‍්‍රසිද්ධයි. වාර්ෂිකව පැවැත්වෙන, දින ගණනක් පුරා දිවෙන වීදි සැනකෙලිය (Rio Carnival) නිසාත්, අවට පිහිටි ගිරි ශිඛර හා කඳු මුදුන් නිසාත්, පියකරු වෙරළ තීරයන් නිසාත් මේ නගරය ගැන ලොව පුරා පවතින්නේ හිතකර ආකල්පයක්. දැඩි තරගකාරී පසුබිමක් තුළ 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වරම දිනා සිටින්නේ ද රියෝ නුවරයි.

එහෙත් රියෝ හුදෙක් පියකරු දසුන් හා විනෝද කෙළිවලට සීමා වූවක් නොවෙයි. ඉසුරුබර බ‍්‍රසීල ජාතිකයන් හා දුගී දුප්පත් වැසියන් දෙපිරිසට ම නිවහනක් වන මේ නගරය ලෝකයේ විසමතා හා අසමානතා කැටි කරන කැඩපතක් වගෙයි.

සමස්තයක් ලෙස එනුවර යටිතල පහසුකම් හා පොදු ප‍්‍රවාහන සේවා යම් මට්ටමකට දියුණු වී ඇතත්, ඉසුරුබර රියෝ වැසියන් වෙසෙන ප‍්‍රදේශ හා දුප්පත් ජනයා වෙසෙන ප‍්‍රදේශ අතර ඇස් පනාපිට පෙනෙන වෙනස්කම් තිබෙනවා.

රියෝ වැසියන්ගෙන් සියයට 20ක් පමණ වෙසෙන්නේ ෆවෙලා (favela) නමින් හඳුන්වන අඩු ආදායම් නිවාස ගොනුවලයි. එබඳු ෆවෙලා දහසකට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ ජීවත්වන වැසියන්ගේ ආදායම, සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම් මෙන් ම අනෙකුත් සමාජ-ආර්ථික සාධක වඩාත් පහළයි. දුගී බවින් මතුව එන වීදි ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ වැඩි වීම හා පොලීසියේ දුෂණ වංචා ආදී සමාජ විසමතා රැසක් එහි හමු වනවා.

City of God, 2002

2002දී නිෂ්පාදනය කළ ‘දෙවියන්ගේ නගරය’(City of God) නම් බ‍්‍රසීල වෘතාන්ත චිත‍්‍රපටය හරහා මේ ෆවෙලා ජනපදවල එදිනෙදා ජීවිතය ගැන නෙතඟ බැල්මක් සෙසු ලෝකයට ලැබුණා. දරිද්‍රතාවයේ හා ප‍්‍රචණ්ඩත්වයේ ග‍්‍රහණයට හසු වූවත් ෆවෙලා යනු මිනිසත් බවේ කාන්තාර නොවෙයි. හිත හොඳ මිනිසුන් හා ගැහැනුන් එහි සිටිනවා. එනයින් බලන විට ෆවෙලාහි යථාර්ථය බොම්බාය, ජකර්තාව හා මැනිලා වැනි ආසියානු මහා නගරවල පැල්පත්වලට සමානයි. මෙබඳු සංකීර්ණ සමාජ සම්බන්ධතා කෙටි සංචාරයකින් තේරුම් ගැනීමත් අසීරුයි.

‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.

‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.

රියෝ නුවර අවිධිමත් ආර්ථිකය, වීදි හා පදික වෙළඳුන්, කැලි කසල ඉවත් කරන්නන් හා තවත් බොහෝ සේවා සපයන්නේ ෆවෙලා වාසීන් විසින්. ඉසුරුබර සුළුතරයක ඉහළ ජීවන තත්ත්‍වය පවත්වා ගන්නට මේ බහුතරයකගේ ක‍්‍රියාකාරිත්වය නැතිව ම බැහැ. සුවිශේෂත්වය නම් දුප්පත් – පොහොසත් දෙපිරිස රියෝ නගරය බෙදා ගෙන සමාන්තර ජීවිත ගත කිරීමයි. මෙබඳු සාපේක්‍ෂව සාමකාමී සහජීවනයක් ලෝකයේ හැම මහා නගරයක ම හමු වන්නේ නැහැ.

2002දී මිහිතල සමුළුව පැවැත් වූ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර තත්ත්‍වය මීට ඉඳුරා ම වෙනස්. 1994දී වර්ණභේදවාදී අමිහිරි අතීතයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ, නව ව්‍යවස්ථාවක් යටතේ දකුණු අප‍්‍රිකානු ජනයා දිවි ගෙවනවා. එහෙත් ඓතිහාසිකව මුල් බැස ගත් දැඩි ඇති නැති පරතරයක් එරට තිබෙනවා. දකුණු අප‍්‍රිකාවේ ඉසුරුබර සුළුතරය කල් ගෙවන්නේ මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදිය පිළිබඳ නිරන්තර බියෙන් හා සැකයෙන්.

ජොහැන්නස්බර්ග් හා කේප්ටවුන් නගර සමඟ සසඳන විට ඊට වැඩි සැහැල්ලූවකින් රියෝ නුවර දිවි ගෙවෙන බව පෙනෙනවා. මෙයට එක් හේතුවක් විය හැක්කේ දශකයකට වැඩි කලක් තිස්සේ මානුෂික මුහුණුවරක් ඇති ධනවාදී ආර්ථිකයක් ඇති කරන්නට එරට රජයන් ගන්නා උත්සාහයයි.

බ‍්‍රසීලය සොබා සම්පත් හා ජන සම්පත් අතින් පොහොසත්. අද ලෝකයේ මතුව එන ආර්ථක බලවතකු ලෙස සැළකෙන ප‍්‍රමුඛ පෙළේ රාජ්‍යයක්. භූමි ප‍්‍රමාණයෙන් මෙන් ම ජනගහනයෙන් ද බ‍්‍රසීලය ලෝකයේ පස් වන විශාලතම රටයි. එය ඉන්දියාව මෙන් තුන් ගුණයක් විශාලයි. ජනගහනය මිලියන් 192යි. එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 12,000යි. ඇති නැති පරතරය පැවතුණත් ගෙවී ගිය දශකය තුළ එරට දුගී ජනයාගේ ජීවන මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

මිහිතලයේ ඉදිරි පැවැත්ම ගැන පුළුල්ව හා ගැඹුරින් විවාද කරන ජගත් සමුළුවක් සිය නගරයේ පැවැත් වෙන අතර, තමන්ගේ ජීවන අරගලයේ නිරත වන රියෝ වැසියන් ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අපේ පොදු අනාගතය (Our Common Future) බඳු උතුම් සංකල්ප ගැන සිතන්නට කලින් අද දවසේ දිවි ගැට ගසා ගන්නා අභියෝගයට බහුතරයක් රියෝ වාසීන් හා බ‍්‍රසීල ජාතිකයන් මුහුණ දෙනවා.

ලොව පුරා තිරසාර සංවර්ධනයට යොමු වන සමාජයන්ට ඇති පොදු අභියෝගය වන්නේත් එයයි. පැහැබර හෙට දවසක් ගැන සිතන්නට අවකාශයක් නැති අති විශාල ජනකායකට අද දවසේ මූලික ජීවන අවශ්‍යතා සපයා දෙන්නේ කෙසේ ද? එබඳු පසුබිමක් තුළ පරිසරය හා සොබා සම්පත් ප‍්‍රවේශමින් පරිහරණය කරන අතර ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ හැමට බෙදී යන ආකාරයේ ප‍්‍රතිපත්ති හා සැළසුම් සකස් කරන්නේ කෙසේ ද?

1992 ජූනි මාසයේදීත් රියෝ නුවර මිහිතල සමුළුවක් පැවැත්වුණා. තිරසාර සංවර්ධනයේ අභියෝග ගැන රාජ්‍ය නායකයන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් විවාද කරන අතර, මගේ ජ්‍යෙෂ්ඨ සහෘදයකු වූ බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාවේදී හා වාර්තා චිත‍්‍රපට නිෂ්පාදක රොබට් ලෑම්බ් (Robert Lamb) අසම්මත රටාවක වාර්තාකරණයකට මුල පිරුවා.

සමුළුව පැවැත් වූ කාලයට ආසන්නව උපත ලත් දරු දැරියන් 11 දෙනකුගේ ජීවිතය, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සාධක මගින් තීරණය කැරෙන්නේ කෙසේදැයි දිගු කාලීන විමර්ශනයක් ඔහු ඇරඹුවා. බ‍්‍රසීලය, චීනය, කෙන්යාව, පැපුවා නවගිනියාව, දකුණු අප‍්‍රිකාව (කළු සහ සුදු දරුවන් දෙදෙනෙක්), වෙනසුවෙලාව හා ඉන්දියාව යන දියුණු වන රටවලත්, අමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා නෝර්වේ යන දියුණු රටවලත් 1992 උපන් දරුවන්ගේ ප‍්‍රගමනය මේ යටතේ වසර දෙකෙන් දෙකට චිත‍්‍රපට ගත කරනු ලැබුවා.

රොබට් එයට දුන් කථාමාලා නාමය ‘Children of Rio’ හෙවත් ‘රියෝ පරම්රාවේ දරුවෝ’ යන්නයි. විසි වසරකට පෙර ලෝකයේ රටවල් සිය වැසියන්ට වඩාත් හොඳ අනාගතයක් බිහි කරන්නට දුන් ප‍්‍රතිඥාවන් කෙතරම් දුරට ක‍්‍රියාත්මක කොට හා සාර්ථක වී ඇත්දැයි ඉඟියක් මේ හරහා ලද හැකියි.

අද වන විට මේ දරුවන් වයස 20ට ආසන්නයි. මේ දශක දෙක තුළ ඔවුන් හා පවුල් අත්දුටු යථාර්ථය සංවේදී ලෙස හසු කර ගැනීම හරහා තිරසාර සංවර්ධනයේ සැබෑ තත්ත්‍වය පිළිබිඹු වන ලෝක ව්‍යාප්ත මාධ්‍ය අත්හදා බැලීමක් බවට මෙය පත්ව
තිබෙනවා.

රියෝ පරම්පරාවේ එක් දරුවකු රියෝ නුවර ම ෆවෙලා පවුලක උපන් රෝසාමරියා (Rosamaria) දැරියයි. ඇය කුඩා කල ඇගේ පියා ඔවුන් හැර දමා යන්නට ගියා. ඇය හදා වඩා ගත්තේ මව හා ඥාතීන් විසින්. රෝසාමරියා පාසල් ගියත් ඉගෙනීමට ඇල්මක් හෝ පසුබිමක් තිබුණේ නැහැ. විනය හේතුන් නිසා පාසලෙන් නෙරපනු ලබන ඇය නව යෞවන වියේ දරු දැරියන් සමග නිදැල්ලේ කල් ගෙවීම කෙළවර වන්නේ වයස 18දී ඇයත් මවක බවට පත් වීමෙන්.

මේ දරුවා හදා ගන්නට ඇයත් සහකරුවාත් දැඩි අරගලයක යෙදෙනවා. හරිහැටි අධ්‍යාපනයක් නැති නිසා ඇයට ආදායමක් ඉපැයීමට ඇති අවස්ථා සීමිතයි. අපරාධ හා විෂමාචාර මෙන් ම හොඳහිත හා ධෛර්යවන්තකම ද බහුල ෆවේලාවක සිට කවදා හෝ තමන් නොලද වරප‍්‍රසාද සිය බිළිඳු පුතුට ලබා දීමට රෝසාමරියා අධිෂ්ඨාන කර ගෙන සිටිනවා. http://tiny.cc/CORosa

ඇගේ කථාව අනුවේදනීය වනවා මෙන් ම රියෝ සමුළුවේ ගෝලීය අරමුණු අවසන් විනිශ්චයේදී සැබෑ ලෝකයේ ගැහැනුන්. මිනිසුන් හා දරුවන්ට අදාල වන සැටි ගැන ප‍්‍රබල විවරණයක් සපයනවා.

‘Children of Rio’ බඳු දිගු කාලීන මාධ්‍ය වාර්තාකරණයන් කිරීමට මාධ්‍ය සම්පත් හා කුසලතා පෙළගැස්මක් අවශ්‍යයි. දුවන ගමන් ප‍්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍යවේදීන්ට එබඳු විමර්ශනාත්මක හා සංවේදී වාර්තාකරණයකට අවකාශ නැහැ. එබඳු දිගු කාලීන ආයෝජනයක් කරන්නට බොහෝ මාධ්‍ය ආයතන කැමතිත් නැහැ.

1980 දශකයේ මුල මහවැලි ජනපදවල පදිංචි කෙරුණු පවුල් කිහිපයක ඉදිරි ගමන දශක දෙක තුනක් තිස්සේ රූපමය ආකාරයෙන් වාර්තා කළ හැකි වී නම් කෙතරම් අපූරු ද? යුද්ධයෙන් පසු අධිවේගී සංවර්ධනයකට යොමුව ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගු කාලීන මානුෂික වාර්තාකරණයකට දැන් වුවත් යොමු විය හැකි නම් ශීර්ෂ පාඨයන්, උද්‍යෝග පාඨයන් හා දේශපාලන සංකල්ප සියල්ලෙන් ඔබ්බට යන ගැඹුරු විග‍්‍රහයක් ලද හැකියි.

රියෝ පරම්පරාවේ කථාව දශක දෙකක් සම්පූර්ණ වන මොහොතේ එය බෙදා හදා ගන්නට මගේ ටෙලිවිෂන් ගුරුවරයා වූ රොබට් ලෑම්බ් අප අතර නැහැ. පිලිකාවකින් පරාජය වූ රොබට් මේ වසරේ පෙබරවාරියේ මිය යන විට වයස 59යි.

රියෝ පරම්පරාවේ කථාව ඔහුගේ අනුගාමිකයන් දිගට ම වාර්තා කරයි ද? තවත් වසර 10කින්, 20කින් මේ ජීවිතවල ඉදිරි කථාව කුමන අයුරකින් ලියැවේද? මේ අවිනිශ්චිත බවට මැදි වෙමින් මා රියෝ නුවරින් සමු ගෙන ආපසු පැමිණියා.

Video: Sri Lanka’s Lost Generations: Systems Ecologist Ranil Senanayake on genepool implications of insurrection & war


Last year, I read an uncommon book with an unusually long title written by an unorthodox author.

Clowns to the Left of Me, Jokers to the Right and Here I am Stuck in the Middle again: 30 years of attempting policy change in Sri Lanka was an author-published volume by systems ecologist Dr Ranil Senanayake. In it, he collected some of his more noteworthy media articles and non-technical writing on forestry, biodiversity, agriculture, conservation and the broader issues of sustainable development, published over three decades.

In his Epilogue, I came across one of the most chilling passages I read that year: “It has been commented that this nation twice removed from its gene pool the genes for activism. In 1971 the government ‘removed’ up to 20,000 or more of the educated. Those who attended university, demonstrated interest in radical politics, were young or unemployed were singled out for liquidation. The next programme was in the late 1980s when over 40,000 were ‘removed’ with hardly a word being uttered in protest on any international stage…These people never passed their genes on. Genetically speaking, we removed from our race a large percentage of the traits for high intellectual potential and activism. Metaphorically it has become the time of the bottom feeders to manifest themselves as intellectuals and leaders.”

I touched on this when I filmed a long interview with Ranil (now published on Groundviews.org: read Part 1 and Part 2). Here is the short video I edited, where his expressions match the gravity of his concerns:

Reproduced below is the full transcript of this short video (11 mins). My questions posed to him have been paraphrased on-screen; his spoken answers are verbatim.

You can debate Ranil’s views either on this blog, or on Groundviews where this video is also published.

Sri Lanka’s Lost Generations: Ranil Senanayake Speaks

An Eye for an Eye?

See, in 1971 and in the late 80s, when we heard these so called JVP revolution. We went out and we killed first 20,00 mass of men, more or less. And the second time, about 40,000. Young people, children of this country. Why? Because they were a threat to the established government of this country.

Now, I can see that if there is indeed a revolution, a country must respond. But responding in this brutal manner because the response was not merely a military response, it was a response of pure terrorism. It was terrorised the whole nation.

Collateral Damage?

One story that I can share with you is that a senior person who was involved in this, in the control, at a table made the statement that “If 10% of the people that we destroy were hardcore JVPers we would have broken the back of the revolution”. This totally horrified me. It, it…I was depressed for weeks when I heard that.

It meant 90% of those people they killed were innocent. Their only ‘crime’ was they were young, they were educated and they had the fire of youth in them.

I, as a person, said I could not live in a country that kills its own people — own children — for its survival and I left, I went away for sometime. I wrote a poem which Hon Lakshman Jayakody read into the Parliament, into the Hansard, pointing out where we were going wrong, in this case.

What Have We Done?

But worse, what that action brought was the REMOVAL from our gene pool of the genes for intellect, education. The genes for revolution. The genes that would drive people forward; the genes that produced people who would fight and die for a country, for a nation. We removed this and as from my genetics, as an geneticist, you remove 60,000 children from a population as small as ours, you are taking away a large ocean of the cleverest of our population. And we shot ourselves in the foot.

This is karma vipaka, as the Buddha says. For the action ghastly action, for the action of taking away of our youth, killing our youth, removing them from our gene pool, we will have to suffer the fate of having a gene pool, well, you see what we have today…

We ALL live with the consequences…

Unfortunately, there is something else, as a Sri Lankan and as a Buddhist, which I find loathsome and that is — when ever somebody dies for whatever reason even a murderer, it is our tradition to give a dana (alms giving). First, a week after they deceased, then a month and annually. We have lost 60,000 children for our own society, for maintaining our status quo. Has anyone EVER given a Dane to these people who have departed? Up to today, no!

So is it a surprise that as a nation we suffer what we suffer? We are responsible for that and yet uptodate we are not willing to accept the responsibility for the actions we did. I think that is something that we have to deal with. Sri Lankans will have to deal with in the future to come. Because, as Buddha says, karma vipaka — for every action there is a reaction. And for that action, look what we have today.

On Sri Lanka’s Separatist War…

The separatism that came after the youth insurrection was again something that was building up for sometime. It was the similar, shall we say almost parallel, political moment that happened in the North. Where the separatism when they were talking about it on a political platform then descended into a violent struggle, if you want to call it.

I think it was, it is still pointless, but I think what most people fail to realise is that it is rooted in our history. It’s rooted in 3,000 years of history. And that is why it is so difficult for us to deal with the subject of finding a common ground, to deal with the subject of extending our hands out, to deal with the subject of trying to understand the other position, because unfortunately we are still rooted in these many, many years, thousands of years of history.

Breaking Free of History’s Grip?

It is indeed, it should be the task of the leaders and the politicians to bring us into the modern age. To demonstrate that that history is past, that we have to now forge something into the future. That involves all of us.

But our shallow politicians have chosen otherwise, from both areas, from both sectors. They have chosen division as their power, division as their source of strength, because as I told you , because of the past history this is the easiest, this is the least common denominator — this is the easiest place to go to, it’s the shallowest political refuge.

And that’s what politicians from both sides have been doing. Not looking at the future, not working towards bringing us into the future but dragging us back into the past and opening up the old wounds and the old fears that we brought along with this for all these years and capitalising on them, from both sides.

Aren’t we ALL immigrants on the island of Lanka?

Indeed, you are absolutely right! Humanity has been wandering around this planet for thousands and thousands, tens of thousands of years. People have come and people have gone. I mean, this whole question of I came first or you came first is spurious at best, I mean, this is just the refuge of a cheap politician to say I came first, you came later, you came first, I came first, this is all ridiculous…

Prisoners of Our Fathers’ Hopes & Fears?

We are prisoners of our own constructs. Or, as the song goes, “We are indeed prisoners of our father’s hopes and fears.”

Fears. Fears is where the politicians move to. Fear is what they use as their tool of power. We are trapped in this thing and until that fear is removed, and until we are educated into understanding where we are, and we are educated into understanding that there is nothing lost, in treating another human being as equal and as a brother, we are lost.

We are a nation of people who claim to live by the words of the Buddha. If we do, this would never come about. Never. So it shows as a nation a loss, it shows as a nation, that we have failed to live up to what we claim we are – Buddhists…

Dr Ranil Senanayake
Interviewed by Nalaka Gunawardene
Colombo, Sri Lanka, on 19 March 2012

Released online: June 2012
Dr Ranil Senanayake Online profile

No copyright restriction.This video may be used by anyone, anywhere.

සිවුමංසල කොලූගැටයා #46: තොරතුරු ගලනයේ වේලි බිදී යයි!

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS), I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of emerging information societies. It was published in One World South Asia on 5 December 2003.

I adapted into Sinhala parts of that interview for my Ravaya Sunday newspaper column last week (18 Dec 2011),making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet.

For this week’s column, appearing in the print edition for 25 Dec 2011, I have adapted more segments of that interview covering topics such as: violence in society and media’s role; educational potential of television; does satellie TV spread cultural imperialism; and how technology – not politicians or generals – now determine the free flow of information across borders. This cartoon, drawn by David Granlund a year ago, aptly captures that last point!

A welcome dam breach, this one! - cartoon by Dave Granlund

See also my essay of 19 Dec 2010: Living in the Global Glass House: An Open Letter to Sir Arthur C Clarke

ප්‍රබලව මතුව එන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා. එහි අරමුණ වූයේ අද තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වූ ක්ලාක් එවකට දැකිය හැකි අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ලෝකය සමග ඛෙදා ගැනීමයි.

පසුගිය සතියේ (2011 දෙසැම්බර් 18) ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා. අද එහි ඉතිරි කොටස.

නාලක: භූස්ථාවර කක්ෂයේ (Geostationary orbit) රදවන ලද පණිවුඩ චන්ද්‍රිකා මගින් ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් ඇති කළ හැකි යයි ඔබ මුල් වරට පෙන්වා දී වසර 50ක් ගත වී තිඛෙනවා. මේ අඩ සියවස ගැන ඔබේ අදහස් මොනවා ද?

ක්ලාක්: තාක්ෂණික දියුණුව කෙසේ සිදු වේද යන්නත්, එය කෙතරම් ඉක්මනින් සිදු විය හැකි ද යන්නත් ගැන අනාවැකි කීම ඉතා අපහසුයි. 1945දී මා Wireless World සගරාවේ ලිපිය ලියන කාලයේ සිතුවේ පණිවුඩ චන්ද්‍රිකා සැබැවින් නිර්මාණය වී උඩුගුවනට යන්නට අඩු තරමින් වසර 50ක්වත් ගත වනු ඇති කියායි. එමෙන් ම ඒවා මහා පරිමාණයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වේ යයි ද, ඒවා නඩත්තුවට කක්ෂගත වූ කාර්මික පිරිස් සිටිනු ඇතැයි ද මා සිතුවා. එහෙත් (1948 දී නිපද වූ) ට්‍රාන්සිස්ටරය හා 1950 ගණන්වල සිදු වූ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික නිපදවීම් නිසා 1940 ගණන්වල අප දැන සිටි තාක්ෂණ මට්ටමට වඩා ඛෙහෙවින් සංකීර්ණ, සංයුක්ත හා ස්වයංක්‍රීය වූ චන්ද්‍රිකා නිපදවීමට හැකියාව ලැබුණා. මේ නිසා චන්ද්‍රිකා තාක්ෂණය ලොකු ඉදිරි පිම්මක් පනින්නට සමත් වුණා. මගේ ලිපිය පළ වී වසර 20ක් ගෙවී ගිය තැන – 1965දී – මුල් ම වාණිජමය පණිවුඩ චන්ද්‍රිකාව (Early Bird) උඩුගුවන් ගත කළා. ට්‍රාන්සිස්ටරය නිපදවූයේ නැතිනම් සමහර විට චන්ද්‍රිකා තාක්ෂණය මෙන් ම අභ්‍යවකාශ තරණයේ සෙසු ජයග්‍රහණත් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.

පණිවුඩ චන්ද්‍රිකා අධ්‍යාපනික වශයෙන් වැදගත් ටෙලිවිෂන් වැඩසටහන් විකාශය කිරීමට යොදා ගත යුතු බව ඔබ කලක සිට විශ්වාස කරනවා. අද වන විට ව්‍යාප්තව ඇති චන්ද්‍රිකා ටෙලිවිෂන් සේවාවන් මේ කාර්යය හරි හැටි ඉටු කරනවා ද?

අද ලෝකයේ සිටින ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවන් දෙදෙනකු වන රූපර්ට් මර්ඩොක් සහ (CNN ආරම්භක) ටෙඩ් ටර්නර් සමග චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වන්නට මෑත අවස්ථා දෙකකදී මට හැකි වුණා. එහිදී මා ඔවුන් දෙදෙනාට චන්ද්‍රිකා ටෙලිවිෂන් මාධ්‍යය හොදට හා නරකට යොදා ගැනීම පිළිබ`දව අවවාද කිහිපයක් දුන්නා. මා මුලින් ම සිහිපත් කළේ බ්‍රිතාන්‍යයේ පුවත්පත් හිමිකරුවන් සම්බන්ධයෙන් කලකට ඉහත බ්‍රිතාන්‍ය අගමතිවරයකු කී කථාවක්. ඔහු කීවේ පුවත්පත් හිමිකරුවන් වගකීමකින් තොර වූ බලයක් නතු කර ගෙන එය හසුරුවන බවත් ඉතිහාසය මුළුල්ලේ මෙබඳු තැනක් හිමි කර ගෙන සිටියේ ගණිකාවන් පමණක් බවත් (“The privilege of the harlot throughout the ages: power without responsibility.”)

මෑතක් වන තුරු මුද්‍රිත මාධ්‍යය හිමි කර ගෙන සිටි බලයටත් වඩා විශාල බලයක් අද ටෙලිවිෂන් මාධ්‍යය ලබා ගෙන තිඛෙනවා. මෙසේ මිනිස් සිතුම් පැතුම්, චර්යාවන් හා ජීවන රටාවන් සම්බන්ධයෙන් ඉමහත් බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයක් වන ටෙලිවිෂනයට, ඒ හා සමානුපාතික වූ ඉමහත් වගකීමක් ද අනිවාර්යෙන් ම පැවරෙන බව මා මේ දෙපළට කියා සිටියා.

දියුණු වන ලෝකයේ රටවල ටෙලිවිෂන් මාධ්‍යයේ තවමත් සැළකිය යුතු ප්‍රමාණයකින් බටහිර වැඩසටහන් දැකිය හැකියි. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?

යම් මට්ටමකින් ‘විද්‍යුත් අධිරාජ්‍යවාදයක්’ ලෝකයේ සිදු වන බව අප පිළිගත යුතුයි. පවතින වෙළඳපොළ ආර්ථීක රටාව තුළ මෙය මුළුමනින් නතර කිරීමට හෝ අධික ලෙස පාලනය කිරීම අපහසුයි. අනෙක් අතට මෙබඳු ප්‍රවණතා නිසා සිදු වන්නේ සමාජයේ නිරායාසයෙන් ම සිදු වන්නට නියමිත විපර්යාසයන් වඩාත් ඉක්මනින් සිදු වීමයි.

සුබවාදීව බලන විට තාක්ෂණය හා බද්ධ වූ නව සන්නිවේදන මාධ්‍ය මඟින් අපේ සංස්කෘතික දායාදයන්, උරුමයන් හා සිරිත් විරිත් අනාගත පරම්පරාවලට දැක බලා ගත හැකි පරිදි සංරක්ෂණය කර තැබීමට අවස්ථා ලැඛෙනවා. සමහර විට සැබෑ ලෝකයේ ක්‍රමයෙන් තුරන් වී ගෙන යන ඇතැම් ජන කලා හා සංස්කෘතික අංග අපේ දූ දරුවන්ට දැක බලා ගත හැකි වනු ඇත්තේ ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් හා CD බඳු මාධ්‍ය තුළින් පමණක් විය හැකියි. ඉතිහාසවේ මීට පෙර වකවානුවල පැවැති වටිනා කලා ශිල්ප හෝ සාංස්කෘතික අංග එසේ සුරකින්නට හැකියාවක් තිබුණේ නැහැ.

නිදහසේ තොරතුරු ගලායාම (free flow of information) මින් ඉදිරියට තීරණය කරන්නේ ඉංජිනේරුවන් විසින් මිස දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ විසින් නොවන බව ඔබ කියන්නේ ඇයි?

එළඹෙන දශකය තුළ වඩ වඩාත් මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් හා සංචාරකයන් ජංගම දුරකථන ලෝක ව්‍යාප්ත මට්ටමින් භාවිතා කරනු ඇති. එමෙන් ම කටහ`ඩ සන්නිවේදනයට පමණක් සීමා නොවී, ඔවුන්ට හ`ඩ හා රූප දෙක ම සන්නිවේදනය කළ හැකි වනු ඇති. ඒ ස`දහා පහසුවෙන් අතේ ගෙන යා හැකි, ජංගම සන්නිවේදන කට්ටල භාවිතයට එනවා. මේවා පණිවුඩ හුවමාරු කරන්නේ පොළව මත ඇති විදුලි සංදේශ රැහැන් පද්ධති හරහා නොව, පණිවුඩ චන්ද්‍රිකා හරහායි. මෙම කට්ටල වඩාත් ලාබදායී වන විට රට රටවල් අතර සංචාරයේ යෙදෙන හැම දෙනකු ම පාහේ මේවා භාවිතා කරන්නට පටන් ගනීවි. එවිට දේශීය මට්ටමේ දුරකථන හා අනෙකුත් සන්නිවේදන සේවා මත ඔවුන්ට යැපෙන්නට සිදු වන්නේ නැහැ.

මෙහි ප්‍රතිඵලය සිතා බලන්න. තමන්ගේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් රජය, හමුදා හෝ අන් පාක්ෂිකයන් විසින් සිදු කරන අපරාධ හෝ සමූල ඝාතන බදු කිසිවක් පිටස්තර ලෝකයෙන් තව දුරටත් වසන් කරන්නට රටකට හැකි වන්නේ නැහැ. මෙබදු නව සන්නිවේදන තාක‍ෂණයන් හා ඒවා හො`ද හැටි භාවිතා කරන කැපවීමකින් යුතු මාධ්‍යවේදීන් සිටින විට අකටයුතුකම් කිරීමෙන් වැළකී සිටීමට රාජ්‍ය පාලකයන් හා වෙනත් බල කණ්ඩායම් මත ලොකු බලපෑමක් ඇති කෙරෙනවා.

සමහරුන් අද දවසේ ප්‍රචලිත ප්‍රචණ්ඩත්වය තාක්ෂණයේ අතුරු ඵලයක් යැයි කියනවා. ඔබ මේ තර්කයට එකඟ වනවාද?

ප්‍රචණ්ඩත්වය යනු පරිනාමීය ඉතිහාසය මුළුල්ලේ මානව වර්ගයා සතුව තිබු ලක්ෂණයක්. මේ නිසා එය තාක්ෂණයෙන් ඉස්මතු වූවා යැයි කීම වැරදියි. තාක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කළ හැකි මාර්ග හා අවස්ථා ප්‍රමාණ වැඩි කිරීමයි. තාක්ෂණය මෙසේ අනිසි හා අයහපත් ලෙස යොදා ගැනීම මිනිස් මනසේ වරදින් සිදුවන දෙයක්.

මා විශ්වාස කරන්නේ ඕනෑ ම ශිෂ්ටාචාරයක ඉදිරි ගමනට තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳ ගෙන ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවක් සමාන්තරව සිදු විය යුතු බව. එසේ සිදු නොවී, තාක්ෂණය පමණක් කඩිමුඩියේ ඉදිරියට ගිය හොත් වැඩි දුර යන්නට කලින් ස්වයං විනාශයක් සිදු වෙනවා. අපේ වර්ගයා මුහුණ දී තිඛෙන ලොකු ම අන්තරාය මෙයයි.

මා සිතන්නේ අද සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇති ප්‍රචණ්ඩත්වය සඳහා යම් තාක් දුරට වගකීම ටෙලිවිෂන් මාධ්‍යය භාර ගත යුතු බවයි. (එහෙත් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන එක ම මාර්ගය මෙය නොවෙයි.) සිය ගණන් අහිංසක මිනිසුන්ට, දරුවන්ට මරු කැඳවන, නැතහොත් ඔවුන් සදාකාලිකව ආබාධිත කරවන බෝම්බ, වෙඩි තැබීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යම් තරමක හෝ දායකත්වයක් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයෙන් ලැඛෙනවා. බොහෝ විට චිත්‍රපට හා ටෙලිවිෂන් වෘතාන්ත කථාවල පෙන්නුම් කරන දෙයක් නම් යුක්තිය, සාධාරණත්වය හෝ සත්‍යය සඳහා සටන් කරන අයට ඕනෑ තරම් ප්‍රචණ්ඩ ක්‍රියා කළ හැකි බව. මෙය ළමා හා තරුණ මනසට ව්‍යාකූල හා වැරදි අදහස් ඇතුළු කරන්නට පුළුවන්.

ටෙලිවිෂන් මාධ්‍යයේ නියැලී සිටින සමහරුන් කියන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් වෙතින් එන ඇතැම් චිත්‍රපට තමන්ගේ නිෂ්පාදනවලටත් වඩා පහත මට්ටමක් පවතින බවයි.

මෙය පිළිගත හැකි සංසන්දනයක් නොවෙයි. චිත්‍රපටවල හා ටෙලිවිෂන් වැඩසටහන්වල නිරූපනය වන ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන තවත් තර්කයක් නම් ඇතැම් මිනිසුන් තුළ සහජයෙන් පැන නඟින ප්‍රචණ්ඩ සිතුවිලි මෙබඳු නිර්මාණ නැරඹීම නිසා අවිහිංසක ලෙස පහ වී යන බවත් (catharsis), ඒ නිසා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩකම් කිරීමට ඔවුන් නොපෙළඹෙන බවත්. මෙය ද පිළිගත හැකි තර්කයක් නොවෙයි. චිත්‍රපට හා ටෙලිවිෂන් ඇත්තට ම මිනිස් චර්යාවන්ට ප්‍රබල බලපෑමක් එල්ල නොකරනවා නම්, කෝටි ගණන් මුදල් වැය කරමින් ටෙලිවිෂන් දැන්වීම් පෙන්වන්නට වෙළඳ ආයතන ක්‍රියා කරයි ද?

ප්‍රතිපත්තියක් හැටි මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. එහෙත් අද දවසේ සමහර ටෙලිවිෂන් නාලිකා විකාශය කරන බාල මට්ටමේ, හරසුන් වැඩසටහන් ගැන සිතන විට යම් තරමක හෝ විනයක්, වගකීමක් මාධ්‍ය තූළින් මතු නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන්නට සිදු වනවා.

Sarvodaya Leader A T Ariyaratne at 80: Conscience of a Bruised Nation

Dr A T Ariyaratne (left) in an expressive moment with Nalaka Gunawardene

When Dr A T Ariyaratne, founder and president of the Sarvodaya Shramadana Movement of Sri Lanka, turned 80 years on 5 November 2011, felicitations poured in from all over the world. This spontaneous act was an indication — if any were needed — of how much and how widely he has touched the lives of millions.

Ari is also our elder statesman of inclusive development. For over half a century, he and Sarvodaya have advocated a nuanced approach to overcoming poverty, illiteracy and various social exclusions. Unlike some die-hard activists, Ari doesn’t ask us to denounce materialism or revert to pre-industrial lifestyles. Instead, he seeks a world without extreme poverty or extreme affluence.

Suddenly, his quest for social justice and equality is resonating all over the world. In fact, Ari has been speaking out for the 99 per cent of less privileged people decades before a movement by that name emerged in the West. In a sense, those occupying Wall Street and other centres of affluence are all children of Sarvodaya.

While Ari shares their moral outrage, his own strategy has been quite different. He didn’t occupy physical spaces in his struggle; he went straight to the fount of all injustice – our minds.

* * * * *

Thus opens my personalised tribute, published on Groundviews.org as Ari of Sarvodaya: Conscience of a Bruised Nation.

In this 2,400-word essay, I salute a hero of mine who continues to speak truth to power, and makes a difference to millions of people in his land and elsewhere. For doing this, he has been ridiculed, harassed and vilified by small minds and the state. He continues undaunted, and shows no sign of slowing down after turning 80.

Here’s another excerpt:

In Ari, we find elements of Mahatma Gandhi (non-violent pursuit of the greater good); the Dalai Lama (interpreting Buddhist philosophy for the modern world); Martin Luther King, Jr. (struggling for the rights and dignity of marginalised people); Nelson Mandela (nurturing democracy and healing society); and Jimmy Carter (globalism with a humanitarian agenda).

“Yet Ari is more than the sum of these noble parts; he is his own unique visionary. And an adroit ‘remixer’ who constantly blends the best of East and West. He adapts our civilisational heritage to tackle the Twenty First Century’s anxieties and uncertainties. Thankfully, though, he doesn’t peddle simplistic solutions to today’s complex problems.

I also recall my first encounter with Ari, in early 1991, when a tyrant leader of Sri Lanka had virtually declared ‘war’ on this unarmed, non-violent small man. I have interviewed him several times since then – the most recent was in March 2011, when I accompanied my journalist friend Aditya Batra from India to talk to Ari (photo, below).

Read the full essay on Groundviews.org: Ari of Sarvodaya: Conscience of a Bruised Nation

Read a compact version of the essay on Light Millennium website (New York)

Read a compact version on Down to Earth magazine (New Delhi): Sri Lanka’s Gandhi Turns 80

L to R - Nalaka Gunawardene, Aditya Batra & Dr A T Ariyaratne of Sarvodaya, March 2011

සිවුමංසල කොලූගැටයා #31: 9/11 – ලොව සසල කළ මහ පුවතක මුල්පිටු මතකය

Text of my Sinhala column for Ravaya issue of 11 September 2011. In this one, I discuss how front pages of newspapers around the world reported 9/11 terrorist attacks, and how the dichotomy between reporting and editorialising blurred in some media outlets.

9-11 Frontpages at Newseum in Washington DC, photos by Nalaka Gunawardene

“පුවත්පත් කලාව යනු ඉතිහාසයේ මුල් කෙටුම්පතයි” (‘Journalism is the first rough draft of history.’)

මෙසේ කීවේ ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පත්‍රයේ ප්‍රකාශක ෆිලිප් ග්‍රහැම්. ඉතිහාසඥයන් මුහුණ නොදෙන අභියෝගයන්ට මාධ්‍යවේදීන් දිනපතා ප්‍රතිචාර දක්වනවා. දවසේ පැය 24 පුරා සජීව ලෙසින් ප්‍රවෘත්ති ආවරණය කැරෙන විද්්‍යුත් හා වෙබ් මාධ්‍ය බහුල අද කාලේ, හද සසල කරන මහා ප්‍රවෘත්තියක් අත්විදිමින් ම ඒ ගැන වාර්තා කරන්නට, විග්‍රහ කරන්නට ඔවුන්ට සිදුවනවා.

මෙය මාධ්‍ය ග්‍රාහකයන් හිතන තරම් ලෙහෙසි කාරියක් නොවෙයි. අපේ රටේ මෑත අවුරුදුවල මෙබදු මහා ප්‍රවෘත්ති අතරින් 2009 මැයි 18 වනදා මෙරට යුද්ධය අවස්න වීමත්, 2004 දෙසැම්බර් 26 වනදා සුනාමි ව්‍යසනයත් සිහිපත් වෙනවා. මේ සිදුවීම් දෙකේදී මාධ්‍ය ආවරණය සිදු වූ ආකාරය ගැන මාධ්‍ය පර්යේෂකයන් හා මාධ්‍යවේදීන් තවමත් වාද විවාද කරනවා. ඒ තරම් ම වාද විවාදයට ලක් වූ මහා ප්‍රවෘත්තියක් අදට හරියට වසර 10කට කලින් (2001) අමෙරිකාවේ නිව්යෝක් හා වොෂිංටන් නගරවල සිදු වුණා.

ඒ තමා අල්කයේඩා ත්‍රස්ත්‍රවාදීන් විසින් අමෙරිකාවේ වාණිජමය හා ආරක‍ෂක මර්මස්ථානවලට එල්ල කරන ලද සමෝධානිත ප්‍රහාරය. එදින උදේ මගී ගුවන්යානා 4ක් බලහත්කායෙන් අත්පත් කරගත් අල්කයේඩා පිරිසක් එයින් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානය (World Trade Centre, WTC) නම් ගොඩනැගිලි සංකීර්ණයේ ගැටීමට පියාසර කළා. තවත් එකක් එරට ආරක‍ෂක අමාත්‍යාංශය පිහිටි වොෂිංටනයේ පෙන්ටගන් සංකීර්ණයට කඩා වැටෙන්නට සැළැස් වූ අතර සිවුවැනි යානය ඉලක්කයක් කරා යාමෙන් වැළකුණේ එහි සිටි මගීන් (ජීවිත පූජාවෙන්) ගුවන්යානාවේ කොල්ලකරුවන් සමග ගැටුණු නිසායි. එය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෂැන්ක්ස්විල් ස්ථානයට කඩා වැටුණා.

පැය කිහිපයක් ඇතුළත රටවල් 70ක ජාතිකයන් 3,000ක් පමණ දෙනාට මරු කැදවූ මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා සමස්ත අමෙරිකාව පමණක් නොවෙයි මුළුමහත් ලෝකය ම භීතියෙන් ඇලලී ගියා. දරුණු කම්පාවට පත්වුණා. WTC ප්‍රහාරය මේ අතරින් වඩාත් බිහිසුණු වූ අතර, ඉන්ධන පිරවුණු ගුවන්යානා ගැටී ගිනි ගැනීම නිසා ඉතා සවිමත් සේ තැනුණු මහා ගොඩනැගිලි දෙක කෙටි කාලයක් තුළ දිය වී කඩා හැලූණා. එහිදී මියගිය 2,753 දෙනා අතරට උදවුවට එහි ගිය ගිනි නිවන භටයන් 343ක් හා පොලිස් නිලධාරීන් 60ක් ද සිටියා.

සැප්තැම්බර් 11 වනදා සිදු වූ නිසා මෙය කෙටියෙන් 9/11 ප්‍රහාරය කියා හදුන්වනවා. ස්ථාන ගණනක් පුරා විසිරුණු, පැය ගණනක් පුරා පැතිරුණු මෙබදු සිදුවීමක් ගැන මාධ්‍ය ආවරණය කරන්නේ කොහොමද? මේ අභියෝගයට අමෙරිකානු මාධ්‍යවේදීන් ප්‍රමුඛ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැලි ලොව පුරා මාධ්‍ය ආයතන එදා විවිධ ආකාරයෙන් මුහුණ දුන්නා. දශකයකට පසුව එම ප්‍රහාරය ගැන මෙනෙහි කරන අයට මතකයන් පණ ගන්වන්නට උපකාර වන්නේත් එදා සහ ඉනික්බිති එළඹුණු දින ගණනක් තිස්සේ මාධයවේදීන් වචනවලින්, රූපවලින් කළ ආවරණයන් හා විග්‍රහයන් තමයි.

අමෙරිකාවේ වාණිජමය වශයෙන් වඩා ම වැදගත් නගරය වන නිව්යෝක්හි බොහෝ මාධ්‍ය ආයතන මූලස්ථානගත වී හෝ ප්‍රමුඛපෙළේ කාර්යාල පිහිටුවා තිඛෙනවා. ලෝක ව්‍යාප්ත මාධ්‍ය ජාල රැසක් කාර්යාලත් එහි තිඛෙනවා. මේවායේ සේවයේ නියුතුව සිටි මාධ්‍යවේදීන්, තමන්ගේ ජීවිතාරක‍ෂාව ගැන නොබලා තම නගරයට එල්ල වූ ප්‍රහාරය විස්තරාත්මකව වාර්තා කළා. ලොව පුරා විසුරුණු බිලියනයකට අධික ටෙලිවිෂන් ප්‍රේක‍ෂකයන් සංඛ්‍යාවක් සජීව ලෙසින් මේ වාර්තාකරණය නැරඹුවා. තමන්ගේ නෑ හිතමිතුරන්ට අනතුරක් වී ඇත්දැයි දැන ගැනීමට පවා ඉස්පාසුවක් නැතිව තම ග්‍රාහකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කළ හැම මාධ්‍යවේදියකුට ම 9/11 ප්‍රහාරය ජන මනසේ සනිටුහන් කිරීම ගැන ප්‍රනාමය හිමි වෙනවා.

ප්‍රහාරය නිසා ඇතැම් මාධ්‍ය ආයතනවලට ද හානි සිදු වුණා. The Wall Street Journal පුවත්පතේ කාර්යාලය තිබුණේ ඇද හැළුණු WTC කුළුණු අසලයි. හදිසියේ ම ඔවුන්ට කාර්යාලය අත්හැර දමා සැතපුම් 50ක් දුරින් පිහිටි තැනකට යාමට සිදු වුණා. එහෙත් මාධ්‍යවේදීන් එතැන සිට හෝ තම නිවෙස්වල සිට හෝ දිගට ම පුවත්පත පළ කළා. අධික පීඩනයක් යටතේ වුව මැදහත් හා විස්තරාත්මක වාර්තාකරණයක යෙදීම ගැන (පුවත්පත් කලාවේ නොඛෙල් ත්‍යාගය වැනි) පුලිට්සර් සම්මානයක් එම කාර්ය මණ්ඩලයට පසුව පිරිනමනු ලැබුවා.

9/11 ප්‍රහාරය අනුස්මරණය කිරීමේ විවිධ සාමයික, ශාස්තී්‍රය හා වෘත්තිමය අවස්ථා මේ දිනවල අමෙරිකාවේ පැවැත්වෙනවා. ඒ අතරින් මාධ්‍ය ආවරණය මෙනෙහි කරන හොද ම උත්සාහය හැටියට මා දකින්නේ වොෂිංටන් අගනුවර පිහිටි මාධ්‍ය හා සන්නිවේදන කෞතුකාගාරයේ (Newseum) තිඛෙන 9/11 මාධ්‍ය ස්මාරකයයි. එහි ප්‍රදර්ශන ශාලාවක් පුරා විහිදෙන මේ ස්මාරකය මැද තිඛෙන්නේ එදා ත්‍රස්ත ප්‍රහාරය නිසා ගිනි ගෙන කඩා වැටුණු WTC උතුරු කුළුණේ ඉහළ රදවා තිබූ විද්්‍යුත් මාධ්‍ය විකාශන ඇන්ටෙනාවේ අඩි 31ක කොටසක්. එය වට කර ගෙන ඇත්තේ 9/11 ප්‍රහාරය ගැන අමෙරිකාවේ හා ලෝකයේ ඇතැම් පුවත්පත් සිය මුල්පිටුවලින් වාර්තා කළ ආකාරයයි.

පුවත්පත් කලාව ඉතිහාසයේ මුල් කෙටුම්පත් ලියනවා නම්, එහි හද ගැස්ම වඩාත් ම හසු කර ගන්නේ මුල් පිටු ඔස්සේයි. මහා ප්‍රවෘත්තියක් ගැන විවිධ පුවත්පත් මුල්පිටු වාර්තා කළ හැටි මෙසේ එක් තැන් කිරීම හොද ප්‍රදර්ශන උපක්‍රමයක්. එයින් අපේ බුද්ධියට හා හැගීම්වලට කළ හැකි බලපෑම පසුගියදා ඒ ප්‍රදර්ශනය නැරඹීමෙන් මා හොදාකාර අත් වින්දා.

බහු විධ පැතිකඩ ඇති සිදුවීමක් විවිධ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවිධාකාරයෙන් වාර්තාකිරීම ස්වාභාවිකයි. එහිදී සිදුවීමට වඩාත් සමීප පුවත්පත් වඩා ආවේගශීලීව වාර්තාකරන සැටිත්, කිලෝමීටර් දහස් ගණනක් ඈත සිට වඩාත් මැදහත්ව වාර්තා කළ සැටිත් අපට තේරුම් ගත හැකියි. 9/11 සිදුවීම වාර්තා කළ පුවත්පත් 127ක මුල් පිටු මේ ප්‍රදර්ශනයට ඇතුළත්. (එයින් සමහරක් එදින ම සවස්වරුවේ නිකුත් කළ විශේෂ මුද්‍රණ. අනෙක්වා පසුවදා.) අමෙරිකාවේ විවිධ ප්‍රාන්ත හා නගරවල පළ කැරෙන පුවත්පත් 93කත්, වෙනත් රටවල් පුවත්පත් 34කත් මුල්පිටු මේ ප්‍රදර්ශනයට යොදා ගෙන තිඛෙනවා. (ආසියාවෙන් ඇත්තේ ජපන් හා කොරියානු පුවත්පත් තුනක් පමණයි.)

පුවත්පත් කලාවේ එක් මූලික ආචාර ධර්මයක් නම් ප්‍රවෘත්ති වාර්තාකරණයේ කරුණු නිවැරදි හා සමබර විය යුතු අතර, මත දැක්වීම නිදහස් බවයි. මෙය ඉංග්‍රීසියෙන් කියන්නේ ‘Facts are sacred, but comment is free’. සාමාන්‍යයෙන් මුල්පිටු යොමු වන්නේ අළුත් ම තොරතුරු කැටි කැරුණු පුවත් වාර්තා කරන්න. එහෙත් සුවිශේෂී අවස්ථාවල පුවත්පතේ කතුවැකිය මුල් පිටුවට යෙදීමට කතුවරුන් තීරණය කරනවා. එහිදීත් එය කතුවැකියක් බව හොදින් හුවා දක්වනවා.

9/11 ප්‍රහාරය ගැන වාර්තා කිරීමේදී පුවත් හා මත දැක්වීම් අතර මේ ඛෙදීම ඇතැම් අමෙරිකානු පුවත්පත් අතින් ගිලිහී ගිය ආකාරය දැකිය හැකියි. ගිනි ගෙන දැවෙන හෝ කඩා වැටෙන උඔක‍ කුළුණුවල විශාල ප්‍රමාණයේ ඡායාරූප සමග ඇතැම් පුවත්පත් පොල්ගෙඩි අකුරින් හෙඩිම් පළ කළා. ‘Evil Acts!’ (අති දුෂ්ඨ ක්‍රියාවක්). ‘Bloody Terror!’ (ලේ හැලෙන භීතියක්). මුල්පිටු කිහිපයක හෙඩිම වූයේ ‘Act of War!’ හෙවත් යුද්ධමය ක්‍රියාවක් යන්නයි.

එවකට අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සැප්තැම්බර් 11 සවස ටෙලිවිෂනයෙන් ජාතිය අමතා කළ කථාවේ ඇතැම් යෙදුම් ද සමහර පුවත්පත් සිය ප්‍රධාන හෙඩිමට උධෘත ලෙසින් යොදා ගත්තා. වඩාත් ම ආවේගශීලී හෙඩිම ලෙස මා දකින්නේ සැන්ෆ්රැන්සිස්කෝ ඉක්සැමිනර් පත්‍රයේ පළ කළ ‘BASTARDS!’ එය ‘තක්කඩියො’ හැටියට අපට සිංහලෙන් අරුත් දිය හැකියි. මේ ප්‍රහාරයට වගකිව යුත්තේ කවුද යන්න ගැන එකහෙළා ම නම් කිරීමක් ජනාධිපතිවරයා නොකළත්, ඇතැම් මාධ්‍ය ඒ වන විටත් දොස් තැබීම පටන් ගෙන තිබුණා.

මේ ආවේගයන් අතරේ වඩා සන්සුන්ව තොරතුරු වාර්තා කළ හා විග්‍රහ කළ පුවත්පත් ද තිබුණා. ප්‍රහාරයේ මුව විට සිට ගෙනත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ වාර්තාකරණය එයට කදිම නිදසුනක්. ප්‍රහාරයේ ස්වරූපය, එහි ප්‍රතිඵල, විපතට පත් වූවන්ට සහන සැළසීමේ පියවර, ජනාධිපතිගේ කථාව වැනි පුවත් කිහිපයක් කැටිකර ගත් ඒ මුල් පිටුව රැගත් සැප්තැම්බර් 12 වනදා නිව්යෝක් ටයිම්ස් කලාපයේ පිටපත් හාර ලක‍ෂයක් අලෙවි වුණා. ප්‍රහාරයට ලක් වූ අනෙක් නගරයේ ප්‍රධාන පුවත්පත වන වොෂිංටන් පෝස්ට් ද එයට සමාන සංයමයක්, සමබරතාවයක් පෙන්නුම් කළා. කෙතරම් විද්්‍යුත් මාධ්‍ය වාර්තාකරණයක් පැවතියත්, වඩාත් විස්තරාත්මක විග්‍රහයන් සදහා අමෙරිකාව පුරා ජනයා පත්තර මිළට ගත් සැටි මේ ප්‍රදර්ශනයේ පුවරුවලින් කියා පානවා.

One incident, three different takes

මේ අතර යුරෝපයේ, මැදපෙරදිග හා ආසියාවේ පුවත්පත් මේ ප්‍රවෘත්තිය විවිධාකාරයෙන් වාර්තා කළා. ඒ ගැන නෙතග බැල්මක් මුල්පිටු තුළින් අපට ලද හැකියි. පුවත්පත් 127 අතරින් මුල් පිටුවට කිසිදු ඡායාරූපයක් අඩංගු නොකළ එක ම පුවත්පත ලෙබනනයේ. අන් හැමෙකක් ම ප්‍රහාරයේ ත්‍රාසජනක අවස්ථා වර්ණ හෝ කළුසුදු හෝ ඡායාරූපවලින් පෙන්නුම් කළා. ඒ අතරින් මගේ නෙත් ගන්නේ ලන්ඩන් ටයිම්ස් පත්‍රයේ නිමාවයි. 2001 සැප්තැම්බර් 12 එහි සමස්ත මුල්පිටුව හා අවසන් පිටුව පුරා ඇත්තේ දැවැන්ත තනි ඡායාරූපයක් පමණය‘. ගිනිගෙන දැවෙන නිව්යෝක් දුර සිට හසු කරගත් මේ ඡායාරූපයට උඩින් “10.02 a.m. September 11 2001” යන්න පමණක් මුද්‍රිතයි. විස්තරාත්මක වාර්තාකරණය ඇත්තේ ඇතුළු පිටුවලයි.

The Times London front page - 12 Sep 2001.jpg

මේ මට මුල්පිටුව හොදට මතකයි. ඒ දිනවල මා සිටියේ ලන්ඩන් නුවර. නිව්යෝක් නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීම ගැන පුවත ලන්ඩනයට මුලින් ලැඛෙන විට එදින පස්වරු 1.30 පමණ වන්නට ඇති. ටික වේලාවකින් සියළු ප්‍රවෘත්ති සේවාවන් මේ සිදුවීම වාර්තාකරණයට කැප කෙරුණා. සමහරක් ලන්ඩන් පුවත්පත් එදින සවස නිකුත් කළ විශේෂ මුද්‍රණ මා තවමත් සුරැකිව තබා ගෙන සිටිනවා.

පුවත්පතක මුල් පිටුව සැකසීමත් සුවිශේෂ කලාවක්. ඉදහිට පත්තර ලෑල්ලකින් පිටපතක් මිළට ගන්නා අහඹු පාඨකයන් ඇද ගන්නා අතර ම, නිතිපතා කියවන පාඨකයන්ගේ තොරතුරු පිපාසය සංසිදවන්නටත් මුල්පිටුව සමත් විය යුතුයි. ඉතිහාසය තමන්ගේ තීරණ ගැන කුමන ආකාරයකින් විග්‍රහ කරාවි ද යන්න සිතන්නට මුල් පිටුව සකසන කතුවරුන්ට හා මුද්‍රණ තාක‍ෂණ ශිල්පීන්ට වෙලාවක් නැහැ. නමුත් මහා ප්‍රවෘත්ති වාර්තාකරණයේදී හුදෙක් ඒ මොහොතට පමණක් නොව ඉතිහාසයටත් තොරතුරු සංරක‍ෂණය කිරීමක් මුල් පිටු හරහා නිරායාසයෙන් ම ඉටු කැරෙනවා.

මා දන්නා තරමට මුල් පිටු මාධ්‍යයක් හැටියට යොදා ගෙන ලංකාවේ කැරෙන ආවර්ජන ඉතා සීමිතයි. මුල්පිටු ඇතුළු යටගිය දවස පුවත්පත් බලන්නට අප ලේඛනාගාරයට යා යුතුයි. තනි මාධ්‍ය ආයතන තම තමන්ගේ ප්‍රකාශනවල මුල් පිටු ඇතැම්විට ආවර්ජනා සදහා යොදා ගත්තත්, තනි සිදුවීමක් මෙරට සියළු ම පුවත්පත් මුල් පිටු හරහා වාර්තා කළ ආකාරය හසු කර ගෙන නැහැ.

Newseum කෞතුකාගාරයේ මා ගත කළ දෙදින තුළ දුටු එක ම ලාංකික පුවත්පත 2004 දෙසැම්බර් 27 වනදා Daily Mirror මුල් පිටුවයි. සුනාමි විපත ආසියාතික පුවත්පත් වාර්තා කළ ආකාරයට එක් උදාහරණයක් හැටියට. භේදයකින් තොරව මුළු රට ම කම්පා කළ සලිත කළ සුනාමිය ගැන කල් ගත වී හෝ මාධ්‍ය ස්මාරකයක් බිහි කළ හැකි නම්, මුල් පිටුවලින් කළ වාර්තාකරණය එහි මුල් තැනක් ගන්නවා සිකුරුයි!

9/11 plus 10: Recalling a news tremour through (archived) live TV news and front pages

Breaking News indeed!


I can remember exactly where I was and what I was doing when the news of 9/11 attacks on the World Trade Centre Twin Towers in New York reached me.

It was around 1.15 pm in the UK, a bright sunny afternoon. I was just entering London’s Kings Cross Station to buy tickets. My colleague Marietta, walking with me, received a call to her mobile phone giving the breaking news that somebody had just flown a plane into WTC.

Another clumsy pilot, I thought — recalling how a B-25 Mitchell bomber aeroplane had once accidentally crashed into the Empire State Building, back in 1945. But as we soon found out, this was no accident: it was a dastardly terrorist attack by suicidal fanatics who somehow penetrated the already high aviation security arrangements.

Life in London continued normally, but we were all completely distracted. I had work to do in an office, but can’t remember any of us actually focusing on our chores. Instead, we just watched the live TV coverage of unfolding events across the Atlantic with mounting horror. So did over a billion other people around the world.

It was a world changing event about which much has been written and said. More reflective and less impulsive commentary on this 10th anniversary puts events and their aftermath in better perspective. Of course, we now have the benefit of hindsight.

Journalism is the first rough draft of history. The reporters on duty that day were challenged to cover a breaking news event whose magnitude and historical context would become clearer only as the hours and days passed. CNN was the first to break the news live on the air, followed by the rest of the news pack. On the whole, journalists in all media rose to the enormous challenges of covering a scary, bewildering and earth-shattering story.

CNN Breaks the Big News at 8.49 am Eastern Standard Time on 9/11:

If anyone thought (like I did, for a few minutes) that it was a terrible accident, all doubts were removed when the second plane hit. By this time, all cameras were focused on the already burning first tower.

News networks cover the second plane crashing into the second tower LIVE on air at 9.03 am EST

And now, a decade later, media professionals and researchers are looking back at their own impressionistic, on-the-run coverage. Among the many attempts at retrospection, I’ve found two particularly interesting:

Understanding 9/11: A Television News Archive.
This collection contains television news programs recorded live from around September 11, 2001 by the non-profit Television Archive to help patrons research this important part of United States history. These materials were originally available on the televisionarchive.org site from October 2001 through 2003.


9/11 Gallery at Newseum in Washington DC: Chronicling an Attack on America

This gallery explores the horrendous events of Sept. 11, 2001, and the extraordinary challenges that faced the journalists trying to report the news to a shaken nation and world. The gallery includes a tribute to photojournalist William Biggart — a journalist who died covering the attacks — and some of the final photographs he took. Also featured are front pages from around the globe about the attacks and first-person accounts from reporters and photographers who covered the story.

9-11 Frontpages at Newseum, photo by Nalaka Gunawardene

Visitors to 9/11 Frontpages exhibit at Newseum in Washington DC, photo by Nalaka Gunawardene

Front pages of fear, fury and more...

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers