UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

Uttareethara (The Greatest) biographical documentary series on HiruTV, Sri Lanka

Uttareethara (The Greatest) biographical documentary series on HiruTV, Sri Lanka

Uttareethara (The Greatest) is a biographical documentary series produced and broadcast by HiruTV, a privately owned, commercially operated terrestrial TV channel in Sri Lanka.

Uttareethara profiles — through interviews and archival imagery — the lives of outstanding writers, artistes, scientists, filmmakers and others who left their own mark in the public space in Sri Lanka during the past few decades.

This episode (No 16), first broadcast in September 2012 (and since then, repeated several times) is about Sir Arthur C Clarke (1917-2008), who lived in Sri Lanka since 1956 and became a Resident Guest of the Indian Ocean island in 1975.

It features interviews with: Hector Ekanayake, Managing Director of Underwater Safaris Ltd, long-standing friend and business partner of Sir Arthur; Journalist and former editor Edwin Ariyadasa; communications specialist Dr Rohan Samarajiva; Clarke’s principal Sinhala translator S M Banduseela; amateur astronomer and scholar Fr Dr Mervyn Fernando; tourism specialist Renton de Alwis; and cancer researcher Dr Kumari Andarawewa (via Skype).

At the station’s invitation, I presented the one-hour show and also did several interviews.

සිවුමංසල කොලූගැටයා #108: අහස ‘මුර කරන’ තාරකා විද්‍යාඥයෝ

In this week’s Ravaya column (in Sinhala), I write about asteroid impact hazards and what can be done to protect our planet.

I have covered similar ground in English in these two recent columns:

23 Dec 2012: When Worlds Collide #47: Avoiding the ‘Mother of All Tsunamis’

24 Feb 2013: When Worlds Collide #55: ‘Wake-up Call’ from Outer Space

Earth in danger

කළුවර රැයක, අහස දෙස සෑහෙන වේලාවක් ඕනෑකමින් බලා සිටියොත් අහසේ එක තැන බබලන තරු අතර හිටිහැටියේ ගමන් කරන කුඩා ආලෝක දැක ගත හැකියි. කඩා වැටෙන තරු (Shooting Stars) යනුවෙන් නම් කැරෙන මේවා විද්‍යාඥයින් හදුන්වන්නේ උල්කා (meteors) කියායි.

අභ්‍යාවකාශයේ ගමන් කරමින් තිබෙන ග‍්‍රහ කැබලිවලට meteoroids හෙවත් උල්කාෂ්ම යැයි කියනවා. මේවායින් සමහරක් අපේ පෘථිවියේ වායුගෝලයට ඇතුළු වීමෙන් පසු වාතය සමග දැඩි ලෙස ඝර්ෂණය වීම (ඇතිල්ලීම) නිසා ගිනියම් වී දීප්තිමත් වනවා. මෙය දිවා කාලයේ මෙන් ම රාත‍්‍රි කාලයේත් සිදු වුවත් අපට පෙනෙන්නේ රාත‍්‍රියට පමණයි. එබදු දීප්තිමත් වූ වස්තූන්ට උල්කා (meteors) යයි කියනවා.

බහුතරයක් උල්කා ප‍්‍රමාණයෙන් කුඩා නිසා වායුගෝලය ඉහලදී මුළුමනින් දැවී අළු බවට පත් වනවා. එහෙත් ඉඳහිට එසේ දැවී අළු නොවී මහපොළවට කඩා වැටෙන උල්කාවලට, කඩා වැටීමෙන් පසු උල්කාපාත (meteorites) යන නම යෙදෙනවා. මේ උල්කාපතවලින් අති බහුතරයක් ද හානියක් කිරීමට හැකියාවක් නැති තරම් කුඩායි.

නමුත් ප‍්‍රමාණයෙන් විශාල උල්කාපාත ද කලාතුරකින් කඩා වැටෙනවා. 2013 පෙබරවාරි 15 වනදා රුසියාවේ සයිබීරියාවේ වාර්තා වූයේ මෑත දශක වලදී එසේ හමු වූ විශාලතම උල්කාපාතයයි.

මේ උල්කාපාතය ගැන ලොව පුරා පිහිටුවා ඇති සංවේදී උපකරණ හරහා ලබා ගත් තොරතුරු මත යම් ගණන් බැලීමක් කර තිබෙනවා. වායුගෝලයට ඇතුළු වීමට පෙර මීටර් 17ක් (අඩි 55) පළල් වූ එහි බර ටොන් 10,000ක් පමණ වන්නට ඇති. අවධ්වනික (infrasound) දත්තවලට අනුව මේ වස්තුව වායුගෝලයට ඇතුළු වී ඒ හරහා ගමන් කළ කාලය තත්පර 32.5ක්.

මේ තරමේ උල්කාපතයක් ඇද වැටීම දළ වශයෙන් වසර 100කට වරක් සිදුවීමේ හැකියාව ඇතැයි ඇමෙරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය නාසා (NASA) කියනවා. මේ උල්කාපතය හා එදින ම පෘථීවියට ආසන්න වූ (එහෙත් ගැටීමකින් තොරව යළිත් අභ්‍යවකාශයට ඇදී ගිය) 2012DA14 නම් ග‍්‍රහකය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් නාසා අවධාරණය කළා. මේ සිදුවීම් දෙක එක ම දිනයක සිදුවීම අසාමාන්‍ය ගණයේ අහම්බයක් (coincidence) පමණයි.

මීට පෙර විශාලතම උල්කාපාතය වාර්තා වූයේ ද රුසියාවෙන්. 1908 ජූනි 30 වනදා සයිබීරියාවේ තුංගුස්කා (Tunguska) නම් ජනශූන්‍ය ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බවට සාක්ෂි පසුව සොයා ගනු ලැබුවා. එය රුසියානු හා ජාත්‍යන්තර විද්‍යාඥයන් විසින් දීර්ඝ ලෙස පර්යේෂණවලට ලක් වූ තැනක්.

Siberian meteor of 15 Feb 2013 breaks up in the sky

Siberian meteor of 15 Feb 2013 breaks up in the sky

පෙබරවාරි 15 වනදා සයිබිරියානු උල්කාපාතය ගැන තාරකා විද්‍යාඥයන්ට කල් තබා අනතුරු ඇඟවීමට හැකි නොවූයේ ඇයි?

ඒ උල්කාපාතය සාපේක්ෂව කුඩා එකක්. එබඳු ග‍්‍රහ කැබලි ලක්ෂ ගණනක් අභ්‍යාවකාශයේ ගමන් කරමින් තිබෙනවා. අපේ පෘථිවිය ද අධික වේගයෙන් සුර්යයා වටා නිරතුරුව ගමන් කරනවා. මේ චලනයන් නිසා විටින් විට එබඳු ග‍්‍රහ කැබලිවල ගමන් මාර්ගය (කක්ෂය) හා අපේ පෘථිවියේ කක්ෂය එකිනෙකට මුණ ගැසීම සිදු වනවා. උල්කාපාත ඇද වැටීමට තුඩු දෙන්නේ එයයි.

විටින් විට ග‍්‍රහ කැබලි ඇද වැටීම අද ඊයේ පමණක් නොව පෘථිවි ඉතිහාසය පුරා ම සිදුව ඇති බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. නාසා ආයතනය කියන පරිදි: “පෘථිවිය බිහිවු කාලයේ පටන් ම මෙබඳු ග‍්‍රහ කැබලි ගැටීම සිදුවී තිබුණත් විශාල ගැටුම් ඉතා දුර්ලභයි. අප දන්නා හැටියට මහා පරිමානයේ ග‍්‍රහ කැබලි ගැටුමක් අන්තිමට සිදු වූයේ මීට වසර මිලියන් 65කට පමණ පෙරයි. ඒ ගැටුම නිසා එවකට මිහිපිට විසූ ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී ගියා. අද තාරකා විද්‍යාඥයන් නිරතුරු අහස නිරික්සන්නේ එබඳු තර්ජනයක් ඇති කළ හැකි ග‍්‍රහ කැබැල්ලක් කල් තබා හඳුනා ගන්නටයි.”

පෘථිවිය අසලට පැමිණීමේ හැකියාව ඇති ග‍්‍රහ කැබලිවලට Near-Earth Obects හෙවත් NEO යන නම දී තිබෙනවා. පසුගිය දශක කිහිපයක තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ මගින් මෙබඳු NEO 10,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඒවා නිරතුරු අධීක්ෂණය කැරෙනවා. මේ සඳහා දුරදක්න නිරීක්ෂණ මෙන් ම පරිගණක තාක්ෂණය ද යොදා ගන්නවා. http://neo.jpl.nasa.gov

ග‍්‍රහ කැබලි ගැටීම්වල විශාලත්වය මැනීම සඳහා ටොරීනෝ ගැටුම් මාපකය (Torino Impact Scale) නම් දර්ශකයක් තාරකා විද්‍යාඥයන් භාවිතා කරනවා. 1997දී මෙය නිර්මාණය කළේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ (MIT) මහාචාර්ය රිචඞ් බින්සල්. එය 1999 ජුනි මාසයේ ඉතාලියේ ටියුරින් (ටොරීනෝ) නුවර පැවති ලෝක තාරකා විද්‍යාඥ සමුළුවකදී සම්මත කර ගත් නිසා ඒ නම යෙදෙනවා.

බින්දුවේ සිට 10 දක්වා ආරෝහණ පිළිවෙලට විහිදෙන ටොරීනෝ මාපකයේ අවම අගය (0) යොදන්නේ කිසිදු ගැටුමක් සිදු නොවනල පෘථිවියට ආසන්න කක්ෂවල ගමන් කරන ග‍්‍රහ කැබලි හා වායුගෝලයේ ඉහළදී දැවී අළුවී යන කුුඩා ග‍්‍රහ කැබලිවලටයි. එතැනින් පටන්ගෙන ටිකෙන් ටික උත්සන්න වන ගැටුම් මාපකයල වඩාත් බරපතල වන්නේ අංක 5 සිට ඉහළටයි.

කුඩා ග‍්‍රහ කැබැල්ලක් ඇද වැටීම නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ව්‍යවසනයක් නිසා රටකට හෝ රටවල් ගණනාවකට හානි විය හැකියි. ටොරීනෝ මාපකයේ 5 – 7 පරාසයේ අන්තරායක් බරපතල විපාක ගෙන දිය හැකි අතර 8 – 10 පරාසයේ නම් මුළු ග‍්‍රහලෝකයට ම තර්ජනයක් ඇති කළ හැකියි.

ග‍්‍රහ කැබලි ගැටීම ගැන සියළු තොරතුරු අප තවම දන්නේ නැහැ. මේ ගැන දිගට ම පර්යේෂණ කළ යුතුයි. එමෙන්ම අයාලේ යන ග‍්‍රහ කැබලිවල ගමන් මාර්ග හා හැසිරීම මුළුමනින් කල් තබා කීම අපහසුයි. තාරකා විද්‍යාඥයන් කරන්නේ තිබෙන හොඳම නිරීක්ෂණ හා භෞතික විද්‍යා දැනුම පදනම් කරගෙන සම්භාවිතාව (විය හැකියාව) ගණනය කිරීමයි.

ග‍්‍රහ කැබලි ඇද වැටෙන ස්ථානය අනුව එහි හානිය වෙනස් වනවා. 1908 තුංගුස්කාවට හානි කළ ග‍්‍රහ කැබැල්ල ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඉහළ අහසේ පුපුරා ගියා නම් හානිය ඊට බොහෝ වැඩි වන්නට ඉඩ තිබුණා.

පෘථිවි මතුපිටින් තුනෙන් දෙකකට වඩා වැසී ඇත්තේ සාගරයෙන්. මේ නිසා ග‍්‍රහ කැබැල්ලක් සාගරයට ඇද වැටීමට ඇති ඉඩ වැඩියි. එයින් ජීවිත හානිය වැළකේ යයි බැලූබැල්මට පෙනුනත් එබඳු අවස්ථාවක සුනාමි තරංග ජනනය වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ කියනවා.

2003දී ඔස්ටේ‍්‍රලියානු තාරකා විද්‍යාඥ ආචාර්ය ඩන්කන් ස්ටීල් (Dr Duncan Steel) මේ ගැන ගණන් බැලීම් කළා. මීටර් 200ක් දිග ග‍්‍රහකයක් තත්පරයට කිමී 19ක වේගයෙන් සාගරයට ඇද වැටුණොත් කුමක් විය හැකි ද යන්න පරිගණක යොදා ගෙන ඔහු සොයා බැලූවා.

එබඳු ග‍්‍රහකයක් ඇදවැටීමෙන් TNT මෙගාටොන් 600ක් පිපිරීමට සමාන චාලක ශක්තියක් එකවර මුදා හැරෙන බවත්ල එය මෙතෙක් ලොව අත්හදා බලා ඇති ප‍්‍රබලතම න්‍යෂ්ටික බෝමිබයේ බලය මෙන් දහගුණයක් බවත් ඔහු වාර්තා කළා. මේ අතිවිශාල ශක්තියෙන් 10%ක් පමණ සුනාමි තරංග බවට පත් වී ලෝකයේ සාගර හරහා ඇදී ගොස් වෙරළ ප‍්‍රදේශවලට මහ විපත් කළ හැකි යයි ද ඔහු කියා සිටියා.

හැම තාරකා විද්‍යාඥයා ම මේ ගණන් බැලීම පිළිගන්නේ නැහැ. සමහරුන් කියන්නේ ආචාර්ය ස්ටීල් වුවමනාවට වඩා මේ අනතුර විශාල කොට දැක්වූ බවයි.

එහෙත් සමස්ත තාරකා විද්‍යා ප‍්‍රජාව එක හඬින් කියා සිටින්නේ අන්තරාදායක ග‍්‍රහ ගැටුමක් වසර ගණනාවකට ඉහත සිට කල් තබා හඳුනා ගෙන එය වැළැක්වීමේ පියවර ගත යුතු බවයි. මේ සඳහා අවශ්‍ය අභ්‍යවකාශ තාක්ෂණය අද ඇමෙරිකාව, රුසියාව, චීනය වැනි බලවත් රටවලට තිබෙනවා.

මේ ග‍්‍රහ ගැටුම් ගැන ලෝකයේ අවධානය මුලින්ම යොමු කළේ විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් හා වෘතාන්ත චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්. 1973දී ප‍්‍රකාශිත රාමා හමුව (Rendezvous With Rama) නම් නවකථාවේ ආතර් සී. ක්ලාක් පෙන්වා දුන්නේ එබඳු අයාලේ යන ග‍්‍රහ කැබලි නිතිපතා නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවයයි. ඔහු එයට Spaceguard (අහස මුරකිරීම) යයි නමක් ද යෝජනා කළා. 1990 දශකයේ නාසා ඇතුළු අභ්‍යවකාශ ඒජන්සි මේ නමින් එබඳු නිරීක්ෂණ ව්‍යායාමක් දියත් කළා.

Deep Impact Movie Poster1979දී නිෂ්පාදිත Meteor නම් හොලිවුඞ් චිත‍්‍රපටයෙන් කියැවුණේ පෘථිවියට ඇදී එන ග‍්‍රහ කැබැල්ලක් ගැටීම වළක්වා ගන්නට ලෝකයේ ජාතීන් භේද ඉවත දමා එක්සත් වන සැටියි. 1998දී තැනූ Deep Impact චිත‍්‍රපටයේ නම් එබඳු ග‍්‍රහක ගැටුමක් වළක්වා ගන්නට නොහැකි වනවා. එහෙත් මානව සංහතියෙන් ටික දෙනකු පමණක් පණ බේරා ගෙන ශිෂ්ටාචාරය යළි අරඹනවා. ඒ වසරේ ම නිපද වූ Armageddon චිත‍්‍රපටයේ ඇදී එන ග‍්‍රහකය වෙත යවන අභ්‍යවකාශ යානාවක් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කොට ගැටුම වළක්වා ගන්නට උත්සාහ කරනවා.

ගැටුමක් ඇති වන මාර්ගයක ඇදී එන ග‍්‍රහකයක් වසර හෝ දශක ගණනාවකට කලින් හඳුනා ගතහොත් එයට ඉතා සුළු තල්ලූවක් දීමෙන් එහි ගමන් මග වෙනස් කළ හැකියි. එහෙත් එය ඉතා සීරුවෙන් කළයුතු සංකීර්ණ තාක්ෂණික මෙහෙයුමක්.

එසේ ගමන්මග වෙනස් කළ නොහැකි නම් ඈත අභ්‍යාවකාශයේදී න්‍යෂ්ටික බෝමිබයක් පුපුරවා ග‍්‍රහකය කුඩා කැබලිවලට කඩා දැමිය හැකියි. එහෙත් එහිදී කැබලි සමූහය මුල් ග‍්‍රහකය ඇදී ආ මාර්ගයේ ම තවදුරටත් ගමන් ගන්නවා. එක මහ ග‍්‍රහකයක් වෙනුවට කුඩා ග‍්‍රහ කැබලි “වැස්සක්” ඇද වැටී විශාල ප‍්‍රදේශයකට විමධ්‍යගත හානි සිදු කළ හැකියි.

පෘථිවිය සමීපයට ඒමේ හැකියාව ඇති සමහර NEO සොයා ගන්නට පෘථිවිය මත පිහිටි විශාලතම දුරදක්නවලට පවා අපහසුයි. මේ නිසා එයට කැප වුණු අභ්‍යවකාශ දුරදක්නයක් උඩුගුවන් ගත කිරීමේ අවශ්‍යතාවය කලෙක සිට විද්‍යාඥයන් පෙන්වා දුන්නා. අඟහරු ලෝකයට ගවේෂණ යානා යවන්නට නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නඩත්තු කරන්නට යන වියදමට වඩා අඩු වියදමකින් මෙය කළ හැකියි. මේ ගැන එකඟතාවයක් ඇතත් අවශ්‍ය මුදල් යෙදවීමට කිසිදු අභ්‍යවකාශ ඒජන්සියක් ඉදිරිපත් වී නැහැ.

මේ නිසා B612 පදනම නම් අමෙරිකානු ස්වේච්ඡ ආයතනයක් පෞද්ගලික සමාගම් කිහිපයක් ද සමඟ එකතු වී මහජන ආධාර හා සමාගම් අනුග‍්‍රහයෙන් Sentinel (මුරකරුවා) නම් අභ්‍යවකාශ දුරදක්නයක් උඩුගුවන්ගත කරන්නට දැන් සැළසුම් කරනවා. 2018දී සූර්ය කක්ෂයකට යැවීමට නියමිත මේ දුරදක්නය වසර 6ත් තුළ අප මෙතෙක් නොදත් භෑධ විශාල සංඛ්‍යාවක් සොයා ලේඛන ගත කොට නිරීක්ෂණයට ලක් කරනු ඇති.

Earth threatening asteroid - artist's imagination

Earth threatening asteroid – artist’s imagination

සිවුමංසල කොලූගැටයා #99: ලෝකෙට ම පෙනෙන අපේ රාත‍්‍රි එළි

Last month, NASA released a series of new images that offer an unprecedented new look at our planet at night. The global composite image, constructed using cloud-free night images from a new generation weather satellite, shows the glow of natural and human-built phenomena across the planet in greater detail than ever before. Each white dot on the map represents the light of a city, fire, ship at sea, oil well flare or another light source. (Explore at: http://earthobservatory.nasa.gov)

This week’s Ravaya column (in Sinhala) is on what these night lights mean. I talk to astrophysicist Dr Kavan Ratnatunga about understanding Sri Lanka at night as it can be seen from space.

Earth at night 2012 NASA composite satellite image

Earth at night 2012 NASA composite satellite image

අප දිනපතා ජීවිතය ගෙවන්නේ තම තමන්ගේ යථාර්ථයේ ඇළී ගැලී සීමිත පරාසයක් තුළයි. එහෙත් ඉඳහිට හෝ පියවර කිහිපයක් පසුපසට තබා විසල් චිත‍්‍රය (bigger picture) බැලිය හැකි නම් අපේ දැක්ම හා චින්තනය වඩාත් පුළුල් වනවා.

මුළු ලෝකය ම එයින් බැහැර සිට බැලීමේ තාක්ෂණික හැකියාව ලැබුණේ අභ්‍යවකාශ යුගයේ උදාවත් සමඟයි. පෘථිවි කක්ෂයට යවන ලද චන්ද්‍රිකා මඟින් පොළොව මතුපිට සිට කිලෝමීටර් සිය ගණනක් ඉහළින් ඡායාරූප ලබා ගැනීම 1960 දශකයේ ඇරඹුණා. 1969-72 කාලයේ හඳ තරණයට ගිය ඇපලෝ අජටාකාශගාමීන් කිමී ලක්ෂ හතරකට වඩා දුර සිට අපේ ග‍්‍රහලෝකය අභ්‍යවකාශයේ අඳුරු පසුබිම තුළ ලස්සන ජිල් බෝලයක් සේ පෙනෙන සැටි ඡායාරූප ගත කළා. 1970න් පසු ලොව පුරා මතුව ආ පරිසර සංරක්ෂණය පිළිබඳ උද්‍යෝගයට අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පෘථිවි ඡායාරූප ද දායක වූ බව පිළි ගැනෙනවා.

අපේ ලෝකයේ ගති සොබා ගැන පුළුල් හැඟීමක් ලබා ගන්නට පමණක් නොවෙයි. භූමි පරිභෝජන රටා, ආපදා හා කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණයටත් චන්ද්‍රිකාවලින් ගන්නා ඡුායාරූප මහත් සේ උදවු වනවා. ඡායාරූප කීවාට දෘෂ්ටි ආලෝක පරාසය පමණක් නොව අධෝරක්ත (infrared) හා වෙනත් පරාසයන් හරහා ද අපේ ග‍්‍රහලෝකය දැන් නිරතුරුව ම නිරීක්සනු ලබනවා.

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා (NASA) ආයතනය අපේ පෘථිවියේ රාත‍්‍රී චන්ද්‍රිකා ඡායාරූප එක් කොට මුළු ලෝකයට ම පොදු රූපයක් නොමිලයේ ඉන්ටර්නෙට් හරහා නිකුත් කිරීම ඇරඹුවේ 1994දී. එහිදී ආසන්න දින ගණනාවක් තිස්සේ ලබා ගත් ඡායාරූපවලින් වඩාත් ම ප‍්‍රශස්ත (වලාකුළු රහිත) ඒවා තෝරා සංයුක්ත රූපයක් සිතියම් ආකාරයට සකසනවා. ගෝලීය වූ ලෝකය ද්විමාන ලෙසින් නිරූපණය කිරීමේ විවිධ සිතියම් ප‍්‍රකේෂපන ක‍්‍රම (map projection) තිබෙනවා.

වඩාත් දියුණු වූ චන්ද්‍රිකාවකින් 2012 වසරේ ලබා ගත් රාත‍්‍රී ඡායාරූප එකතුවක් දෙසැම්බර් මුලදී නාසා ආයතනය නිකුත් කළා. එයට යොදා ගත්තේ 2011 ඔක්තෝබරයේ කක්ෂගත කළ සුවෝමි NPP නම් චන්ද්‍රිකාවයි. ධ‍්‍රැවීය කක්ෂ මාර්ගයක ඇති මේ චන්ද්‍රිකාව දිනකට 14 වතාවක් ලෝකය වටා යනවා. 2012 අපේ‍්‍රල් හා ඔක්තෝබර් මාසවලදී කක්ෂවාර 312ක් පුරා හසු කරගත් අධෝරක්ත ඡායාරූප දහස් ගණනක් අතරින් හොඳ ම රූප සංයුක්ත කොට මේ අලූත් රාත‍්‍රී ලෝක සිතියම් නිර්මාණය කර තිබෙනවා.

හිරු එළිය පතිත වී නැති විට අපේ ලෝකය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ විට කුමක් දැකිය හැකි ද? මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ජනනය වන වීදි හා නිවෙස් ආලෝකය, මුහුදේ නැව් හා බෝට්ටුවල එළි හා තෙල් ළිංවල මහා දැල්ල ආදියට අමතරව ලැව් ගිනි, ධ‍්‍රැවීය ආලෝකයන් (අවුරෝරා) ආදියත් දිස් වනවා.

රාත‍්‍රි කාලයට ලෝකය දෙස බැලීමෙන් අපේ ලෝකයේ ජනාවාස සංකේන්ද්‍රනය වී ඇති සැටි තේරුම් ගත හැකියි. ‘‘මිහිතලයේ මානව ව්‍යාප්තිය හා සාපේක්ෂ සංකේන්ද්‍රනය ගැන දළ හැඟීමක් මේ රාත‍්‍රී රූප දෙස බලා අපට ලද හැකියි’’ මේ කේෂත‍්‍රයේ විශේෂඥයකු වන ක‍්‍රිස් එල්විජ් කියනවා.

එහෙත් විදුලිබල පරිභෝජනය ලොව සෑම තැනෙක ම එක ලෙසින් සිදු වන්නේ නැහැ. උතුරු අමෙරිකාවේ හා බටහිර යුරෝපයේ රාත‍්‍රී ආලෝකයන් ඉතා දීප්තිමත්ව පෙනෙන අතර ඊට වඩා අධික ජන සංඛ්‍යාවක් වෙසෙන චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසීලය වැනි රටවල රාත‍්‍රි ආලෝක සාපේක්ෂව අඩුයි.

1994 සිතියම් සමඟ මේ වසරේ රාත‍්‍රී සිතියම සසඳන විට ආසියාවේ හා ලතින් අමෙරිකාවේ විදුලි ආලෝකයේ පැතිරීම ව්‍යාප්ත වී ඇති සැටි පෙනෙනවා.බිලියන් 7.2ක් වන ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා දැන් වාසය කරන්නේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල. 2050 වන විට එම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 70ක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරනවා.

බොහෝ නගර බිහි වී ව්‍යාප්ත වී තිබෙන්නේ වෙරළ ප‍්‍රදේශ හෝ ප‍්‍රධාන ගංගා නිම්න ආශ‍්‍රිතවයි. මේ බව රාත‍්‍රී එළි සිතියම දෙස බැලූ බැල්මට ම පෙනී යනවා. අමෙරිකාව හා ඉන්දියාව වැනි විශාල රටවල ප‍්‍රධාන මහාමාර්ග දෙපස ජනාවාස අධිකයි. මේ මාර්ගවල විහිදීම වීදි ආලෝක නිසා අපට සිතා ගත හැකියි.

South Asia at night - composite satellite image taken in April & Oct 2012

South Asia at night – composite satellite image taken in April & Oct 2012

ලෝක ජනගහනයෙන් සියයට 60කට නිවහන වන අපේ ආසියා පැසිෆික් කලාපයේ රාත‍්‍රී ආලෝක දෙස බැලීමෙන් ආර්ථික සංවර්ධනය හා මිනිස් ජනාවාස පැතිරී තිබෙන අසමාන රටාව තේරුම් ගත හැකියි. ජපානයේ හා නැගෙනහිර චීනයේ ප‍්‍රදේශ රැසක රාත‍්‍රිය දීප්තිමත් වී තිබෙන අතර, ඉන්දුනීසියාව හා ඕස්ටේ‍්‍රලියාව වැනි විශාල රටවල එය පෙනෙන්නේ කිහිප තැනෙක පමණයි.

චීනයට සාපේක්ෂව ඉන්දියාවේ ජන ඝනත්වය ඉහළයි. මේ නිසා රාත‍්‍රී සිතියමේ ඉන්දියාව පුරා ම පාහේ එළි දැකිය හැකියි. එහෙත් ඉන්දියාවේ උතුරු දිග මායිමක් වන හිමාල කඳුවැටිය මුළුමනින් ම අඳුරුයි. හිමාලයෙන් උතුරට වන්නට ඇති චීනයේ අසංවර්ධිත බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ (චන්ද්‍රිකාවට හසු වන තරමේ) එකදු ආලෝකයක්වත් නැහැ. රුසියාවෙත් නාගරික කේන්ද්‍ර කිහිපයක් හැරුණු කොට විශාල ජනශුන්‍ය හෝ අසංවර්ධිත ප‍්‍රදේශ තිබෙන බව පැහැදිලියි.

ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි තත්ත්වය කුමක් ද?

ලෝක මට්ටමේ සිතියමක අපේ දූපත පෙනෙන පරිමාණයෙන් වැඩි විස්තර දැක බලා ගන්නට අපහසුයි. ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වඩාත් ම ප‍්‍රබල අතර ඊළඟට වැඩියෙන් ම දීප්තියෙන් පෙනෙන්නේ යාපනය අර්ධද්වීපයයි.

කොළඹට අමතරව මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප‍්‍රධාන නගරවලත් රාත‍්‍රී ආලෝක පැහැදිලිව තිබෙනවා.

යාපනය නගරයට උතුරට හා ඊසාන දිගට වන්නට කන්කසන්තුරේ සහ පේදුරු තුඩුව අවට දැඩි ආලෝකයන් පෙනෙනවා. 1994 හා 2003 චන්ද්‍රිකා රාත‍්‍රී සිතියම්වල මුළු උතුරු පළාතේ ම කිසිදු එළියක් සනිටුහන් වී නැහැ. යුද්ධ වකවානුවේ උතුරට විදුලි එළිය සැපයීම අඩාල වූ සැටි අප දන්නවා.

කලක් නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරදක්න පර්යේෂණවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගගෙන් මේ උතුරේ ප‍්‍රබල ආලෝකයන් ගැන මා විමසුවා. ‘‘මේ තරම් ප‍්‍රබල එළි නිවාස හෝ ව්‍යාපාරික ආයතන නම් විය නොහැකියි. එහෙත් එයට හේතුව මට සිතා ගත නොහැකියි.’’ ඔහු කියනවා.

A closer look at southern India and Sri Lanka at night - composite satellite image taken in April & Oct 2012

A closer look at southern India and Sri Lanka at night – composite satellite image taken in April & Oct 2012

යාපනයට අමතරව වවුනියා, අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය නගර මුල් කර ගෙන ආලෝක සංකේන්ද්‍රනයක් පෙනෙනවා. එසේ ම මඩකළපුව හා ආරුගම් බොක්ක ප‍්‍රදේශයේත් පැහැදිලි එළි රැසක් තිබෙනවා. මහනුවර සිට යාපනයට දිවෙන කිමී 321ක් දිග A9 මහා මාර්ගයේ කොටස් රාත‍්‍රී එළි නිසා හඳුනාගත හැකියි. අවට දෙපස අඳුරේ තිබියදී මහා මාර්ගය දෙපස පමණක් එළි පෙනෙනවා. මෙබඳු ප‍්‍රධාන මාර්ගවල විහිදීම දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලත් දිස් වනවා.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූපයකට හසු විය හැකි තරම් විදුලි එළි නොමැති ප‍්‍රදේශ රාශියක් අපේ රටේ තිබෙනවා. අඳුර වඩාත් ප‍්‍රබලව ඇත්තේ මන්නාරම හා කතරගම අවට ප‍්‍රදේශවල බවත්, ඒ නිසා මේ ප‍්‍රදේශ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණවලට වඩාත් හිතකර වන බවත් කාවන් කියනවා.

මේ වන විට නාගරික ප‍්‍රදේශවල විදුලි ආලෝකය හා දූවිල්ල නිසා හරිහැටි රාත‍්‍රී අහස බලා ගැනීම අපහසු වී තිබෙනවා. තාරකා විද්‍යාඥයන් කළුවර අහස රැක ගැනීමේ ලෝක ව්‍යාප්ත වෑයමක් (Saving Dark Skies) දියත් කර ඇත්තේ මේ ප‍්‍රවණතාව නිසයි.

අපේ දිවයිනේ ජන සංකේන්ද්‍රනය, නාගරීකරණය හා විදුලිබල පරිභෝජනය ගැන දළ වැටහීමක් මේ රාත‍්‍රී සිතියම් හරහා ලද හැකියි. අප සිතනවාට වඩා ඉහළ මට්ටමේ නාගරීකරණයක් අපේ දිවයිනේ සිදුව තිබෙනවා. 2030 වන විට මෙරට ජනගහනයෙන් අඩක් නගරවල වාසය කරනු ඇතැයි විශේෂඥයෝ අනුමාන කරනවා.

මෑත සතිවල දී හඳුනා නොගත් ආලෝකයන් ගැන කලබල වූ සමහරුන් පිළිබඳව මාධ්‍ය වාර්තා අප දුටුවා. ඒ ගැන වෙන ම විග‍්‍රහ කළ යුතුයි. එහෙත් රාත‍්‍රියට අප තනිව හා සාමූහිකව ආලෝකය සමඟ කරන දේ සමස්තයක් ලෙස අභ්‍යවකාශයේ සිට දැකිය හැකියි.

එසේ ම අප කැමති වූවත් නැතත් චන්ද්‍රිකා ඡායාරූප ඉන්ටර්නෙට් හරහා මුළු ලෝකයට ම නොමිලයේ බලා ගන්නට හැකියි. අප දැන් ජීවත් වන්නේ ගෝලීය වීදුරු ගෙයක (Global Glasshouse) බව අමතක කරන්න එපා!

භෞතික විද්‍යාවේ නියමයන් රජයකට හෝ බලාධිකාරියකට නතු නොවන නිසා ඉහළ අභ්‍යවකාශයේ සිට අපේ රට චන්ද්‍රිකා ඡායාරූප ගත කිරීම නතර කරන්නට කිසිවකුටත් බැහැ. (ලෝකයේ බලවත් රටවල් හමුදා ඔත්තු බැලීම සඳහා ද මේ තාක්ෂණය යොදා ගන්නවා!)

නාසා රාත‍්‍රී අහස වෙබ් අඩවිය: http://earthobservatory.nasa.gov
ගූගල් පෘථිවි සිතියම් ගවේෂණය කරන්නට වෙබ් අඩවිය: http://tiny.cc/GMapN

Asia and Australia at night - globular view

Asia and Australia at night – globular view

Neil Armstrong (1930-2012): A Child of Apollo Salutes His First Hero

This footprint in the sand will stand the test of time and elements….

In her debut novel The Moon in the Water (2009), Lankan author Ameena Hussein uses a memorable line to describe her protagonist’s many dilemmas: “Her generation had the burden of being the link between the old world and the new. Between pre-man in the moon and post. Between letters and email.”

I’m as much a part of that in-between generation as her character Khadeeja. Rather than being a burden, however, I find it an extremely privileged vantage point to have been. There will never be another generation like ours that straddled two worlds…

For many of us who experienced it, the Apollo 11 ‘Moon shot’ will be among our most indelible memories. Among the various labels I can choose from those tumultuous times, I consider myself a Child of Apollo.

And the boyish, blue-eyed Neil Armstrong (already 39 when he went to the Moon) was my first hero.

These are excerpts from my personalised tribute to Armstrong, who signed off for good on 25 August 2012. In it, I reflect on how the first Moon Landing influenced me personally at the tender age of 3, and recall the very different times in which we lived our lives on the other side of the planet from where Apollo missions were taking off.

It’s a light-hearted, nostalgic and essentially personal tribute, not at all an academic or polemical discussion of the Cold War politics that inspired the Great Space Race. But I do touch on what it meant to be part of history’s first Big Media Moment that was shared in real time by 600 million TV viewers and another few dozen million radio listeners worldwide.

If Neil was originally a hero to me for riding atop the world’s greatest fireworks machine and taking that Giant Leap for Mankind, he is a hero for me now for what he chose to do with his life upon his return.

Read full essay: A Child of Apollo Salutes His First Hero: Remembering Neil Armstrong

O voyagers, O seamen,
You who came to port, and you whose bodies
Will suffer the trial and judgement of the sea,
Or whatever event, this is your real destination.”
So Krishna, as when he admonished Arjuna
On the field of battle.
Not fare well,
But fare forward, voyagers.

- T. S. Eliot

Neil Armstrong – Driven by a sense of wonder, did his job quietly and well

සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

In this week’s Sunday column, published in Ravaya newspaper of 18 March 2012, I take a critical look at the mounting hype and hysteria about the world ending in December 2012.

The Wikipedia describes the ’2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012. In reality, it’s a blockbuster Hollywood movie, rather than any ancient prophecy, that triggered this wave of public concern!

Much of this information was drawn from NASA’s webpage on the topic where reputed scientists answer questions that they are frequently asked regarding 2012.
See also my English blogpost on this, written on 5 Jan 2012.

2012දී ලෝක විනාශයක් සිදු වෙයි ද? එසේ වන බවට අතීත ශිෂ්ටාචාරයක් හෝ පිටසක්වල ජීවීන් හෝ කල් තබා අනතුරු අගවා ඇත් ද? එසේ නම් අපි පණ බේරා ගන්නේ කොහොමද?

මේ දිනවල නිතර කථා බහට තේමා වන ප‍්‍රශ්න අතර මේවා ද තිබෙනවා. ලෝකයේ ආර්ථික ප‍්‍රශ්නල පාරිසරික ප‍්‍රශ්නල යුද්ධ අරගල ආදිය මදිවාට ලෝක විනාශය ගැනත් අප බිය විය යුතු ද? මොකක්ද මෙහි සැබෑ කථාව?

ලෝකය විනාශ වීම අතීතයේ සිට මිනිසුන් තුළ තිබූ බියක්. ලෝකය හා විශ්වය ගැන විද්‍යාත්මක තොරතුරු දැන ගත් පසුවත් බොහෝදෙනා තුළ තවමත් යන්තමින් හෝ මෙබදු භීතියක් තිබෙනවා. විද්‍යාව හා තර්කානුකූල චින්තනය හෙළා දකින ඇතැම් දෙනාල ස්වයංමුලාවකට පත් වීමටත්, අන් අය බිය වැද්දීමටත් භාවිත කරන එක් සංකල්පයක් නම් යම් නිශ්චිත දිනෙක ලෝකය විනාශ වීමයි.

ලෝක විනාශය ගැන විග‍්‍රහයේදී භෞතික විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව ද යොදා ගත යුතු වන්නේ මේ නිසයි. මගෙන් මේ ගැන විමසන අයට මා කියන්නේ ලෝක විනාශ ව්‍යාපාරය (End of the World Industry) නම් අළුත් වෙළදාමක් බිහි වී ඇති නිසා එයට හසු නොවන ලෙසයි.

එහෙත් අසුබවාදී දෙය අදහන්නට අපේ ඇත්තන්ට ලොකු ඕනෑකමක් තිබෙනවා. ‘2012 ලෝක විනාශය’ ගැන විමසීම් රැසක් ලැබෙන්නට පටන් ගත් විට අමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු භාර නාසා ආයතනය ඒ ගැන විද්වත් තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් 2011 නොවැම්බරයේ ආරම්භ කළා. බලන්න: http://www.nasa.gov/topics/earth/features/2012.html

ඉංග‍්‍රීසි බසින් ඇති මේ වෙබ් පිටුවේ මුල් ම ප‍්‍රශ්නය හා උත්තරය මෙයයි.
ප‍්‍රශ්නය: 2012 දෙසැම්බරයේ ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා හා ඇතැම් වෙබ් අඩවි කියනවා. මෙහි ඇත්ත කුමක් ද?

උත්තරය: 2012 දී පෘථිවියට එසේ විපතක් හෝ අන්තරායක් ඇති වේ යයි කීමට පදනමක් නැහැ. වසර බිලියන් 4කට වැඩි කලක් තිස්සේ පැවත එන පෘථිවිය 2012 මහා තර්ජනයකට ලක් වන බවට ලොව කිසිදු විද්‍යාඥයකු ප‍්‍රකාශ කර නැහැ.

2012 ලෝක විනාශය ගැන ලෝක ව්‍යාප්ත විශ්වාසයේ අගමුල ගැනත් නාසා වෙබ් අඩවිය විග‍්‍රහ කරනවා. එය ඇරඹුණේ නිබිරු (Nibiru) නම් අයාලේ යන ග‍්‍රහලෝකය ගැන ප‍්‍රබන්ධයකින්. තාරකා විද්‍යාඥයන් නොදන්නා මේ අද්භූත ග‍්‍රහලෝකයල පෘථිවියේ ගැටෙනවා යයි මුලින් ‘අනාවැකි’ පළකර තිබුණේ 2003දි. එහෙත් එය සිදු නොවූ විට ලෝක විනාශ සංකල්පවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව ඒ දිනය 2012 දෙසැම්බරයට මාරු කළා!

මධ්‍යම ඇමෙරිකාවේ අද හොන්ඩුරාස්, ගුවාතමාලා, නිකරාගුවා සහ මෙක්සිකෝව නමින් හැදින්වෙන ප‍්‍රදේශවල සියවස් ගණනක් තිස්සේ පැවති මායානු ශිෂ්ටාචාරයත් මේ ලෝක විනාශ කතන්දරයට ඈදා ගෙන තිබෙනවා. මායාවරුන්ගේ ඓතිහාසික කැලැන්ඩරය අපේ සම්මත වර්ෂවලින් 5,125ක් දිගු බවත්, එය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 වනදා බවත් පෙන්වා දෙන උදවිය, එයින් සංකේතවත් කැරෙන්නේ මානව සංහතියෙ අවසානය බවත් කියනවා. මේ සඳහා ඔවුන්ට තර්කානුකූල සාක්‍ෂි නැතත්, අද්භූත හා විනාශකාරී තොරතුරුවලට ලොල් බවක් දක්වන ජනයා අතරේ ජනප‍්‍රිය වීමට හැකිව තිබෙනවා.

නාසා වෙබ් අඩවිය කියන්නේ යම් අවස්ථාවක නිබිරූ ප‍්‍රබන්ධය හා මායා කැලැන්ඩරයේ ප‍්‍රබන්ධය එකිනෙකට බද්ධ වී වඩාත් බිහිසුණු ලෝකවිනාශ ”අනාවැකියක්” බවට පත් වී ඇති බවයි.

පුරාණ මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වූවත්, අප දැන් භාවිත කරන වර්ෂ ක‍්‍රමයේ අළුත් වසරක් හැම ජනවාරි 1වනදා ම ඇරඹෙන අයුරින් ඔවුන්ගේ ද නව දිනවකවානු චක‍්‍රයක් ඇරඹිය හැකියි. කැලැන්ඩරයක් හමාර වූ පලියට ලෝකය හමාර නොවන බව නාසා අපට මතක් කර දෙනවා. ඒ අතර මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වීමට තවත් හාස්‍යජනක හේතූන් දක්‍ෂ කාටූන් ශිල්පීන් ද මතු කර තිබෙනවා!

Simple explanations are always the best - but not entertaining enough?

2012 දී ලොව විනාශ වන බවට කිසිදු සඳහනක් අතීත මායාවරුන්ගේ ලේඛනවල හෝ පුරාවස්තු නටඹුන්වලින් හමු වී නැති බව මායා ශිෂ්ටාචාරය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ කියනවා.

‘ලෝක විනාශය’ නොයෙක් දෙනා තේරුම් ගන්නේ විවිධාකාරයෙන්ග සමහරුන් එය දකින්නේ අපේ ග‍්‍රහලෝකය ම පුපුරා කැබලි වී යන හැටියට. ඇතමුන් එය මිහිතලය මත ජීවය විනාශ වී ගොස් අජීවී ද්‍රව්‍ය පමණක් ඉතිරි වීමක් ලෙස සළකනවා. මේ දෙක අතර තවත් විවිධ විය හැකියාවන් පරිකල්පනය කළ හැකියි. එයින් ඇතැම් ඒවාට විද්‍යාත්මක පදනමක් ඇතත් විය හැකියාව අඩුයි.

උදාහරණයක් නම් ලෝක ව්‍යාප්ත න්‍යෂ්ටික යුද්ධයක්. මුළු මහත් ජීවීන් සියළු දෙනා මිහිපිටින් අතු ගා දමන්නට නම් ඉතා අධික විකිරණශීලිතාවයක් ග‍්‍රහලෝකය පුරා පැතිරිය යුතුයි. සීතල යුද්ධයේ ඇතැම් අවස්ථාවල එබදු තුන්වන ලෝක යුද්ධයක අභිමුඛයට ආවත් එබන්දක් සිදු වූයේ නැහැ.

2012 දී ග‍්‍රහලෝක එක ම හෝ ආසන්න හෝ රේඛාවක පිහිටීමෙන් පෘථිවියට අහිතකර බලැපෑම් ඇති විය හැකි ද? මේ පැනයටත් නාසා පිළිතුරු දෙනවා. එවැනි ග‍්‍රහ පිහිටීමක් 2012දී හෝ තවත් දශක ගණනාවකට සිදු නොවන බවත්, එබන්දක් සිදු වන විට පවා (ග‍්‍රහලෝක අතර ඇති අති විශාල දුර ප‍්‍රමාණ නිසා) කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අපේ චක‍්‍රාවාටයේ (ගැලක්සියේ) තලයට සාපේක්‍ෂව පෘථිවියේ පිහිටීම ගැන විවිධ අද්භූත මත ප‍්‍රචලිත වී ඇතත් එබදු කිසිවක් අපේ ලෝකයට දැනෙන ආකාරයේ බලපෑමක් කළ නොහැකි යයි නාසා කියනවා.

අයාලේ යන ග‍්‍රහ කැබැල්ලක් හෝ උල්කාපාතයක් හෝ පෘථිවියේ ගැටීමෙන් මහ විනාශයක් සිදුවිය හැකි ද? මෙය විද්‍යාත්මක පදනමක් ඇති ප‍්‍රශ්නයක්. පෘථිවි ඉතිහාසය පුරා මෙබදු ගැටුම් විටින් විට සිදු වී ඇති බවට භූ විද්‍යාත්මක සාක්‍ෂි තිබෙනවා. එහෙත් මහා පරිමානයේ ගැටුම් ඉතා විරලයි. අවසන් වරට එබන්දක් සිදුව ඇත්තේ වසර මිලියන් 65කට පෙර. ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී යාමට තුඩු දුන් ඒ ගැටුමෙන් ද මිහිපිට ජීවය තුරන් වූයේ නැහැ.

පෘථිවිය ආසන්නයට එන හා ගැටීමේ ඉඩ ඇති සියළුම ග‍්‍රහවස්තු ගැන ලොව පුරා තාරකා විද්‍යාඥයෝ නිරතුරුව විමසිල්ලෙන් සිටින නිසා අද දවසේ එබදු අනතුරක් වසර ගණනකට පෙර දත හැකියි. එබන්දක් දැන ගත් විට එයට ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. 2012දී එබදු ග‍්‍රහ ගැටුමක සේයාවක්වත් නැහැ. මේ සියළු තාරකා විද්‍යා තොරතුරු ඕනෑ ම කෙනකුට බලාගත හැකි පරිදි වෙබ් අඩවිගත කර තිබෙනවා. කුමන්ත‍්‍රණවාදී වෙබ් අඩවි වෙනුවට පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩවිවලින් තොරතුරු ලබා ගන්න.

මහජනයා බිය කර භාණ්ඩ හා සේවාවන් විකුණන අයට නම් මේ වසර හොඳ අවස්ථාවක්. 2012 ලෝක විනාශය පිළිබඳ මිථ්‍යාවලට බෙහෙවින් දායක වූයේ ද මීට තෙවසරකට පෙර හොලිවුඞ් නිපද වූ චිත‍්‍රපටයක් ‘2012’ නම් වූ එය ඉතා ත‍්‍රාසජනක ලෙසින් ඉදිරිපත් කළේ මේ වසරේදී භූමිකම්පා, ගිනිකදු විදාරණය ඇතුළු භූවිද්‍යාත්මක ව්‍යසනයන් රැසක් සිදු වී මිහිපිට බොහෝ ජනාවාස විනාශ වී යන සැටියි.

තනිකර ම ප‍්‍රබන්ධයක් වන මේ චිත‍්‍රපටයේ අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස ලෝක විනාශය ගැන ‘විද්‍යාත්මක’ ගවේෂණ කරන වෙබ් අඩවියක හැඩ රුව රැගත් බොරු වෙබ් අඩවියක් මුදා හරිනු ලැබුවා. Institute for Human Continuity නම් කල්පිත ආයතනයක නමින් පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියල නිර්මාණශීලී උත්සාහයක් වූවත් එය සැබෑවක් ලෙස වරදවා වටහා ගත් බොහෝ දෙනා බියපත් වී සිටිනවා.

සැබෑ විද්‍යාඥයන් හා අධ්‍යාපනවේදීන් මේ ප‍්‍රචාරණ ක‍්‍රමය දැඩි සේ විවේචනය කළත් අන්තිමේදී 2012 චිත‍්‍රපටය ඩොලර් මිලියන් 770ක ආදායමක් ලබා ගත්තා. මේ දෙස බලා සිටි ටෙලිවිෂන් ආයතන, පොත් ප‍්‍රකාශකයෝ හා වෙනත් ව්‍යාපාරිකයෝ ද මේ 2012 භීතියෙන් ආදායම් උපදවා ගැනීමේ උපක‍්‍රම දියත් කළා.

අද බොහෝ දෙනකු මංමුලා වී සිටින්නේ සැබෑව හා මිථ්‍යාව තෝරාගත නොහැකිවයි. නිල මූලාශ‍්‍රයන් හා විද්වත් ආයතන කියන දේට වඩා කුමන්ත‍්‍රණවාදීන් කියන දේ අදහන්නට කවදත් කැමති පිරිසකුත් හැම සමාජයක ම සිටිනවා. කණගාටුව නම් පුරාණ මායාවරුන් ද මේ නූතන භීතිකා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි.

එමෙන්ම 2012 ලෝක විනාශයක් ගැන කථා කිරීමෙන් අද ලොව හමුවේ තිබෙන සැබෑ අභියෝගවලට ලැබිය යුතු අවධානය අඩුවන බවත් මැදිහත් විද්‍යාඥයන්ගේ මතයයි. ගෝලීය දේශගුණ විපර්යාස,ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනය හා ආහාර-ජලය-බලශක්ති පිළිබඳ හිගයන් අද අපට මුහුණ දීමට ඇති මහා ප‍්‍රශ්න අතර තිබෙනවා. 2012 දෙසැම්බරයේ අප සියළු දෙනා විනාශ වනවා නම් මේ ප‍්‍රශ්න විසදීමට උත්සාහ කිරීමේ තේරුමක් ඇත් ද? මේ අයුරින් බලන විට සංත‍්‍රාසය ඇති කිරීමට සමහරුන් ගෙන යන ලෝක විනාශ සංකල්පවාදය මුළුමනින් විචාර බුද්ධියට හා තර්කානුකූල චර්යාවන්ට එරෙහි බව පැහැදිලියි.

2012 දෙසැම්බර් 21දා ‘ලෝක විනාශය’ ගැන කෙළවරක් නැති ප‍්‍රලාඵයන්ගෙන් විඩාවට පත් තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ඒ ගැන තර්ක කරන අයට විවෘත අභියෝගයක් කරනවා. 2011 නොවැම්බර් 15දා රූපවාහිනියේ ‘බටහිර අහස’ සජීව වැඩසටහන ඔස්සේ ඔහු කීවේ මෙයයි: “ලෝක විනාශයක් ගැන ඔය තරමට දැඩි සේ අදහනවා නම් 2012 දෙසැම්බර් 22 වනදා සිට බල පවත්වන පරිදි ඔබ සතු දේපළ මට උරුම වන්නට නීත්‍යානුකූලව පවරන්න. එසේ කරන කෙනකුට ඒ දේපොල වටිනාකමින් සියයට 10ක් දැන් ගෙවීමට මා සූදානම්!”

2012 මාර්තු 15දා වන තුරුත් කාවන්ගේ අභියෝගය කිසිවකු භාර ගෙන තිබුණේ නැහැ. එහෙත් 2012 ලෝක විනාශ ප‍්‍රබන්ධය රස කරමින් පතුරුවන අයගේ අඩුවක් ද නැහැ. ඉදිරි මාස කිහිපයේ මේ ප‍්‍රබන්ධය හරහා ස්වයංමුලාවට පත් වන අය මෙන් ම එයින් අවස්ථාවාදී ලෙස බඩ වඩා ගන්නා අය ගණනත් ඉහළ යනු ඇති. මුළු මහත් ලොව ම වැනසෙන විට ආනුභාව සම්පන්න ලංකා දිවයින පමණක් කෙසේ හෝ නොනැසී පවතිනු ඇතැයි අපේ ජ්‍යොතිෂකාරයකු කියන්නටත් ඉඩ තිබෙනවා!

2012 දෙසැම්බර් 22දාට පසු යළිත් මේ ගැන කථා කරමු.

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

This is the Sinhala text of my Ravaya newspaper column published on 11 March 2012. Today I write about How Sri Lanka Missed the Moon. I wrote an English article in July 2009 covering the same ground, but this is NOT a translation. I don’t do translations.

‘විශ්වයේ අන්තිම සිංහල වචනය’ මැයෙන් මා පසුගිය සතියේ ලියූ කොලමට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා. අමෙරිකානු වොයෙජර් අභ්‍යවකාශ යානා ලෝකයේ භාෂා 55කින් විශ්වයට යැවෙන කෙටි පණිවුඩ ඇතුළත් රන් ආලේපිත තඹ තැටියක් රැගෙන උඩුගුවන්ගත කොට වසර 35ක් ගත වී තිබෙනවා. පිටසක්වල ජීවීන්ට යොමු කෙරුණු ඒ සන්නිවේදනයේ සිංහලෙන් ‘ආයුබෝවන්’ කීමට අහම්බෙන් තෝරා ගත් ලාංකිකයා ගැන ඇතැම් අයට ප‍්‍රශ්න මතු වී තිබෙනවා.

සිංහල කථා කරන සැම වෙනුවෙන් විශ්වය ඇමතීමේ වරප‍්‍රසාදය ලැබුණේ කාටද – ඒ තීරණය නිල නොවන මට්ටමින් අමෙරිකානු සරසවියක් ගත්තේ කෙලෙසද – එය අමෙරිකානු අධිපතිවාදයේ ම තවත් උදාහරණයක් ද – ආදී වශයෙන් ඇතැම් පාඨකයන් මා සමග තර්ක කළා.

නාසා (NASA) මූලාශ‍්‍රවලින් තොරතුරු උකහාගෙන වාර්තා කිරීම හැරෙන්නට ඒ ගැන විනිශ්චයක් දීමට මා උත්සාහ කළේ නැහැ. නමුත් එයට අට වසරකට පෙර සඳ තරණය සම්බන්ධයෙන් නිල වශයෙන් ම ලංකා නියෝජනයක් ලබා ගන්නට අමෙරිකානු රජය ගත් උත්සාහයක් ගැන තවත් කථාවක් අද මගේ තේමාවයි.

අවධාරණය කළ යුතු එක් කරුණක් නම් නාසා යනු ලෝක අභ්‍යවකාශ එජන්සියක් නොව අමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ අධිකාරිය බවයි. අමෙරිකානු ජනයාගේ බදු මුදලින් පවත්වා ගෙන යන ඒ රාජ්‍ය ආයතනය වග කියන්නේ එරට රජයට හා ජනතාවටයි. හැකි අවස්ථාවල මානව වර්ගයා ම උදෙසා අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල යෙදීමට උත්සාහ කළත් එසේ කිරීමට නාසා ආයතනයට නීතිමය බැදීමක් නැහැ. නමුත් අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන අනෙකුත් රටවල් (රුසියාව, ජපානය, යුරෝපා රටවල්, ඉන්දියාව හා චීනය) සමග නාසා සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

1969 ජුලි 20 වනදා ඇපලෝ 11 යානයෙන් ගිය අමෙරිකානු අජටාකාශගාමීන් (නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඔල්ඞ්රින්) මුල් වරට සද මතු පිට පා තැබූ ඓතිහාසික අවස්ථාවේ එය අමෙරිකාවේ පමණක් නොව මුළු මානව වර්ගයාගේ ම ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීමට නාසා ආයතනය කටයුතු කළා. ඒ දෙදෙනා සඳ මතුපිට තැන්පත් කළ ඵලකයේ (ඉංග‍්‍රීසියෙන්) මෙසේ සඳහන් වුණා. “1969 ජුලි මාසයේ පෘථිවියේ සිට පැමිණි මානවයෝ මුල් වරට සඳට පා තැබුවෝය. මුළු මිනිස් සංහතියට සාමය පතා ගෙන මෙහි ආවෙමු.” එහි අත්සන් හතරක් තිබුණා: ඇපලෝ 11 අජටාකාශගාමීන් තිදෙනා සහ එවකට අමෙරිකානු ජනාධිපති රිචඞ් නික්සන්ගේ.

මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලද මේ ඵලකයට අමතරව ඇපලෝ 11 ගොඩ බැසි හඳ නිසල මුහුදේ තැන්පත් කළ තවත් සිහිවටනයක් තිබුණා. එය අමෙරිකානු සත 50ක කාසියක් (අපේ සත 50 ට සමාන) තරම් වූ සිලිකන් තැටියක්. එහි ඉතා කුඩා ප‍්‍රමාණයට (miniaturized) සටහන් කර තිබුණේ මේ මුල් ම සඳ ගමනට ලෝකයේ එවකට සිටි නායකයන් 73 දෙනකුගෙන් ලද සුභාශිංසන පණිවුඩයි.

මිනිසුන් සඳ ට යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමේ දැවැන්ත ඇපලෝ වැඩපිළිවෙල 1961 සිට ක‍්‍රියාත්මක වූවා. රුසියාව (එවකට සෝවියට් දේශය) සමග මහා අභ්‍යවකාශ තරගයක නියැලී සිටි අමෙරිකාව ඒ සඳහා ඉතිහාසයේ විශාලතම තාක්‍ෂණික ප‍්‍රයත්නය හා මුදල් ආයෝජනය කළා. එහි මල්ඵල ගැන්වෙන 1969 ජුලි මාසයට සති කිහිපයකට පෙර එවකට නාසා අධිපති වූ තොමස් පෙන්ට ලෝක නායකයන්ගේ පණිවුඩ ලබා ගැනීමේ අදහසක් ආවා.

එරට විදේශ අමාත්‍යාංශය වන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය එයට ලැබුණේ 1969 ජුනි මුලදී. ඇපලෝ 11 උඩුගුවන්ගත වීම නියමිතව තිබුණේ ජුලි 16දා. මේ නිසා සති කිහිපයක් තුළ හැකි තාක් රටවලින් පණිවුඩ ලබා ගන්නට නාසා ආයතනයත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවත් උත්සුක වුණා.

එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලද රටවල් 127ක් තිබුණා (දැන් 193යි). ඒ අතරින් වොෂිංටන් නුවර තානාපති කාර්යාල තිබූ රටවල් 116කට මේ ආරාධනය යොමු වුණා. අද මෙන් ෆැක්ස්, ඊමේල් හෝ වෙනත් දියුණු සන්නිවේදන ක‍්‍රම නොතිබූ ඒ කාලයේ ටෙලෙක්ස් හා ටෙලිෆෝන් මගින් සිදු කළ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට යම් කාලයක් ගත වුණා. අන්තිමේදී රටවල් 72ක නායකයන්ගෙන් සුභ පැතුම් ලැබී ඒවා ඇපලෝ 11 සිලිකන් තැටියේ අන්තර්ගත කළා. අමෙරිකානු ජනාධිපතිගේ පණිවුඩයත් සමග මුළු සංඛ්‍යාව 73ක් වුණා.

තාක්‍ෂණය අද තරම් දියුණු නොවූ 1960 දශකයේ මෙබදු තැටියක් නිර්මාණය කිරීම ද අභියෝගයක් වුණා. ඒ සඳහා නාසා ආයතනයේ ඇනවුම පරිදි නව තාක්‍ෂණ ක‍්‍රමයක් අමෙරිකාවේ ස්ප‍්‍රාග් ඉලෙක්ටි‍්‍රක් සමාගම (Sprague Electric Company) නිපද වූවා. මෙයට සිලිකන් තෝරා ගත්තේ හඳ මතු පිට අධික උණුසුමට ඔරොත්තු දීම පිණිසයි. හැම රාජ්‍ය නායක ලිපියක් ම 200 වාරයක් කුඩා කොට ඒ තැටියට සුරක්‍ෂිතව ආලේප කළා. පරිගණකවල භාවිතා වන ක්ෂුද්‍ර පරිපථ (integrated circuits) මුද්‍රණය කිරීමේදී මේ තාක්‍ෂණය තවමත් යොදා ගන්නවා.

මේ ප‍්‍රයත්නයට අදාල සියළු ලිපි ගනුදෙනු හා ලියවිලි වොෂිංටනයේ කොංග‍්‍රස් පුස්තකාලයේ ලේඛනාගාරගතව තිබෙනවා. ඒවා පරිශීලනය කිරීමෙන් මේ සිලිකන් තැටියේ කථාව ගැන වෛද්‍ය ටහීර් රහ්මන් (Dr Tahir Rahman) නම් අභ්‍යවකාශ ඉතිහාසවේදියා 2007දී පොතක් ලියා පළ කළා.

1969 ජුනි-ජුලි කාලයේ ලෝක නායකයන් 73 දෙනකු කඩිමුඩියේ ලියූ පණිවුඩ හරහා ඒ වකවානුවේ පැවති චකිතයන් හා බලාපොරොත්තු ගැන දළ හැගීමක් ලැබෙන බව වෛද්‍ය රහ්මාන් කියනවා. මේ ගැන නාසා ආයතනයේ නිල ප‍්‍රවෘත්ති නිවේදනය බලන්න (සියළු රාජ්‍ය නායක පණිවුඩවල ඉංග‍්‍රීසි පරිවර්තන මෙහි තිබෙනවා) http://tiny.cc/MoonPR

සමහර නායකයන් ටයිප් කරන ලද ලියුම් එවන විට ඇතැම් දෙනකු තම අත්අකුරින් ම ලියා එව්වේ මේ ඓතිහාසික අවස්ථාවේ වැදගත්කම හොඳ හැටි තේරුම් ගත් නිසායි. (තවමත් සිහසුන දරණ) තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදෙජ් රජතුමා මේ ප‍්‍රයත්නය ගැන මුලින් වැඩි විස්තර ඉල්ලා සිටියා. එය ලැබුණු පසු අන්තිම මොහොතේ ඔහු පණිවුඩයක් දුන්නා. එදා පණිවුඩ දායක කළ රාජ්‍ය නායකයන් 73 දෙනාගෙන් තවමත් තනතුරේ සිටින්නේ තායිලන්තයේ රජතුමාත්, එංගලන්තයේ දෙවන එලිසබෙත් රැුජිනත් පමණයි.

එවකට ලෝකයේ පැවති සීතල යුද්ධයේදී සෝවියට් පිලේ සිටි රටවල් (ඇරැයුම් ලැබුණත්) මේ තැටියට පණිවුඩ දීමෙන් වැළකුණා. (රුමේනියාවේ නායක නිකලායි චෞචෙස්කු පමණක් තනි වැකියක පණිවුඩයක් එවා තිබුණා.) ආසියාවේ රටවල් රැසක් උද්‍යොගිමත් පණිවුඩ ලබා දුන්නා. ඒ අතර ජපානය, කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා මාලදිවයින ද වූවා.

නමුත් මේ ඓතිහාසික අවස්ථාවේ නිල වශයෙන් එයට සහභාගි වීමට ලැබුණු ආරාධනය ශ්‍රී ලංකාව පිළිගත්තේ නැහැ! එවකට බලයේ සිටි ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ රජය කාරුණිකව මේ ඇරයුම ප‍්‍රතික්ෂේප කළා!

ඇපලෝ 11 උඩුගුවන්ගත කිරීමට පෙර දිනයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නාසා ප‍්‍රධානියාට ලියූ ලිපියේ හරය මෙයයි: පෙන් මහත්මයාණෙනි, (1969) ජුනි 23 දා ඔබ එවූ ලිපිය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයක් ද සඳ මතු පිට තැන්පත් කිරීම සඳහා නාසා ආයතනයෙන් ඉල්ලා සිටීම ගැන ස්තුතිවන්ත වන අතර, මේ අවස්ථාවේ එබදු පණිවුඩයක් නිකුත් නොකිරීමට ලක් රජය තීරණය කර ඇති බව දැනුම් දෙමු.”

එයට අත්සන් කර ඇත්තේ එවකට වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ ඒ. ටී. ජයකොඩි නම් විදේශ සේවා නිලධාරියායි. ඔහු එසේ ලියුවේ කොළඹින් ලද උපදෙස් මත බව පැහැදිලියි. එහෙත් මේ ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්දැයි කීම අපහසුයි.

දශක හතරකට පසු අපට කළ හැක්කේ ඒ ගැන අනුමාන කිරීම පමණයි. 2009 දී මේ ගැන ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියන විට සිලිකන් තැටියේ කථාව ගවේෂණය කළ වෛද්‍ය රහ්මාන් සමග මා ඊමේල් සන්නිවේදනය කළා. ඔහු කීවේ අදාල සියළු ලිපි ගනුදෙනු පිරික්සීමෙන් පසුව වූවත් ලංකාව මේ අවස්ථාව මග හැරියේ ඇයිද යන්නට කිසිදු ඉගියක් ඔහුට සොයා ගත නොහැකි බවයි.

ඇපලෝ සඳ ගමන් ගැන අමෙරිකානු ටෙලිවිෂන් සජීව විකාශයන්ට කථනයෙන් සහභාගී වූ ආතර් සී ක්ලාක්ට වෛද්‍ය රහ්මාන් සිය පොතේ පිටපතක් එවා තිබුණා. ක්ලාක් මිය යන්නට වසරකට පමණ පෙර මා ඔහුගෙන් ද මේ ගැන විමසුවා. තමන් ඩඩලි සේනානායක අගමැතිවරයා හා ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දැන හදුනාගෙන සිටියත් මේ තීරණය ගැන කිසිවක් නොදත් බව ඔහු කීවා. ”සමහර වෙලාවට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් රටවල් ක‍්‍රියාකරන ආකාරය තර්කානුකූල නැහැ.” ඔහු ප‍්‍රකාශ කළා.

ඇපලෝ 11 සඳ ගමනට වසර 40 ක් පිරුණු 2009 ජුලි මාසයේ Groundviews.org වෙබ් අඩවියේ මේ ගැන මා ලියූ ලිපිය පළ වුණේ ”ලංකාවට හඳ අහිමි වූ සැටි” නම් හෙඩිම සමගයි. එයට පාඨක ප‍්‍රතිචාර රැසක් ලැබුණත් එකී තීරණයට පසුබිම් වූ හේතු සාධක මොනවාදැයි හෙළිදරව් වූයේ නැහැ. ඒ වෙනුවට මාතෘකාවට ඍජුව අදාල නොවන කාරණා ඇතැම් පාඨකයන් මතු කර තිබුණේ අපේ ඇත්තන්ගේ පටු මානසිකත්වය ලොවට ම පෙන්වා දෙමින්.

දිවයිනේ දැවෙන ප‍්‍රශ්න රැුසක් විසදීමේ අභියෝගයට මුහුණ දී සිටි ඩඞ්ලි රජයට හඳ මතුපිට තැන්පත් කැරෙන සිලිකන් තැටියක් ගැන සිතීමට ඉස්පාසුවක් නොතිබුණා විය හැකි යයි ඇතැම් පාඨකයෝ අනුමාන කළා. සෙනසුරාදා-ඉරිදා සති අන්තය වෙනුවට පෝය හා පෙරපෝය සති අන්තය බවට පත් කළ ඩඞ්ලි රජය, එවකට බෞද්ධ බලපෑම්වලට බොහෝ සේ නතුව සිටි නිසාත් සඳ ශුද්ධ වස්තුවක් ලෙස සළකා සඳ ගමන් ගැන විමතියෙන් හෝ සැකයෙන් හෝ පසු වන්නට ඇතිදැයි තවත් අය විමසුවා.

සඳ ගමන එවකට පැවති සීතල යුද්ධයේ එක් පෙරමුණක් වූ නිසා නොබැදි පිළිවෙතට අනුව යමින් අමෙරිකානු පිළට පක්‍ෂග‍්‍රාහී වීම නොමනා යයි එවකට විදේශ කටයුතු උපදේශකයන් සිතන්නට ඇත් ද? මේ තවත් තර්කයක්. (එහෙත් නොබැදි ජාතීන්ගේ පුරෝගාමියෙකු වූ යුගොස්ලාවියාවේ ජෝසිප් බ්‍රෝස් ටිටෝ ජනාධිපතිවරයාත් මේ තැටියට පණිවුඩයක් ලබා දුන්නා.)

අමෙරිකානුවන් සඳ තරණය කොට එය තවත් අමෙරිකානු ජනපදයක් කිරීමේ උත්සාහයක යෙදී සිටි නිසා ලක් රජය එයට සහභාගි නොවූවා යයි කියන උදවිය නොදන්නා සත්‍යයක් තිබෙනවා. තනි රටක් පෘථිවියෙන් බැහැර කිසිදු අභ්‍යවකාශ වස්තුවක් අයිති කර ගැනීම වළක්වන පිටසක්වල ගිවිසුම (Outer space Treaty) 1967 දී ජාත්‍යන්තර නීතියක් ලෙස ලෝකය පිළි ගත්තා. අද වන විට අභ්‍යවකාශ තරණයේ නියැලෙන සියළු රටවල් එයට බැදී සිටිනවා.

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ උගත්, බටහිර ලිබරල් ආකල්ප දැරූ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා අමෙරිකානු විරෝධියකු වූවා යයි සිතීම අපහසුයි. ඔහුගෙ රජය දේශපාලන වශයෙන් දක්‍ෂිනාංශික යැයි අපට සැළකිය හැකියි. සඳ තැටියට එක් නොවීමට ඊට වඩා තර්කානුකූල හේතුවක් ඔහුගේ රජයට තිබෙන්නට ඇති. එය කුමක් ද? මෙය කියවන පාඨකයකුවත් එයට ඉගියක් ලබා දෙයි ද?

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකුට අවමන් කරනවා යයි මගේ ඉංග‍්‍රීසි ලිපියට ප‍්‍රතිචාර දැක් වූ එක් (නිර්නාමික) පාඨකයෙක් මගේ බ්ලොග් අඩවිය හරහා මට චෝදනා කළා. හඳට පණිවුඩ නොයැවුවාට ඩඞ්ලිගේ දේශපාලන ප‍්‍රතිරූපයේ අඩුවක් සිදු වී නැහැ. එහෙත් නිල වශයෙන් අභ්‍යවකාශ කටයුත්තකදී ලක් රජය සම්බන්ධ කර ගන්නට 1969දී ගත් උත්සාහය ව්‍යර්ථ වූ නිසා 1977දී වොයෙජර් යානාවල තැන්පත් කැරුණු හඩ තැටියට නිල නොවන මට්ටමින් විද්වත් දායකත්වයක් ලබා ගැනීම ගැන නාසා ආයතනයට දොස් තැබිය හැකි ද?

සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

This is the Sinhala text of my Ravaya newspaper column published on 4 March 2012. Today, I talk about the gold-plated disk containing sounds and images of our Earth that was sent to the universe with Voyager 1 and 2 spacecraft launched by NASA in mid 1977.

In particular, I look at how a Sinhala language greeting was included on it, and thank Cornell University and project leader astronomer Carl Sagan for keeping it entirely a scholarly effort with nothing official about it. Thank you, Carl, for keeping the babus out of humanity’s ‘message in a bottle’ sent adrift to the depths of space.

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

සිංහල භාෂාව මවුබස ලෙස කථා කරන සමස්ත ජන සංඛ්‍යාව මිලියන් 16ක් පමණ වන අතර තවත් මිලියන් 2ක් ජනයා එය ප‍්‍රායෝගිකව භාවිත කරන බව විකිපීඩියාව කියනවා. භාෂා නිතිපතා පරිනාමය වෙනවා. කිසිදු භාෂාවක් සදා කල් පවතින්නේ නැහැ. සංස්කෘතිය යනු කෞතුකාගාරයක හෝ සංරක්‍ෂණාගාරයක දමා දැඩි ආරක්‍ෂාව යටතේ ප‍්‍රවේශම් කළ හැකි දෙයක් නෙවෙයි. එය සජීව හා ගතික සංසිද්ධියක්.

නූතන සිංහලය ක‍්‍රි.ව. 12 වන සියවසෙන් පමණ පසු භාවිතයේ පවතින නමුත් ගෙවී ගිය සියවස් කිහිපය පුරා විවිධ භාෂාවලින් එය පෝෂණය වී තිබෙනවා. යටත්විජිත බලපෑම්, වෙළඳ සබඳතා, ගෝලීයකරණය හා තාක්‍ෂණය සිංහල භාෂාවට බලපා ඇති සාධක අතර වනවා.

සිංහල භාෂාවේ ආරම්භය හරියට ම කවදා කෙලෙස සිදු වී දැයි කිව නොහැකිවාක් මෙන් ම සිංහලයේ අනාගතය කෙසේ පරිනාමය වේ දැයි කියන්නටත් බැහැ. නමුත් එක් තොරතුරක් මා දන්නවා. දුර අනාගතයේදී විශ්වයේ ඉතිරිවන අවසාන සිංහල වචනය ‘ආයුබෝවන්’. එය දැනටමත් කථා කර හමාරයි!

මා එසේ කියන්නේ ඇයි? මේ පිටුපස රසවත් කථාවක් තිබෙනවා.

මීට 35 වසරකට පෙර 1977දී අමෙරිකානු අභ්‍යවකාශ අධිකාරිය වන නාසා (NASA) ආයතනය ග‍්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක‍්‍රීය අභ්‍යවකාශ යානා දෙකක් උඩුගුවන් ගත කළා. බ‍්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග‍්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා.

කිසිදු ග‍්‍රහලෝකයකට ගොඩ නොබැස, සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක ඉනික්බිති අපේ ග‍්‍රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙනවා. මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා (යම් අනතුරක් නොවුණොත්) මේ යානා දෙක දිගින් දිගට ම සියවස් හා සහශ‍්‍ර ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇති. යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත්, වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වනවා.

මිනිස් සංහතියේ යාන්ත‍්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ තැන්පත් කර තිබෙන විශ්ව පණිවුඩයක් තිබෙනවා. එය රත්රන් ආලේපිත තඹ තැටියක් (phonographic record). පෘථිවි ග‍්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කැරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙනවා. වසර දහස් ගණනක ගමනකින් පසුව යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි.

මෙබදු සංක්‍ෂිප්ත සන්නිවේදයක් හරහා විස්තරාත්මක තොරතුරු දිය නොහැකි වූවත් එය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැුලි අතර එය පාකොට යැවීමටයි. වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිල අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996) කියා තිබෙනවා.

මිනිස් හඩට අමතරව සොබා දහමේ ශබ්ද (අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිෙඳන සැටි, සැඩ සුළග ආදිය) සහ විවිධ සතුන්ගේ ශබ්ද (කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ) එම තැටියට ඇතුළත් වුණා. එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද තෝරා ගනු ලැබුවා.
පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ඡයාරූප ගොන්නකුත් එහි අඩංගුයි.

මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරුවා. කෝනෙල් සරසවිය විද්‍යා – කලා ක්‍ෂෙත‍්‍ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක‍්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්‍ෂෙත‍්‍ර නියෝජනය හරිහැටි සිදු වුණා. එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සංකීර්ණ ක‍්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණා!

ලෝකයේ කථා කැරෙන භාෂා 55කින් භාෂිත ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක‍්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි. එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප‍්‍රතිපාදනයක් පමණයි.

ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි.

“මේ තේරීම අප කළේ පිටසක්වල බුද්ධිමත් ජීවීන් සඳහා වූවත් මේ හරහා අපේ ලෝකයේ දැනට ජීවත්ව සිටින මානවයන්ටත් ප‍්‍රබල සංකේතාත්මක පණිවුඩයක් ලැබෙන බව අප හො`දාකාරව දැන සිටියා,” ආචාර්ය සේගාන් ලියා තැබුවා.

එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වුණා. කෝනෙල් සරසවියේ එවකට (1976-77 වකවානුවේ) සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා.

‘පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න’ යන පොදු ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළා. කිසිදු රජයක, තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් තිබුණේ නැහැ. අන්තිමේදී විශ්වයට ගිය මානව පණිවුඩ තැටිය නිල නොවන, ශාස්ත‍්‍රීය තේරීමක් වීම ගැන මා ඉතා සතුටු වනවා!

සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙන්. මීට වසර කිහිපයකට පෙර ටෙලිවිෂන් වැඩසටහනකට සූදානම් වෙද්දී මෙහි පසුබිම් කථාව මා අසා දැන ගත්තා.

ඒ කාලයේ ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙක්. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන ‘ආයුබෝවන්’ යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක‍්‍රීය සරසවි ඇදුරෙක්.

කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ ‘ආයුබෝවන්’ වචනය අන් සියළු සිංහල වචනවලට වඩා වැඩි කලක් පැවතීමේ ඉඩක් පවතිනවා. මිහිතලය මත කාලගුණ, දේශගුණ, සොබාවික විපත් හා වෙනත් අනපේක්‍ෂිත සිදුවීම් නිසා සහස‍්‍ර ගණනක් යම් දෙයක හෝ යම් භාෂාවක පැවැත්ම ගැන සහතික වන්නට බැහැ. එහෙත් හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන (එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති) වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇති. විශ්වයේ කිසිවක් සාදාතනික නොවූවත්, සාපේක්‍ෂව තව වසර 40,000ක් හෝ ලක්‍ෂයක් වූවද එය නිරුපද්‍රිතව තිබීමේ සම්භාවිතාව ඉහළයි. ආයුබෝවන් වචනයේ අරුතින් ම ඒ අන්තිම සිංහල වචනය වැඩි ම කලක් රැදී පවතිනු ඇති.

ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කළ විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප‍්‍රයත්නයක් කළ කාල් සේගාන්ට අපේ ප‍්‍රණාමය!

“අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී, ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති. එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි.” ඉතා දාර්ශනික ලෙසින් ආචාර්ය කාල් සේගාන් එසේ කියනවා.

ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග‍්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දෙන්න අමාරුයි. පියාඹන පීරිසි ගැන විවිධ ප‍්‍රබන්ධ කථා කෙතරම් ප‍්‍රචලිත වුණත් බුද්ධිමත් පිටසක්වල ජීවයක් ඇති බවට පැහැදිලි සාක්‍ෂි තවමත් අපට ලැබී නැහැ. එහෙත් විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. නමුත් විශ්වයේ ලෝක අතර ඇති ඉමහත් දුර ප‍්‍රමාණ නිසා ඔවුන් හා අප අතර සන්නිවේදනය දුෂ්කර කාරියක්.

යම් දිනෙක අපට බෙහෙවින් වෙනස් පිටසක්වල ජීවීන් මේ තැටියට සවන් දුන්නොත් ඔවුන් අපේ ලෝකය හා අපේ වර්ගයා ගැන කුමක් සිතයි ද?

වොයෙජර් තැටියේ අන්තර්ගතය සඳහා බලන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/goldenrec.html

විශ්වයේ අන්තිම සිංහල වචනයට සවන් දෙන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/greetings.html

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

First Orbit: Retracing the historic journey of Yuri Gagarin, 50 years ago

Yuri Gagarin: On 12 April 1961, he really went where no human had gone before...

It was exactly 50 years ago that a human being first traveled to outer space. Yuri Alekseyevich Gagarin was launched into Earth orbit by the former Soviet Union on 12 April 1961, creating history.

He travelled to orbit aboard the Vostok 3KA-3 (Vostok 1), which made a single orbital flight that lasted 108 minutes, or just under two hours. The maximum speed reached was 28,260 kilometers per hour – faster than any human had moved before. At its highest point, Gagarin was about 200 miles (327 kilometers) above Earth.

He paved the way for hundreds of men and women from many nations to travel to near space as well as to the Moon. Up to mid 2010, a little over 500 human beings have travelled to space from 38 nationalities.

First Orbit, a new documentary film that reconstructs Gagarin’s historic flight, has just been released for free viewing on YouTube. The making of this documentary is a remarkable story in itself.

Gagarin’s original spacecraft did not have space or capacity for filming, so there is no visual record of what he saw. But he kept in touch with his control room via radio, and gave many interviews upon return that help us imagine what he experienced.

These words by Gagarin have become famous: “Circling the Earth in the orbital spaceship, I marvelled at the beauty of our planet. People of the Earth, let us safeguard and enhance this beauty – not destroy it!”

Now, First Orbit literally takes us to space in an attempt to retrace what Gagarin saw. It is directed by Dr Christopher Riley, the British writer, broadcaster and film maker, and was made in partnership with the Russian space agency. Additional material has come from the European Space Agency (ESA) and NASA.

The new documentary has been partly filmed by Italian astronaut Paolo Nespoli, currently on a long-duration mission at the International Space Station (ISS) in Earth orbit. By matching the orbital path of ISS, as closely as possible, to that of Gagarin’s Vostok 1 spaceship and filming the same vistas of the Earth through the new giant cupola window, the film has captured a new digital high definition view of the Earth below, half a century after Gagarin first witnessed it. Read more about how the film was made

Most importantly, First Orbit is a a free film that everyone can watch online in full, and also allowed to be downloaded for free. This is in the spirit of Gagarin’s first flight which was not just for one nation, but for all mankind.

Watch the trailer for First Orbit:

Watch the full length documentary First Orbit (1 hr 39 mins):

Space Shuttle Challenger disaster, 25 years later: Communication Lessons

Space Shuttle Challenger's smoke plume after in-flight breakup that killed all seven crew members

Today marks the 25th anniversary of the Space Shuttle Challenger disaster. It was the worst accident in the history of manned space exploration up to that time. All seven crew members died in the disaster — among them was Christa McAuliffe, who was selected to be the first teacher in space, and the first strict civilian to go to space as part of the US space programme.

Challenger was destroyed as it broke up in mid-flight in the second minute of its 10th mission, on 28 January 1986 at 11:38:00 am Eastern Standard Time. The break-up was later found to have been due to the failure of an O-ring on its right solid-fuel rocket booster (SRB). The O-rings are used to seal the joints between the multiple segments of the SRBs.

STS-51-L crew (front row) Michael J. Smith, Dick Scobee, Ronald McNair; (back row) Ellison Onizuka, Christa McAuliffe, Gregory Jarvis, Judith Resnik.

While the presence of Christa McAuliffe on the crew had provoked some media interest, shuttle launches had become commonplace by this time and there was little live broadcast coverage of the launch. The only live national TV coverage available publicly was provided by CNN.

Challenger Disaster Live on CNN

The accident was thoroughly investigated and has been well documented. What interests me are the communication lessons drawn from the incident – it continues to be cited as a case study in subjects as diverse as engineering safety, the ethics of whistle-blowing, effective communications, and the perils of group decision-making.

According to the Wikipedia, Roger Boisjoly, the engineer who had warned about the effect of cold weather on the O-rings, left his job at Morton Thiokol and became a speaker on workplace ethics. For his honesty and integrity leading up to and directly following the shuttle disaster, Roger Boisjoly was awarded the Prize for Scientific Freedom and Responsibility from the American Association for the Advancement of Science. Many colleges and universities have also used the accident in classes on the ethics of engineering.

Information designer Edward Tufte has used the Challenger accident as an example of the problems that can occur from the lack of clarity in the presentation of information. He argues that if Morton Thiokol engineers had more clearly presented the data that they had on the relationship between low temperatures and burn-through in the solid rocket booster joints, they might have succeeded in persuading NASA managers to cancel the launch.

To me, it was extraordinary how President Ronald Reagan handled the aftermath of the tragedy. On the night of the disaster, he was scheduled to give his annual State of the Union Address. He postponed it by a week and instead gave a national address on the Challenger disaster from the Oval Office. The speech, written by author Peggy Noonan who was the president’s primary speech writer, is a fine piece that combines grief, tribute and resolve in just the right proportions. No lofty intellectualisation or pontification. Just plain, short sentences that appeal to the hearts. Ably delivered by the Great Communicator, it remains an excellent study in how a national leader can counsel a nation in grief without descending into either despair or denial. Draw your own contrasts with other tragedies before and since.

Ronald Reagan’s speech to the nation after the Challenger Shuttle explosion

President Reagan spoke at 5 pm EST from the Oval Office at the White House. The address was broadcast live on nationwide radio and television. Here is the full text of his speech (emphasis is mine):


Address to the Nation on the Explosion of the Space Shuttle Challenger

January 28, 1986

Ladies and gentlemen, I’d planned to speak to you tonight to report on the state of the Union, but the events of earlier today have led me to change those plans. Today is a day for mourning and remembering. Nancy and I are pained to the core by the tragedy of the shuttle Challenger. We know we share this pain with all of the people of our country. This is truly a national loss.

Nineteen years ago, almost to the day, we lost three astronauts in a terrible accident on the ground. But we’ve never lost an astronaut in flight; we’ve never had a tragedy like this. And perhaps we’ve forgotten the courage it took for the crew of the shuttle. But they, the Challenger Seven, were aware of the dangers, but overcame them and did their jobs brilliantly. We mourn seven heroes: Michael Smith, Dick Scobee, Judith Resnik, Ronald McNair, Ellison Onizuka, Gregory Jarvis, and Christa McAuliffe. We mourn their loss as a nation together.

For the families of the seven, we cannot bear, as you do, the full impact of this tragedy. But we feel the loss, and we’re thinking about you so very much. Your loved ones were daring and brave, and they had that special grace, that special spirit that says, “Give me a challenge, and I’ll meet it with joy.” They had a hunger to explore the universe and discover its truths. They wished to serve, and they did. They served all of us. We’ve grown used to wonders in this century. It’s hard to dazzle us. But for 25 years the United States space program has been doing just that. We’ve grown used to the idea of space, and perhaps we forget that we’ve only just begun. We’re still pioneers. They, the members of the Challenger crew, were pioneers.

And I want to say something to the schoolchildren of America who were watching the live coverage of the shuttle’s takeoff. I know it is hard to understand, but sometimes painful things like this happen. It’s all part of the process of exploration and discovery. It’s all part of taking a chance and expanding man’s horizons. The future doesn’t belong to the fainthearted; it belongs to the brave. The Challenger crew was pulling us into the future, and we’ll continue to follow them.

I’ve always had great faith in and respect for our space program, and what happened today does nothing to diminish it. We don’t hide our space program. We don’t keep secrets and cover things up. We do it all up front and in public. That’s the way freedom is, and we wouldn’t change it for a minute. We’ll continue our quest in space. There will be more shuttle flights and more shuttle crews and, yes, more volunteers, more civilians, more teachers in space. Nothing ends here; our hopes and our journeys continue. I want to add that I wish I could talk to every man and woman who works for NASA or who worked on this mission and tell them: “Your dedication and professionalism have moved and impressed us for decades. And we know of your anguish. We share it.”

There’s a coincidence today. On this day 390 years ago, the great explorer Sir Francis Drake died aboard ship off the coast of Panama. In his lifetime the great frontiers were the oceans, and an historian later said, “He lived by the sea, died on it, and was buried in it.” Well, today we can say of the Challenger crew: Their dedication was, like Drake’s, complete.

The crew of the space shuttle Challenger honored us by the manner in which they lived their lives. We will never forget them, nor the last time we saw them, this morning, as they prepared for their journey and waved goodbye and “slipped the surly bonds of earth” to “touch the face of God.”

British Interplanetary Society (BIS) remembers Sir Arthur C Clarke

Humanity's journey to the stars began here...


I seem to have a knack for visiting the UK just when Nature decides to remind the hapless islanders who is really in charge. Last April it was the Icelandic volcano Eyjaffjalljokull coughing up. Last week it was sub-zero temperatures and freezing winds coming all the way, with love, from Siberia…

But London’s spirits are not so easily dampened by ash or snow (but they all groaned when their bid for FIFA World Cup 2018 lost to Russia’s). A highlight of my week’s stay was a visit to the British Interplanetary Society (BIS) headquarters on South Lambeth Road.

BIS, founded in 1933 by Phil E Cleator, is the oldest organisation in the world whose aim is exclusively to support and promote astronautics and space exploration. It was originally set up not only to promote and raise the public profile of astronautics, but also to undertake practical experiments in rocketry. But the pioneering British ‘space cadets’ soon discovered that Britain’s the Explosives Act of 1875 prevented any private testing of liquid-fuel rockets.

Undaunted, they continued with their thought experiments, discussions and public advocacy. Perhaps it was just as well that they didn’t get into the messy (and potentially hazardous) business of rocketry. For over 75 years, they have been preparing humanity’s engagement with the realm and challenges of space. Unlike its American and German counterparts, the BIS never became absorbed into the rocket or space industries that developed after the Space Age began in 1957.

Arthur C. Clarke (far right) and other members of the British Interplanetary Society had a visit from rocket pioneer Robert Truax (holding the rocket model) in 1938

I have always admired the BIS for their pioneering role in popularising space travel, and having ha the audacity to dream of it and in public too. So I was delighted to be invited to the BIS annual Christmas get-together on the evening of December 1. This year, they celebrated the life and times of their founder member and two-time chairman, Arthur C Clarke.

Mark Stewart, the energetic librarian and archivist at BIS, heard I was visiting London and invited me to join their members-only event. Mark is currently looking after one of the finest collections on astronautics on this side of the Atlantic. Some records and documents at the BIS Library go back to the 1930s.

It was good to finally visit ‘ground zero’ of where it all began — nothing less than humanity’s long (and eventual) journey to the stars, hatched by a group of starry-eyed youth as an entirely private, citizen initiative. It took another 20 years — and considerable battering of London by Germany’s V2 rockets — for the British government to take it seriously.

I spent the afternoon chatting with Mark and Colin Philip, a BIS Fellow. Joining us later was Mark’s teenage son Alex, a next-gen space cadet already volunteering at the society. They gave me the guided tour — only a few months ago, I heard, a certain N. Armstrong had been similarly shown around. The society is certainly proud of its history and Sir Arthur’s photos, books, papers and posters are prominently displayed.

L to R - Colin Philip, Naaka Gunawardene, Mark Stewart, BIS Library 1 Dec 2010

The evening gathering was attended by 40 – 50 members, who were treated to an illustrated talk by Mat Irvine, British TV personality who has worked on many science and science fiction shows over the years, gave an illustrated talk about his friend Arthur. (Confession: I was so engrossed in his talk that I forgot to take any photos of him making it!)

I was familiar with much of the ground that Mat covered, but there were occasional revelations. For example, I didn’t know that circa 1995, Mat and (Sir Arthur’s brother) Fred Clarke had worked with the Isle of Man Post Office to issue some stamps bearing Sir Arthur’s visage and other iconic images associated with him, e.g. the monolith from 2001, comsats, etc. Alas, the plans didn’t work out, but Mat still has the designs and is hopeful that the British Post Office might consider it for the author’s birth centenary in 2017. Of course, some lobbying will be needed…but there’s plenty of time for that.

Like all non-profits these days, the BIS is struggling financially. It also faces the challenge of recruiting younger members – the average age of the Christmas gathering seemed to be 55 or 60. They have fascinating stories to tell (among them: the inside story how Apollo 13 was saved), but forward transmission requires more new blood.

The Council, I heard, is working on repositioning the society for the Facebook generation, and I wish them every success. ‘Imagination to reality’ is their motto, and they have seen a good deal of day-dreaming of the pioneering space cadets come true.

Nalala Gunawardene (L) with Mark Stewart at BIS Library

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers