සිවුමංසල කොලූගැටයා #31: 9/11 – ලොව සසල කළ මහ පුවතක මුල්පිටු මතකය

Text of my Sinhala column for Ravaya issue of 11 September 2011. In this one, I discuss how front pages of newspapers around the world reported 9/11 terrorist attacks, and how the dichotomy between reporting and editorialising blurred in some media outlets.

9-11 Frontpages at Newseum in Washington DC, photos by Nalaka Gunawardene

“පුවත්පත් කලාව යනු ඉතිහාසයේ මුල් කෙටුම්පතයි” (‘Journalism is the first rough draft of history.’)

මෙසේ කීවේ ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පත්‍රයේ ප්‍රකාශක ෆිලිප් ග්‍රහැම්. ඉතිහාසඥයන් මුහුණ නොදෙන අභියෝගයන්ට මාධ්‍යවේදීන් දිනපතා ප්‍රතිචාර දක්වනවා. දවසේ පැය 24 පුරා සජීව ලෙසින් ප්‍රවෘත්ති ආවරණය කැරෙන විද්්‍යුත් හා වෙබ් මාධ්‍ය බහුල අද කාලේ, හද සසල කරන මහා ප්‍රවෘත්තියක් අත්විදිමින් ම ඒ ගැන වාර්තා කරන්නට, විග්‍රහ කරන්නට ඔවුන්ට සිදුවනවා.

මෙය මාධ්‍ය ග්‍රාහකයන් හිතන තරම් ලෙහෙසි කාරියක් නොවෙයි. අපේ රටේ මෑත අවුරුදුවල මෙබදු මහා ප්‍රවෘත්ති අතරින් 2009 මැයි 18 වනදා මෙරට යුද්ධය අවස්න වීමත්, 2004 දෙසැම්බර් 26 වනදා සුනාමි ව්‍යසනයත් සිහිපත් වෙනවා. මේ සිදුවීම් දෙකේදී මාධ්‍ය ආවරණය සිදු වූ ආකාරය ගැන මාධ්‍ය පර්යේෂකයන් හා මාධ්‍යවේදීන් තවමත් වාද විවාද කරනවා. ඒ තරම් ම වාද විවාදයට ලක් වූ මහා ප්‍රවෘත්තියක් අදට හරියට වසර 10කට කලින් (2001) අමෙරිකාවේ නිව්යෝක් හා වොෂිංටන් නගරවල සිදු වුණා.

ඒ තමා අල්කයේඩා ත්‍රස්ත්‍රවාදීන් විසින් අමෙරිකාවේ වාණිජමය හා ආරක‍ෂක මර්මස්ථානවලට එල්ල කරන ලද සමෝධානිත ප්‍රහාරය. එදින උදේ මගී ගුවන්යානා 4ක් බලහත්කායෙන් අත්පත් කරගත් අල්කයේඩා පිරිසක් එයින් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානය (World Trade Centre, WTC) නම් ගොඩනැගිලි සංකීර්ණයේ ගැටීමට පියාසර කළා. තවත් එකක් එරට ආරක‍ෂක අමාත්‍යාංශය පිහිටි වොෂිංටනයේ පෙන්ටගන් සංකීර්ණයට කඩා වැටෙන්නට සැළැස් වූ අතර සිවුවැනි යානය ඉලක්කයක් කරා යාමෙන් වැළකුණේ එහි සිටි මගීන් (ජීවිත පූජාවෙන්) ගුවන්යානාවේ කොල්ලකරුවන් සමග ගැටුණු නිසායි. එය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෂැන්ක්ස්විල් ස්ථානයට කඩා වැටුණා.

පැය කිහිපයක් ඇතුළත රටවල් 70ක ජාතිකයන් 3,000ක් පමණ දෙනාට මරු කැදවූ මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා සමස්ත අමෙරිකාව පමණක් නොවෙයි මුළුමහත් ලෝකය ම භීතියෙන් ඇලලී ගියා. දරුණු කම්පාවට පත්වුණා. WTC ප්‍රහාරය මේ අතරින් වඩාත් බිහිසුණු වූ අතර, ඉන්ධන පිරවුණු ගුවන්යානා ගැටී ගිනි ගැනීම නිසා ඉතා සවිමත් සේ තැනුණු මහා ගොඩනැගිලි දෙක කෙටි කාලයක් තුළ දිය වී කඩා හැලූණා. එහිදී මියගිය 2,753 දෙනා අතරට උදවුවට එහි ගිය ගිනි නිවන භටයන් 343ක් හා පොලිස් නිලධාරීන් 60ක් ද සිටියා.

සැප්තැම්බර් 11 වනදා සිදු වූ නිසා මෙය කෙටියෙන් 9/11 ප්‍රහාරය කියා හදුන්වනවා. ස්ථාන ගණනක් පුරා විසිරුණු, පැය ගණනක් පුරා පැතිරුණු මෙබදු සිදුවීමක් ගැන මාධ්‍ය ආවරණය කරන්නේ කොහොමද? මේ අභියෝගයට අමෙරිකානු මාධ්‍යවේදීන් ප්‍රමුඛ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැලි ලොව පුරා මාධ්‍ය ආයතන එදා විවිධ ආකාරයෙන් මුහුණ දුන්නා. දශකයකට පසුව එම ප්‍රහාරය ගැන මෙනෙහි කරන අයට මතකයන් පණ ගන්වන්නට උපකාර වන්නේත් එදා සහ ඉනික්බිති එළඹුණු දින ගණනක් තිස්සේ මාධයවේදීන් වචනවලින්, රූපවලින් කළ ආවරණයන් හා විග්‍රහයන් තමයි.

අමෙරිකාවේ වාණිජමය වශයෙන් වඩා ම වැදගත් නගරය වන නිව්යෝක්හි බොහෝ මාධ්‍ය ආයතන මූලස්ථානගත වී හෝ ප්‍රමුඛපෙළේ කාර්යාල පිහිටුවා තිඛෙනවා. ලෝක ව්‍යාප්ත මාධ්‍ය ජාල රැසක් කාර්යාලත් එහි තිඛෙනවා. මේවායේ සේවයේ නියුතුව සිටි මාධ්‍යවේදීන්, තමන්ගේ ජීවිතාරක‍ෂාව ගැන නොබලා තම නගරයට එල්ල වූ ප්‍රහාරය විස්තරාත්මකව වාර්තා කළා. ලොව පුරා විසුරුණු බිලියනයකට අධික ටෙලිවිෂන් ප්‍රේක‍ෂකයන් සංඛ්‍යාවක් සජීව ලෙසින් මේ වාර්තාකරණය නැරඹුවා. තමන්ගේ නෑ හිතමිතුරන්ට අනතුරක් වී ඇත්දැයි දැන ගැනීමට පවා ඉස්පාසුවක් නැතිව තම ග්‍රාහකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කළ හැම මාධ්‍යවේදියකුට ම 9/11 ප්‍රහාරය ජන මනසේ සනිටුහන් කිරීම ගැන ප්‍රනාමය හිමි වෙනවා.

ප්‍රහාරය නිසා ඇතැම් මාධ්‍ය ආයතනවලට ද හානි සිදු වුණා. The Wall Street Journal පුවත්පතේ කාර්යාලය තිබුණේ ඇද හැළුණු WTC කුළුණු අසලයි. හදිසියේ ම ඔවුන්ට කාර්යාලය අත්හැර දමා සැතපුම් 50ක් දුරින් පිහිටි තැනකට යාමට සිදු වුණා. එහෙත් මාධ්‍යවේදීන් එතැන සිට හෝ තම නිවෙස්වල සිට හෝ දිගට ම පුවත්පත පළ කළා. අධික පීඩනයක් යටතේ වුව මැදහත් හා විස්තරාත්මක වාර්තාකරණයක යෙදීම ගැන (පුවත්පත් කලාවේ නොඛෙල් ත්‍යාගය වැනි) පුලිට්සර් සම්මානයක් එම කාර්ය මණ්ඩලයට පසුව පිරිනමනු ලැබුවා.

9/11 ප්‍රහාරය අනුස්මරණය කිරීමේ විවිධ සාමයික, ශාස්තී්‍රය හා වෘත්තිමය අවස්ථා මේ දිනවල අමෙරිකාවේ පැවැත්වෙනවා. ඒ අතරින් මාධ්‍ය ආවරණය මෙනෙහි කරන හොද ම උත්සාහය හැටියට මා දකින්නේ වොෂිංටන් අගනුවර පිහිටි මාධ්‍ය හා සන්නිවේදන කෞතුකාගාරයේ (Newseum) තිඛෙන 9/11 මාධ්‍ය ස්මාරකයයි. එහි ප්‍රදර්ශන ශාලාවක් පුරා විහිදෙන මේ ස්මාරකය මැද තිඛෙන්නේ එදා ත්‍රස්ත ප්‍රහාරය නිසා ගිනි ගෙන කඩා වැටුණු WTC උතුරු කුළුණේ ඉහළ රදවා තිබූ විද්්‍යුත් මාධ්‍ය විකාශන ඇන්ටෙනාවේ අඩි 31ක කොටසක්. එය වට කර ගෙන ඇත්තේ 9/11 ප්‍රහාරය ගැන අමෙරිකාවේ හා ලෝකයේ ඇතැම් පුවත්පත් සිය මුල්පිටුවලින් වාර්තා කළ ආකාරයයි.

පුවත්පත් කලාව ඉතිහාසයේ මුල් කෙටුම්පත් ලියනවා නම්, එහි හද ගැස්ම වඩාත් ම හසු කර ගන්නේ මුල් පිටු ඔස්සේයි. මහා ප්‍රවෘත්තියක් ගැන විවිධ පුවත්පත් මුල්පිටු වාර්තා කළ හැටි මෙසේ එක් තැන් කිරීම හොද ප්‍රදර්ශන උපක්‍රමයක්. එයින් අපේ බුද්ධියට හා හැගීම්වලට කළ හැකි බලපෑම පසුගියදා ඒ ප්‍රදර්ශනය නැරඹීමෙන් මා හොදාකාර අත් වින්දා.

බහු විධ පැතිකඩ ඇති සිදුවීමක් විවිධ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවිධාකාරයෙන් වාර්තාකිරීම ස්වාභාවිකයි. එහිදී සිදුවීමට වඩාත් සමීප පුවත්පත් වඩා ආවේගශීලීව වාර්තාකරන සැටිත්, කිලෝමීටර් දහස් ගණනක් ඈත සිට වඩාත් මැදහත්ව වාර්තා කළ සැටිත් අපට තේරුම් ගත හැකියි. 9/11 සිදුවීම වාර්තා කළ පුවත්පත් 127ක මුල් පිටු මේ ප්‍රදර්ශනයට ඇතුළත්. (එයින් සමහරක් එදින ම සවස්වරුවේ නිකුත් කළ විශේෂ මුද්‍රණ. අනෙක්වා පසුවදා.) අමෙරිකාවේ විවිධ ප්‍රාන්ත හා නගරවල පළ කැරෙන පුවත්පත් 93කත්, වෙනත් රටවල් පුවත්පත් 34කත් මුල්පිටු මේ ප්‍රදර්ශනයට යොදා ගෙන තිඛෙනවා. (ආසියාවෙන් ඇත්තේ ජපන් හා කොරියානු පුවත්පත් තුනක් පමණයි.)

පුවත්පත් කලාවේ එක් මූලික ආචාර ධර්මයක් නම් ප්‍රවෘත්ති වාර්තාකරණයේ කරුණු නිවැරදි හා සමබර විය යුතු අතර, මත දැක්වීම නිදහස් බවයි. මෙය ඉංග්‍රීසියෙන් කියන්නේ ‘Facts are sacred, but comment is free’. සාමාන්‍යයෙන් මුල්පිටු යොමු වන්නේ අළුත් ම තොරතුරු කැටි කැරුණු පුවත් වාර්තා කරන්න. එහෙත් සුවිශේෂී අවස්ථාවල පුවත්පතේ කතුවැකිය මුල් පිටුවට යෙදීමට කතුවරුන් තීරණය කරනවා. එහිදීත් එය කතුවැකියක් බව හොදින් හුවා දක්වනවා.

9/11 ප්‍රහාරය ගැන වාර්තා කිරීමේදී පුවත් හා මත දැක්වීම් අතර මේ ඛෙදීම ඇතැම් අමෙරිකානු පුවත්පත් අතින් ගිලිහී ගිය ආකාරය දැකිය හැකියි. ගිනි ගෙන දැවෙන හෝ කඩා වැටෙන උඔක‍ කුළුණුවල විශාල ප්‍රමාණයේ ඡායාරූප සමග ඇතැම් පුවත්පත් පොල්ගෙඩි අකුරින් හෙඩිම් පළ කළා. ‘Evil Acts!’ (අති දුෂ්ඨ ක්‍රියාවක්). ‘Bloody Terror!’ (ලේ හැලෙන භීතියක්). මුල්පිටු කිහිපයක හෙඩිම වූයේ ‘Act of War!’ හෙවත් යුද්ධමය ක්‍රියාවක් යන්නයි.

එවකට අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සැප්තැම්බර් 11 සවස ටෙලිවිෂනයෙන් ජාතිය අමතා කළ කථාවේ ඇතැම් යෙදුම් ද සමහර පුවත්පත් සිය ප්‍රධාන හෙඩිමට උධෘත ලෙසින් යොදා ගත්තා. වඩාත් ම ආවේගශීලී හෙඩිම ලෙස මා දකින්නේ සැන්ෆ්රැන්සිස්කෝ ඉක්සැමිනර් පත්‍රයේ පළ කළ ‘BASTARDS!’ එය ‘තක්කඩියො’ හැටියට අපට සිංහලෙන් අරුත් දිය හැකියි. මේ ප්‍රහාරයට වගකිව යුත්තේ කවුද යන්න ගැන එකහෙළා ම නම් කිරීමක් ජනාධිපතිවරයා නොකළත්, ඇතැම් මාධ්‍ය ඒ වන විටත් දොස් තැබීම පටන් ගෙන තිබුණා.

මේ ආවේගයන් අතරේ වඩා සන්සුන්ව තොරතුරු වාර්තා කළ හා විග්‍රහ කළ පුවත්පත් ද තිබුණා. ප්‍රහාරයේ මුව විට සිට ගෙනත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ වාර්තාකරණය එයට කදිම නිදසුනක්. ප්‍රහාරයේ ස්වරූපය, එහි ප්‍රතිඵල, විපතට පත් වූවන්ට සහන සැළසීමේ පියවර, ජනාධිපතිගේ කථාව වැනි පුවත් කිහිපයක් කැටිකර ගත් ඒ මුල් පිටුව රැගත් සැප්තැම්බර් 12 වනදා නිව්යෝක් ටයිම්ස් කලාපයේ පිටපත් හාර ලක‍ෂයක් අලෙවි වුණා. ප්‍රහාරයට ලක් වූ අනෙක් නගරයේ ප්‍රධාන පුවත්පත වන වොෂිංටන් පෝස්ට් ද එයට සමාන සංයමයක්, සමබරතාවයක් පෙන්නුම් කළා. කෙතරම් විද්්‍යුත් මාධ්‍ය වාර්තාකරණයක් පැවතියත්, වඩාත් විස්තරාත්මක විග්‍රහයන් සදහා අමෙරිකාව පුරා ජනයා පත්තර මිළට ගත් සැටි මේ ප්‍රදර්ශනයේ පුවරුවලින් කියා පානවා.

One incident, three different takes

මේ අතර යුරෝපයේ, මැදපෙරදිග හා ආසියාවේ පුවත්පත් මේ ප්‍රවෘත්තිය විවිධාකාරයෙන් වාර්තා කළා. ඒ ගැන නෙතග බැල්මක් මුල්පිටු තුළින් අපට ලද හැකියි. පුවත්පත් 127 අතරින් මුල් පිටුවට කිසිදු ඡායාරූපයක් අඩංගු නොකළ එක ම පුවත්පත ලෙබනනයේ. අන් හැමෙකක් ම ප්‍රහාරයේ ත්‍රාසජනක අවස්ථා වර්ණ හෝ කළුසුදු හෝ ඡායාරූපවලින් පෙන්නුම් කළා. ඒ අතරින් මගේ නෙත් ගන්නේ ලන්ඩන් ටයිම්ස් පත්‍රයේ නිමාවයි. 2001 සැප්තැම්බර් 12 එහි සමස්ත මුල්පිටුව හා අවසන් පිටුව පුරා ඇත්තේ දැවැන්ත තනි ඡායාරූපයක් පමණය‘. ගිනිගෙන දැවෙන නිව්යෝක් දුර සිට හසු කරගත් මේ ඡායාරූපයට උඩින් “10.02 a.m. September 11 2001” යන්න පමණක් මුද්‍රිතයි. විස්තරාත්මක වාර්තාකරණය ඇත්තේ ඇතුළු පිටුවලයි.

The Times London front page - 12 Sep 2001.jpg

මේ මට මුල්පිටුව හොදට මතකයි. ඒ දිනවල මා සිටියේ ලන්ඩන් නුවර. නිව්යෝක් නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීම ගැන පුවත ලන්ඩනයට මුලින් ලැඛෙන විට එදින පස්වරු 1.30 පමණ වන්නට ඇති. ටික වේලාවකින් සියළු ප්‍රවෘත්ති සේවාවන් මේ සිදුවීම වාර්තාකරණයට කැප කෙරුණා. සමහරක් ලන්ඩන් පුවත්පත් එදින සවස නිකුත් කළ විශේෂ මුද්‍රණ මා තවමත් සුරැකිව තබා ගෙන සිටිනවා.

පුවත්පතක මුල් පිටුව සැකසීමත් සුවිශේෂ කලාවක්. ඉදහිට පත්තර ලෑල්ලකින් පිටපතක් මිළට ගන්නා අහඹු පාඨකයන් ඇද ගන්නා අතර ම, නිතිපතා කියවන පාඨකයන්ගේ තොරතුරු පිපාසය සංසිදවන්නටත් මුල්පිටුව සමත් විය යුතුයි. ඉතිහාසය තමන්ගේ තීරණ ගැන කුමන ආකාරයකින් විග්‍රහ කරාවි ද යන්න සිතන්නට මුල් පිටුව සකසන කතුවරුන්ට හා මුද්‍රණ තාක‍ෂණ ශිල්පීන්ට වෙලාවක් නැහැ. නමුත් මහා ප්‍රවෘත්ති වාර්තාකරණයේදී හුදෙක් ඒ මොහොතට පමණක් නොව ඉතිහාසයටත් තොරතුරු සංරක‍ෂණය කිරීමක් මුල් පිටු හරහා නිරායාසයෙන් ම ඉටු කැරෙනවා.

මා දන්නා තරමට මුල් පිටු මාධ්‍යයක් හැටියට යොදා ගෙන ලංකාවේ කැරෙන ආවර්ජන ඉතා සීමිතයි. මුල්පිටු ඇතුළු යටගිය දවස පුවත්පත් බලන්නට අප ලේඛනාගාරයට යා යුතුයි. තනි මාධ්‍ය ආයතන තම තමන්ගේ ප්‍රකාශනවල මුල් පිටු ඇතැම්විට ආවර්ජනා සදහා යොදා ගත්තත්, තනි සිදුවීමක් මෙරට සියළු ම පුවත්පත් මුල් පිටු හරහා වාර්තා කළ ආකාරය හසු කර ගෙන නැහැ.

Newseum කෞතුකාගාරයේ මා ගත කළ දෙදින තුළ දුටු එක ම ලාංකික පුවත්පත 2004 දෙසැම්බර් 27 වනදා Daily Mirror මුල් පිටුවයි. සුනාමි විපත ආසියාතික පුවත්පත් වාර්තා කළ ආකාරයට එක් උදාහරණයක් හැටියට. භේදයකින් තොරව මුළු රට ම කම්පා කළ සලිත කළ සුනාමිය ගැන කල් ගත වී හෝ මාධ්‍ය ස්මාරකයක් බිහි කළ හැකි නම්, මුල් පිටුවලින් කළ වාර්තාකරණය එහි මුල් තැනක් ගන්නවා සිකුරුයි!

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 86 other followers

%d bloggers like this: