“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator.

Parts of this interview appeared earlier in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013):  “විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

Those segments are not repeated here. Lakbima has also carried my questions related to Clarke’s views on traditional knowledge, and on religion. Banduseela answers them in his capacity as a leading rationalist and free thinker in Sri Lanka.

Note: Sir Arthur Clarke (1917-2008) was a life-long non-believer: he was against all forms of organised religion (no exceptions!), and considered religions to be the worst form of ‘mind virus‘.

As he often said: “One of the great tragedies of mankind is that morality has been hijacked by religion. So now people assume that religion and morality have a necessary connection. But the basis of morality is really very simple and doesn’t require religion at all. It’s this: “Don’t do unto anybody else what you wouldn’t like to be done to you.” It seems to me that that’s all there is to it.”

See also: Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

The ascent or descent of Man?

The ascent or descent of Man? Cartoon courtesy Daily Mirror, Sri Lanka

මානව ප්‍රගමනය සඳහා විද්‍යාව හෝ පැරණි සම්ප්‍රදායික දැනුම (traditional knowledge) යන දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි සමහරුන් ලිහිල් තර්කයක් ඉදිරිපත් කරනවා. මෙය කොතරම් ප්‍රායෝගික ?

සම්ප්‍රදායික හා නූතන යනුවෙන් දැනුම් පද්ධති දෙකක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ ඇත්තේ මිනිස් වර්ගයා සොයා ගත් දැනුමයි. ඒ ඒ දැනුම්, අදහස් හා සංකල්ප බිහි  වූයේ  ඒ ඒ පරිසරවල තිබු  අවශ්‍යතාවන්ට අනුවයි. එක් යුගයකදී ප්‍රයෝජනවත් වූ දැනුම් සමුදායක් එම තත්වයන් වෙනස්වී මෙන් පසු  එතරම් වැදගත් නොවන්නට පුළුවනි. උදාහරණයකට ආගමික මතිමතාන්තර වගේ.

සමහර සමාජයන්හි දැනුම සොයා ගැනීම නිරතුරුවම සිදුවන අතර එම සමාජ ඒ නිසාම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සමහර සමාජ අලුත් දැනුම සොයා යෑමට උත්සාහ නොකර අතීතකාමයෙන් මුසපත් වී එක තැන ම පල් වෙනවා. දැනුම වේගයෙන් ඉදිරියට යනවා. තාක්ෂණයත් වේගයෙන් දියුණු වෙනවා. අප කළ යුත්තේ මෙම ප්‍රවාහයට එක් වීම මිස අපේ සම්ප්‍රදායික දැනුම සියල්ලට ම වඩා උසස් යයි කියමින් ගෝත්‍රිකයන් මෙන්  ජීවත් වීම නොවෙයි.

ආතර් සී ක්ලාක් ඉතා පැහැදිලිව ම සියලු ආයතනගත ආගම් හා සාමයික දර්ශනයන් ප්‍රතික්ෂේප කළා. දේවවාදයන් නුදුරු අනාගතයේත්, අදේවවාදී අන් සියලු ම ආගම් ඉන් පසුවත් අවභාවිතය නිසා තුරන්ව යන බවට ඔහු ලියා තිබෙනවා. හේතුවාදියෙකු ලෙස ඔබ මෙය විග්‍රහ කරන්නේ කෙසේ ?

ක්ලාක් විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව  නිවැරදිව දුටු කෙනෙක්. අනාගතයේ විද්‍යාව විසින් සියලුම ආගමික සංකල්ප බිඳ දමන බව දුටු නිසා ඔහු සියලුම ආගම් ප්‍රතික්ෂේප කළා. මිනිසාට  තමා හා තම පරිසරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක බිහි වූ විවිධ සංකල්ප මෙන් ආගමත් එක් අවස්ථාවකදී මිනිස් සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් අද එය සම්පූර්ණයෙන් ම මිනිස් සමාජයේ දියුණුවට තර්ජනයක් වී ඇති දෙයක්. ඒ නිසා මිනිසාගේ අනාගත පැවැත්ම ගැන සැලකිලිමත් වන සියලු දෙනාගේ වගකීම වන්නේ ආගමික මතවාද වලින් අන්ධ වී ඇති  සමාජය එයින් මුදවා ගැනීමයි. මේ නිසා අපි ක්ලාක්ගේ ස්ථාවරය ඉතා අගය කළ යුතුයි.

සියලු ආගම් කාරුණිකව ප්‍රතික්ෂේප කරන අතර ක්ලාක් අධ්‍යාත්මික බව (spirituality) අගය කළා. අධ්‍යාත්මික බව හා ආගම් යන දෙක වත්මන් සමාජයේ සමහරුන් පටලවා ගෙන තිබෙනවා නේද?

secularඔව්. අධ්‍යාත්මිකබව මිනිස් සන්තානයේ ගැඹුරෙන් ම ඇති දෙයක්. එයට අයත් වන්නේ ආදරය කරුණාව වැනි මුලික හැඟීම්. ආගම් විසින් කර ඇත්තේ මිනිසා සතුව තිබූ අධ්‍යාත්මික හා සදාචාරාත්මක හැඟීම් පැහැරගෙන එය ඔවුන්ගේ නිපයුමක් ලෙස ඉදිරිපත් කිරීමයි.  වත්මන් සමාජයේ  මතයක් තියෙනවා  ආගමක් අදහන්නේ නැති කෙනෙකුගේ  අධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නැතැයි කියා. ඇත්තෙන් ම ආගම් විශ්වාස නොකරන අය අතර ඉතා අධ්‍යාත්මික හා සදාචාරත්මක පුද්ගලයන් සිටිනවා. ඔවුන් එසේ වී ඇත්තේ දෙවි කෙනෙකුට හෝ කර්මය වැනි දේකට  බියෙන් නොව මිනිස්කමට උචිත එක ම චර්යා රටාව  එය බව පිළිගන්නා නිසයි.

මට මෙහිදී මතක් වෙනවා ආතර් සී ක්ලාක් ඔහු ලියූ The Fountains of Paradise නම් පොතේ උපුටා දක්වා ඇති ජවහර්ලාල් නේරුගේ කියමනක්. එය නම් 1962 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අමතමින්  අගමැති නේරු කළ ප්‍රකාශයයි. එතුමා කියා සිටියේ “දේශපාලනය හා ආගම යල්පැන ගිය අදහස් බවත් දැන් කාලය පැමිණ ඇත්තේ විද්‍යාව හා අධ්‍යාත්මික ගුණ ධර්ම සඳහා බවත්”. (“Politics and religion are obsolete; the time has come for science and spirituality.”)

ඇත්තෙන් ම ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එක ම මග වන්නේ සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොවුන හොත් ආගමික ගැටුම්වලින් මිනිස් වර්ගයා ම විනාශ වී යෑමට ඉඩ තියෙනවා.

විද්‍යාව හා ආගම් අතර අතාත්වික ආකාරයේ මතුපිට සංසන්දනයක් කරන්නට සමහරුන් තැත් කරනවා. ඇතැම් ආගම් අදහන අයට දැඩි ලෙස උවමනා වී ඇත්තේ නූතන විද්‍යාව මගින්  තමන්ගේ ආගම තහවුරු වෙනවා යයි කියන්නට. මේ ගැන ඔබේ මතය?

මෙය මා දකින්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව  ඉදිරියේ තව දුරටත් පවත්වා ගත නොහැකි තමන්ගේ ආදිකාල්පික මත තහවුරු කිරීමට ගන්නා දුර්වල ප්‍රයත්නයක් හැටියටයි. සෑම ආගමක් ම මිනිසා විශේෂ නිර්මාණයක් ලෙස සැලකුවත්  සත්‍යය නම් මිනිසා යනු සත්ව පරිණාමයේ එක් අවස්ථාවක් පමණක් වීමයි. පරිණාමීය ක්‍රියාවලියේ එක් සතෙකුට පමණක් අදාල වන ‘සත්‍යයන්‘ තියෙන්නට බැහැ. උදාහරණයක් හැටියට මිනිසාට වඩා බුද්ධිමත්  යන්ත්‍රයකට මේ ආගම් අදාල වේ ද? එසේත් නැත්නම් ආගම් වලංගු වන්නේ කාබන්වලින් සැදුණු ජීවින්ට පමණක් ද?

ක්ලාක් මහතා  කියා තියෙනවා ආගම නියෝජනය කරන්නේ මිනිසාගේ නොමේරූ අවස්ථාවක්ය කියා. එතුමාගේ සමහර කෘතිවල මිනිස් වර්ගයා මෙම ළදරු ප්‍රවණතාවන්ගෙන් මිදෙන බවට ඉඟි කර තිබෙනවා. අද දක්නට ලැබෙන ආගමික උන්මාදය දෙස බලන විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ සියලු ආගම් ඉවත දැමීමේන් බව ඉතා පැහැදිලියි. එසේ නැත්නම් තමන් අදහන දෙය පමණක් සත්‍යයයි විශ්වාස කරන විවිධ කොටස් එකිනෙකා විනාශ කර දමන බවට කිසිම සැකයක් නැහැ.

See also: God, Science, and Delusion: A Chat With Arthur C. Clarke
by Matt Cherry in Free Inquiry magazine, Volume 19, Number 2 (1999)

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

S M Banduseela interview with Nalaka Gunawardene - Daily Lakbima - 17 Dec 2013

S M Banduseela interview with Nalaka Gunawardene – Daily Lakbima – 17 Dec 2013

About these ads

26 Responses to ““ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල”

  1. magenama Says:

    අපි ඇදහිල්ල ප්‍රතික්ෂේප කර දර්ශනය පිළිගත්තොත් විසඳුමක් වේවිද?

    • nuwan Says:

      Sira kathava

    • atulasiriwardane Says:

      ඇදහිල්ල ප්‍රතිෂේප කරන්න.
      විඳ ප්‍රත්‍යක්ෂ කරගන්න.
      බුදු දහමෙ
      දෙවියන්ගෙන් සරණ යැදීමක් නෑ.
      බුදුන් වහන්සේගෙ ඉගැන්වීම
      තමන්ට තමා සරණයි.. ධර්මය සරණයි.

      බුදු දහම ඇදහීමක් අවශ්‍ය නෑ.
      මේ මොහොතෙ
      විඳ ප්‍රත්‍යක්ෂ කර බලන්න පුලුවන්..

      බුදු දහමෙ හරය වන
      චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය
      සහ සතර සතිපට්ඨානයෙන් කරන්නෙ
      1. සිහිය දියුණු කිරීමෙන් මෝහය දුරු කිමත්,
      2, උපේක්ෂාව දියුණු කිරීමෙන්
      රාගය හා ද්වේශය දුරු කිරීමත්
      කියන කාර්යයන් දෙක
      ප්‍රායෝගිකව සිදු කිරීම සහ
      එහි අවශ්‍යතාවය
      න්‍යායිකව පැහැදිලි කිරීමයි.

      බුදු දහමෙන් කරන්නෙ
      දූෂිත සිත් ඇති, තිරිසන් චර්යා ඇති,
      කැළඹුණු සිතක් ඇති,
      රාගයෙන් ද්වේශයෙන් මුළාවුන
      අඳබාල මිනිසෙක් තුළින්
      සත්‍යය දැකිය හැකි පුළුල් සමාහිත සිතක් ඇති
      සිත, කය, වචනය සංවර මිනිසෙක් බිහිකිරීමයි.

      ඒ කාර්යය ඔහු විසින්ම කරගත යුත්තක්.
      තුම්හේහි කිච්චං ආතප්පං.
      දෙවි කෙනෙකුටවත්, ඔහුගේ ගුරුවරයාටවත්
      ඒ කාර්යය කරන්න බැහැ.
      ඔහු ස්වාධීනව වීර්ය වඩා
      මොහොතින් මොහොතට
      ස්වාධීනව විමුක්තිය ලබන්නෙක්.
      බුදුන් වහන්සේ කරන්නෙ
      මග පෙන්වීම පමණයි..
      අක්ඛාතාරො තථාගත

      1. සිහිය දියුණු කිරීමෙන් මෝහය දුරු කිරීමත්,
      2, උපේක්ෂාව දියුණු කිරීමෙන්
      රාගය හා ද්වේශය දුරු කිරීමත්
      මේ මොහොතෙම
      විඳ ප්‍රත්‍යක්ෂ කරන්න පුලුවන්..

      චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය
      සහ සතර සතිපට්ඨානය ඇදහීමක් අවශ්‍ය නෑ.
      ඒ මොහොතෙම පරීක්ෂා කර බැලිය හැකි
      විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකි
      සත්‍ය තාවයන්.

  2. අති පණ්ඩිත ද.කේ. Says:

    විද්‍යාව ආගමක් ලෙස ගැනීම බන්දුසීලට පිළිකෙව් කිරීමට බැරිවීම අරුමයකි!

  3. Nalaka Gunawardene Says:

    ආතර් සී. ක්ලාක් ආගම් නිර්වචනය කළේ පූජනීය ස්ථාන තිබෙන, ශුද්ධ යයි සම්මත ග‍්‍රන්ථ ඇති හා පූජකයන් හමු වන සියඵ ම ඇදහීම් ලෙසයි. තරුණ වියේ පටන් කිතු දහම නිර්දය ලෙස විවේචනය කළ ඔහු, මැදිවියේදී අනෙක් සියඵ ම ආගම් හා ඇදහීම් ගැන ද දැඩි කළකිරීමෙන් යුතුව කථා කළා.

    ආගම් යනු මිනිස් මනස ලෙඩ කරන මනෝ-වයිරසයක් (virus of the mind) යයි ප‍්‍රකට බි‍්‍රතාන්‍ය විද්‍යාඥ රිඩඞ් ඩෝකින්ස් (Richard Dawkins) කළ ප‍්‍රකාශය ක්ලාක් එක හෙළා පිළි ගෙන එය ප‍්‍රතිරාවය කළා. අද අප එන්නතක් ලබා ගෙන රෝගකාරක ක්ෂූද්‍ර ජීවී විශේෂයකින් නිදහස් වන්නා සේ අනාගතයේදී මානවයන්ට ආගම් ඇදහිලි නැමැති මනෝ වයිරසයෙන් නිදහස ලබන්නට හැකි බවට ක්ලාක් කියා තිබෙනවා. එම තත්ත්වයට පත්වූ විට (අද වසූරිය රෝගය ගැන අප ආවර්ජනය කරන්නා සේ) ආගම් ගැන ද හැගීම්බර නොවී, ආවේගයෙන් තොරව මැදහත්ව කථා කරන්නට මානව සංහතියට හැකි වනු ඇති.

  4. Rasan Samarasinghe Says:

    Non – Religious people are increasing in every country day by day.

  5. atulasiriwardane Says:

    ආතර් සී ක්ලාර්ක් මේ කියන්නෙ
    බුදුන් වහන්සේ කුඩා දරුවන් පිරිසකට කී
    අත්තානං උපමංකත්වා කියන වචනම
    වෙනත් ආකාරයකටයි..
    “Don’t do unto anybody else what you wouldn’t like to be done to you.”

  6. atulasiriwardane Says:

    මේත් ආතර් සී ක්ලාර්ක්
    FI: Do you see any value at all in the various religions?

    Clarke: Though I sometimes call myself a crypto-Buddhist, Buddhism is not a religion.

    http://www.secularhumanism.org/library/fi/clarke_19_2.html

    • Nirmal Lankathilaka Says:

      He doesn’t have to be right about everything. A religion by definition is a set of beliefs that are taken by a group of people on faith, which means without any evidence. There’s no evidence of rebirth (In fact, it doesn’t even make sense in a scientific point of view). So do you still fail to see Buddhism for the religion it is?
      Buddhism may be “innocent” in some aspects, of course (like Dawkins, I’d like to call it herbivorous, while religions like Islam are carnivorous). But every religion is like (/is actually) a living organism that has many similarities to a spreading viral infection. It still has its problems and delusions.

      • atulasiriwardane Says:

        Nirmal..
        You know Buddhism as it is reflected on people who believe in Buddha’s teaching. To judge Buddha’s teaching properly you have to practice his way of life, purifying your mind here and now. Your mind is impure just like everybody elses mind. That leads to suffering whether you are not aware of your suffering.
        Buddha’s teaching is meant to make your mind your mind pure here and now.
        Since you don’t know the core of the teaching you can have doubts. But your convictions are wrong.

  7. atulasiriwardane Says:

    බන්දුසීල වැන්නවුන්ට වරදින්නේ
    කයෙන් මිදී මනසෙහි කොටුවීම නිසයි.
    පුද්ගලයෙක් සම්පූර්ණ වන්නට නම්
    ඔහු කයත් මනසත් දෙකම
    අවදි කරගෙන දෙකම ජයගත යුතුයි.
    මනසට කොටුවී කය නිද්‍රාවට පත්වූ කෙනෙකුට
    ආගමක් අවශ්‍ය නෑ.
    ආගම අවශ්‍ය වන්නේ
    රාගයෙන් ද්වේශයෙන් සජීවී කයට
    මනස වහල්වීමේ අවදානමට
    මුහුණ දීමටයි..

    තර්කයෙන්, බුද්ධියෙන් මනසට කොටුවී
    කය පිළිබඳව මෝහයෙන් පසුවෙන
    නරුම ජීවඉතවලට
    ආගම අවශ්‍ය නෑ.
    ඔවුන්ගේ අධ්‍යාත්මය නිද්‍රෝපගතයි..

  8. samirakumara507@yahoo.com Says:

    @nalaka ඉතින් කාලාක් සහා Richard Dawkins යන දෙන්නම බුදු දහම ප්‍රත්ක්ෂේප කරේ නැ, නමුත් ඔවුන් දෙදෙනාම ඉපදුනේ හැදී වැඩුනේ දේව වාදී පසු බිමකම නමුත් ඔව් බුදු දහම පිළිගත්තා, නමුත් බුදු දහම ඇති පරිසරයක ඉපදිලත් බුදු දහම ප්‍රත්ක්ෂේප කරන්නේ මි හරක්, මොකද අනෙක් රටවල මිනිසුන් නිරගමිකයන් වෙන්නේ ආගම් වලට එරහිව පොත් පත් ලියන්නේ දේව වාදී පරිසරයක ඉපදුනු නිසා, නැතුව බුදු දහම ඇත හැරලා නෙවේ, එතොකොට ඒ ඔවුන් ලියපු කියපු පොත් කියවලා බවුද්දයෙක් බුදු දහම ඇත හරින්නේ, ඔහුට කියල දැනුමක් නැති නිසා,

    • atulasiriwardane Says:

      samirakumara507
      නිරාගමිකයන් පිළිබඳව
      ඉතාම හොඳ විග්‍රහයක්.

      බුදු දහමෙ හරය වන
      චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය
      සහ සතර සතිපට්ඨානයෙන් කරන්නෙ
      සිහිය දියුණු කිරීමෙන් මෝහය දුරු කඉරීමත්,
      උපේක්ෂාව දියුණු කිරීමෙන්
      රාගය හා ද්වේශය දුරු කිරීමත්
      කියන කාර්යයන් දෙක
      ප්‍රායෝගිකව සිදු කිරීම සහ
      එහි අවශ්‍යතාවය
      න්‍යායිකව පැහැදිලි කිරීමයි.
      මේ කිසිදු දෙයක් ඇදහීම අවශ්‍ය නෑ.
      ඒ මොහොතෙම පරීක්ෂා කර බැලිය හැකි
      විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකි
      සත්‍ය තාවයන්.

      බුදු දහම පවතින රටක ඉපදුණ
      තර්ක බුද්ධිය සහිත පුද්ගලයන්
      දේව වාදය ප්‍රතික්ෂේප කළ
      බටහිර නිරාගමිකයන් පසුපස යමින්
      බුදු දහම ප්‍රතික්ෂේප කිරීම
      අන්ධයන් වෙන්නට පන්දම වීසි කිරීමක්.

      • atulasiriwardane Says:

        ඇස් නැති හැම කෙනෙක්ම අන්ධයන්ය.
        එහෙත් අන්ධයන් සියල්ලෝම
        ඇස් නැත්තන් නොවෙති.
        අන්ධයෙක් නොවන
        ඇස් වසාගෙන සිටින්නාද
        ලොව බලන්නේ අන්ධයෙක් මෙනි.
        ඔහු අන්ධයාටත් අන්තය.

    • Nirmal Lankathilaka Says:

      It’s easier to delude yourself into thinking Buddhism is the white sheep among the lot of black sheep that are other religions. Actually, I too believe Buddhism to be somewhat innocent; but do you find it weird that all of the religion-parts of Buddhism are claims of supernatural phenomena that are accepted by its followers _without_ evidence.

  9. Niranga Dilshan Gonapinuwala Withanage Says:

    මේ බුදු දහම ඔලු උඩ තිය‍ාගෙන නිර්ආගමිකයන් ට බණින අයගෙන් කීයෙන් කී දෙනෙක් ත්‍රිපිටකය කියවල තියේ ද? බුදු දහම තියෙන රටවල මිනිස්සුන් ට තර්ක බුද්ධිය තියෙනවද නැද්ද කියල අපූරුවට පේනව ඒ රටවල මිනිස්සු දිහා බැලුවම

  10. atulasiriwardane Says:

    බන්දුසීල හෝ වෙනත් පුද්ගලයන් මත
    සදාකල් යැපෙන්නෙ නැතුව
    තමන්ම දහම විමර්ශනය කරල බලන්න.

    බන්දුසීල කියන්නෙ අන්ධයෙක්..
    ඔහු ආගම් මැන්නෙ
    දහම නොදන්නා ආගමිකයන්ගෙ
    මෝඩ ක්‍රියා දිහා බලමිනුයි.

    ඔහු දහම දන්නෙ නෑ.
    ඔහු ඉන්නෙ දහම නොදන්නා
    ආගමිකයන් පසුවෙන අඳුරේමයි..
    ඒ ආගමිකයන් ඉන්න තැනම ඉඳන්
    ඔවුන් විවේචනය කිරීම
    අගය කළයුතු දෙයක් නොවෙයි..

    ආලෝකය නොදැන අඳුර
    විවේචනය කරන්න බැහැ.
    ආගමිකයන් දිහා බලාගෙන
    ආගම් ගැන දැනගන්න බැහැ..
    විද්‍යාව ෆේල් වෙන සිසුන් දිහා බලාගෙන
    විද්‍යාව මනින්න බෑ.

    ආගමිකයන් දෙවියන් මත යැපෙද්දි
    නිරාගමිකයන් බන්දුසීලවැන්නන් මත යැපෙනවා.
    මොකක්ද වෙනස..?
    ඔවුන් භක්තිය පාවිච්චි කරනවා.
    ඔහු තර්ක බුද්ධිය පාවිච්චි කරනවා.
    ඔහුත් කරන්නෙ ඇදහීමක්..

    අන්ධයන්ට අඳුර උපන්ගෙයි උරුමයක්.
    ඇස් ඇති අය ඇස් හැර බැලිය යුතුයි..

    ඇස් නැති හැම කෙනෙක්ම අන්ධයන්ය.
    එහෙත් අන්ධයන් සියල්ලෝම
    ඇස් නැත්තන් නොවෙති.
    අන්ධයෙක් නොවන
    ඇස් වසාගෙන සිටින්නාද
    ලොව බලන්නේ අන්ධයෙක් මෙනි.
    ඔහු අන්ධයාටත් අන්තය.

  11. Indrajith Says:

    අාගමක් දහමක් යනු තමා විසින් පිළීගත හෝ නොගත යුතු දෙයකි. ඒය වැරදි හෝ නිවැරදි විය යුත්තේ ‘කුමන පොතේ තිබුණා ද කවුරැන් කිව්වා ද’ යන්න මත නොව තම දැනුම මත හා විශ්වාස කිරීෙම් හැකියාව මතයි. අාගම් ලෙසින් වෙන් නොවී සෑම අාගමකම අැති හරයාත්මක කොටස සෑම අයෙක් ම තේරැම් ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒවිට අැදහීම් වලට ගැති නොවී නිවැරදි දෙය නිවැරදි ලෙසත් වැරැද්ද වැරදි ලෙසත් තේරැම් ගැනීමට හැකි වේවි.

    (මිහිකතේ ගීතය කියවන්න)

  12. Sam Says:

    Useful article as a starting point. However, politically ignorant. How does your/Mr. Clerk’s viewpoint explain the rise of religious forces in parallel to the development of science (and now mostly exploiting science and technology)? Otherwise, by now, the religious forces should have been faded with scientific establishment naturally. But the reality is that it has been fuelled ever vigorously! Explanations are only available with the science of politics. The deliberate rift between science and politics (and considering politics and religion in the same category) is no more funnier than considering religion as science!

  13. Sydney marcus Dias Says:

    Religion should be used as a mirror to transparent His or herself.when it is wear as a jewelry it will create stereotyped extremism. Doctrine guild the people to inculcate good human values but the religion guide the people for the spiritual slavery.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 106 other followers

%d bloggers like this: